බාලා තම්පෝ අද අවසන් ගමන්යයි

ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු වු අභාවප්‍රාප්ත බාලා තම්පෝ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05) පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සඳුදා බාලා තම්පෝ මහතා මියයන විට 92 වන වියේ පසුවුණි.


ඒ මහතාගේ දේහය කොල්ලුපිටිය, 22 වන පටුමගේ පිහිටි ලංකා වෙළෙඳ කාර්මික පොදු කම්කරු සංගමයේ ප්‍රධාන කාර්යාලයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.


ලංකා වෙළෙඳ කාර්මික පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් ද වෘත්තිය සමිති ක්‍රියාධරයෙකු වශයෙන් ද බාලා තම්පෝ මහතාගේ සේවාව මෙරට කම්කරු ජනතාවගේ ඉමහත් ඇගයීමට ලක්ව තිබේ.



Post a Comment