අජාසත්ත චිත්‍රපටයේ ෂූටින් යද්දී චන්දනගේ නර්තන කණ්ඩායම රිය අනතුරක

ඊයේ (23) මාවනැල්ල ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් ප්‍රවීණ නර්තනවේදී චන්දන වික්‍රමසිංහ මහතාගේ නර්තන කණ්ඩායමේ ශිල්පීන් රැසක් තුවාල ලබා ඇති බව පැවසේ. මෙම ශිල්පින් පිරිස ඊයේ උදෑසන 'අජාසත්ත' චිත්‍රපට යේ රූගත කිරීම පිණිස කොළඹින් පිටත්ව ගොස් තිබෙන අතර මාවනැල්ල ප්‍රදේශයේදී නුවර සිට කොළඹ බලා ආ ශ්‍රී ලංගම බස් රියක් එම වෑන් රථය හා මුහුණට මුහුණ ගැටීමෙන්
මෙම අනතුර සිදුව තිබේ.

වෑන් රථයේ රියදුරා ඉතා බරපතල තත්වයේ සිටින බවත්, තුවාල ලැබූ නර්තන ශිල්පී ශිල්පිණියන් කෑගල්ල සහ මහනුවර රෝහල් වලට ඇතුළත් කළ බවත් පැවසේ. නර්තන ශිල්පිණියන් දෙදෙනෙකුගේ තත්ත්වය මදක් බරපතල බවද වාර්තා වෙයි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment