ලංකා සතොස මගින් දේශීය ලොකු ලූනූ අස්වනු මිලදී ගැනීම ආරම්භ කර තිබේ.
ප්‍රමිතියෙන් යුත් ලොකු ලූනූ කිලෝවක් රුපියල් 60 ක සහතික මිලකට මිලදී ගන්නා බව සමුපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
සමුපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල, ගලේවෙල සහ දේවහුව යන ගොවිජන සේවා බල ප්‍රදේශවල මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනූ කිලෝවක ගැණුම් මිල රුපියල් 45 ත් 55 ත් අතර පැවතුනද ලංකා සතොස මගින් ගොවීන්ගෙන් සෘජුව රුපියල් 60 ක් වැනි මුදලකට ලබා ගත හැකි බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේය.
Post a Comment