මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වා දෙන්නේ අපේක්ෂකයෙකු සඳහා දිස්ත්‍රික්කයකට එක් කාර්යාලයක් පමණක් තබා ගත හැකි බවයි.
ඊට අමතරව ඕනෑම පක්ෂයකට දිස්ත්‍රික්කය සඳහා එක් පක්ෂ කාර්යාලයක් තබා ගැනීම සඳහා ද අවසර හිමිව තිබේ.
අනෙක් සියලුම පක්ෂ කාර්යාල අද මධ්‍යම රාත්‍රී 12 ට පෙර ඉවත් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.
මේ අතර ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව ප්රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
ඒ අනුව අද දිනයේ ජන්ද විමසීමට අදාළ කිසිදු ප්රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
අද දිනය තුළ මැතිවරණයට අදාළ පෝස්ටර්, කටවුට්, බැනට් සහ සියලු සැරසිලි ඉවත් කළ යුතුය.
එසේ ඉවත් නොකරන සියලු සැරසිලි පොලිසිය මැදිහත්ව ඉවත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව ආරක්ෂක කටයුතු සඳහා අද දිනයේ සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වලට අදාළව අත්අඩංගුවට ගන්නා කිසිදු පුද්ගලයෙකුට ඇප ලබා නොදෙන බවයි.
Post a Comment