කොළඹ දී පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂයන්හි ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම සඳහා ඔහු දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.
එම සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
මාලදිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළ දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර නේපාල විදේශ කටයුතු අමාත්‍යවරයා ද අද දිනයේ දිවයිනට පැමිණීමට නියමතය.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ නේපාල විදේශ කටයුතු අමාත්‍ය මහේන්ද්‍රා බහදුර් පාන්ඩේ අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිත බවයි.
නේපාලයේ පැවැත්වෙන 18 වන සාර්ක් සමුළුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනය කිරිම සඳහා නේපාල විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට පැමිණෙනු ඇත.
18 වන සාර්ක් සමුළුව ලබන නොවැම්බර් 22 වන දින නේපාලයේ දී ආරම්භ වෙයි.
Post a Comment