පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වලස්මුල්ල, මොරකන්දගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
හම්බන්තොට පුරාවස්තු ආරක්ෂණ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී පුජා භාණ්ඩ කිහිපයක් සහ කැණීම් සඳහා යොදාගත් උපකරණ තොගයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අද (19)වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment