බණ්ඩාරවෙලදී ලංගම බසය පෙරළී 33ට තුවාලයි

බණ්ඩාරවෙල, උඩමල්වත්ත ප්‍රදේශයේදී බසයක් පෙරළීමෙන් පුද්ගලයින් 33 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

ඇටම්පිටියේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ ලංගම බසයක් අද පෙරවරු 9.45ට පමණ ප‍ාරෙන් ඉවතට පැන මීටර් 15ක් පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇත.


ඒ වන විට බසයේ 40 දෙනෙකු පමණ සිට ඇති අතර තුවාල ලැබූ 33 දෙනෙකු බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.



Post a Comment