ව්‍යාජ පවුල් පසුබිම් වාර්තා සකස්කොට කාන්තාවන් විදේශ ගත කිරීමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
සැකකරු ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුත්තූර් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවයේ නිරතව සිටි සංවර්ධන සහකාර නිලධාරියෙකු බව වාර්තා වේ.
බාල වයස්කාර කුඩා දරුවන් සිටින සහ විදේශ ගත වීමට වයස ඉක්මවු කාන්තාවන් විශාල සංඛ්‍යාවක් ව්‍යාජ ලිපිලේඛන සකස්කොට ඔහු විසින් මේ වන විට විදේශ ගත කොට ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.
Post a Comment