ක්‍රිකට් ක්‍රීඩකයන්ට වැඩි ප්‍රසාද දීමනා

එළඹෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට හා 2015 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතර බෝනස් මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

එසේම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඒ සඳහා ක්‍රීඩා කළ කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 100000 ක තවත් ප්‍රසාද දීමනාවක් ගෙවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (13 දා) පැවැති සාකච්ඡාවකින් පසු තීරණය කර ඇත.

විධායක කමිටු රැස්වීමේදී පහත සඳහන් ගෙවීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ගෙවීමට තීරණය කර තිබේ.


පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය

තරගාවලියට සහභාගීවීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 500000 ක්

අවසන් තරගයට සුදුසුකම් ලැබුවොත් අමතර ඇමෙරිකානු ඩොලර් 250000 ක්

තරගාවලිය ජයග්‍රහණය කළහොත් තවත් ඇමෙරිකානු ඩොලර් 250000 ක්

එක්දින ලෝක කුසලාන තරගාවලිය

තරගාවලියට සහභාගීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 750000 ක්

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් අමතර ඇමෙරිකානු ඩොලර් 250000 ක්

අවසන් තරගයට සුදුසුකම් ලැබුවොත් අමතර ඇමෙරිකානු ඩොලර් 250000 ක්

තරගාවලිය ජයග්‍රහණය කළහොත් තවත් ඇමෙරිකානු ඩොලර් 750000ක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ කාන්තා කණ්ඩායමට කරන ගෙවීම්

අවසන් පූර්ව වටයට පිවිසියහොත් ඇමෙරිකානු ඩොලර් 50000 ක්

අවසන් තරගයට පිවිසියහොත් අමතර ඇමෙරිකානු ඩොලර් 25000ක්

අවසන් තරගය ජයගතහොත් අමතර ඇමෙරිකානු ඩොලර් 25000 ක්

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment