ඌව පළාත් සභා ඡන්ද විමසීමේ දී ඡන්දය දීමට හිමිකම් ඇති ස්වකීය සේවා නියුක්තිකයින්ට නීත්‍යානුකූලව හිමිවන එම නිවාඩුව ලබාදෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවායෝජකයින්ගෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි.
එම සේවා නියුක්තිකයාගේ රැකියා ස්ථානය සහ ඡන්දපළ අතර ඇති දුර ප්‍රමාණය මත සේවායෝජකයා විසින් නිවාඩු කාල සීමාව තීරණය කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
පළාත් සභා ඡන්ද විමසීමේ පනතට අනුව සේවායෝජකයාගෙන් ඉල්ලීමක් කළ විට පැය 04කට නොඅඩු වැටුප් අහිමිවීමකින් තොර නිවාඩු කාලයක් අදාළ තැනැත්තාට ලබා දිය යුතුය.
එවැනි ඉල්ලීමක් පැහැර හරින සේවායෝජකයින්ට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
Post a Comment