පොලිස් සේවයට අංශ 3ක ශක්තිය ඕනෑ

පොලිස් සේවාව පවත්වාගෙන යාමට නම් මහජනතාව, රාජ්‍යතන්ත්‍රය සහ පොලීසිය යන අංශ තුනම ශක්තිමත් විය යුතු බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම් හිටපු පොලිස්පතිවරයෙකු වූ ආචාර්ය මහින්ද බාලසූරිය මහතා පවසයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අද පෙරවරුවේ වැඩබාරගැනීමෙන් අනතුරුව පැවති උත්සවයට එක්වෙමින් ආචාර්ය මහින්ද බාලසූරිය මහතා මේ බව කියා සිටියේය.


මේ අතර මහජනතාවගේ පැමිණිලි බාරගැනීම සඳහා මහින්ද බාලසූරිය මහතා විසින් නව ෆැක්ස් අංකයක් ද මෙහිදි හඳුන්වාදෙනු ලැබීය.


ඒ අනුව 011 2 186 100 යන ෆැක්ස් අංකය ඔස්සේ මහජනතාවට මෙම අමාත්‍යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.



Post a Comment