පන්නිපිටියේ අලි වධකාගාරයක්

හිංසාකාරී වන අයුරින් අලි ඇතුන් රඳවා ගැනීමේ සහ හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසින් පන්නිපිටිය, පැලැන්වත්ත ගැමුණු මාවත ප‍්‍රදේශයේ නිවසක් වැටලූ වනජීවි සංරක්ෂණ නිලධාරීන් විසින් එහි සිටි අස්ථි බිඳී තුවාල ලබා සිටින අලි පැටවකු අධිකරණයෙන් නියෝග ලබාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (13* පියවර ගත්තේ ය.

අලි ඇතුන් කුලියට සපයන බව සැලකෙන 'අලි රොෂාන්' නමැත්තාට අයත් බව කියන මෙම නිවසේ අලි 5දෙනකු සිටින බවට ලද තොරතුරක් මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඞී. ඉන්ද්‍රජිත් මහතා ප‍්‍රමුඛ පිරිසක් සහ පශු වෛද්‍යවරයකු හා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ එහි අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ද එහි පැමිණ සිටියහ. 

මෙම නිවස වැටලීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එම ගෙවත්ත තුළට ඇතුළුවීමට නිවැසියන් ඉඩනොදුන් අතර එතැන රැුඳී සිටි මාධ්‍යවේදීන්ට ගෙවත්තේ සිට ගල්මුල් ප‍්‍රහාර එල්ලවීම හේතුවෙන් ඊයේ සවස උණුසුම්කාරී තත්ත්වයක් ද ඇතිවිය.


නිවස වටලන අවස්ථාවේදී එහි සිට ඇත්තේ තුවාල ලබා සිටින එක් ඇත් පැටවකු පමණි. එම ඇත් පැටවා 2009 වසරේදී ලබාගත් බලපත‍්‍රයකට අනුව ඇති දැඩි කරන බවට නිවැසියන් පැවසුව ද අදාළ බලපත‍්‍රයට අනුව එවකට ඇත් පැටවාගේ උස අඩි 4යි අඟල් 1කි.

එම නිවසට ගිය පරිසරවේදීන්ට අනුව ආසියානු ඇත් පැටවකු වසරකට අඟල් තුනහමාරකින් උස යන බැවින් මේ වනවිට මෙම ඇත්පැටවා අඟල් 20ක් පමණ උස ඇතෙක් විය යුතුය. නමුත් කකුලක තුවාලයක් සහිතව ටිකිරි දළ වැඩෙමින් සිටි මෙම ඇත් පැටවාගේ එවැනි උසක් නොමැති අතර දැනට සිටින ඇත් පැටවා 2005 වසරේදී ඉපදී ඇති අඩි 4යි අඟල් 10ක් උසැති බව මෙහිදී වනජීවි අධ්‍යක්ෂවරයා පැවසීය.

ඇත් පැටවාගේ දකුණු කකුලේ අස්ථි බිඳී වණ වූ තුවාලයක් දැකගත හැකිවූ බව ඔහු සඳහන් කළේ ය. ඇත් පැටවා වෙනුවෙන් ඉදිරිපත් කොට ඇතැයි කියන බලපත‍්‍රය 'අලි රොෂාන්' හෙවත් එස්. රොෂාන් නමැත්තාගේ නමට නිකුත් කළ එකක් නොව ඔහුගේ බිරිඳගේ පියාගේ නමට නිකුත් කළ එකක් බව හෙතෙම කියා සිටියේ ය. එහෙත් පියා මෙම නිවසේ පදිංචිව නොසිටි බව ඇත්පැටවාගේ භාරකරුවන් ප‍්‍රකාශ කර තිබුණි. 

බලපත‍්‍රය නිකුත් කර තිබුණේ පන්නිපිටිය ගමගේ ජයලත් නමැත්තකුට ය. ඔහු මහරගම පුවක්පිටිය පන්සලේ දේවාලයේ හිටපු නන්ද කපු මහතා ලෙස ද වෘත්තියෙන් තැපැල්කරුවකු ලෙස සේවය කළ අයෙකි. මෙම කපු මහතා පන්සල සමග එක්ව මීට පෙර පෙරහර, උත්සව සඳහා අලි සපයා ඇති අතර පසුව දේවාලයෙන් ඉවත් වී තනිවම එම ස්ථානවලට මුදලට අලි සැපයීම සිදු කර ඇත.

මෙම අවස්ථාව ආවරණය සඳහා එහි ගොස් ගේට්ටුවෙන් පිටත සිටි මාධ්‍යවේදීන්ට ගෙවත්තේ සිටි සේවකයන් විසින් ගල්මුල්, වැලි ප‍්‍රහාර එල්ල කළ අතර එහිදී අර්බුදකාරී තත්ත්වයක් හටගැනිණ. මාධ්‍යවේදීන්ට මෙම ප‍්‍රහාර එල්ල කර තිබුණේ පිළියන්දල පොලිසියේ නිලධාරීන් ගෙවත්ත තුළ සිටියදී ය. ප‍්‍රහාරයෙන් මාධ්‍යවේදීන් දෙදෙනකු තුවාල ලැබූ අතර, වීඩියෝ පටිගතකරන උපකරණයකට ද දැඩි හානි සිදුවිය. මෙම අවස්ථාවේදී එ් අසලට පැමිණි මහරගම පොලිසියේ නිලධාරියෙක් ද එම සිද්ධිය දැක ආපසු හැරී ගියේය.

රොෂාන් නමැත්තාගේ නිවසට ගිය වනජීවී නිලධාරීන්ට එහි අලි ඇතුන් විශාල ප‍්‍රමාණයකට සිටිය හැකි තරම් ඉඩකඩක් පවතින අතර අලි කිහිපදෙනකු සිටි බවට ලකුණු දැකගත හැකිවී තිබේ. ඇත් පැටවා සිට ඇත්තේ නිවසට යාබද කුඩා කූඩුවක් වැනි ස්ථානයක ය. අලි ප‍්‍රවාහනය සඳහා යොදාගැනෙන විශාල ප‍්‍රමාණයේ ලොරි දෙකක් තිබී ඇති අතර, සේවකයන් 10 දෙනකු පමණ එහි සිටි බව වනජීවී අධ්‍යක්ෂවරයා පැවැසී ය. නිවස උස තාප්පයකින් වටවී ඇති අතර එහි උඩ කම්බි රවුම් දමා තිබේ. එ් අවට අසල්වැසියන් පැවසුවේ අලි කිහිප දෙනකු වරින් වර ලොරි මගින් ප‍්‍රවාහනය කරනු දක්නට ලැබුණු අතර අලි කිහිපදෙනකු කෑගසනු ඇසෙන බවත් රොෂාන් නමැත්තා අසල්වාසීන්ට හා ප‍්‍රදේශයට නිර්ලෝභීව උදව් කරන අයකු බැවින් කිසිවක් පැවසිය නොහැකි බවයි. එබැවින් මෙහිදී වෙනත් නිවසක සිට රොෂාන් නමැත්තාගේ ගෙවත්තේ ඡුායාරූප ගැනීමට ද අසල්වාසීන් ඉඩ දුන්නේ නැත. ඔහු ප‍්‍රදේශයේ උත්සව ආදියට ද වැඩි වශයෙන් උදව් කරන අයකු බැවින් නීතිය හමුවට යාමට කටයුතු නොකළ බව ද ප‍්‍රදේශවාසීහු පවසා ඇත.
වාර්තා වී ඇති සියලූ කරුණු අනුව එහි සිටි ඇත් පැටවා වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂවරයාගේ නියෝගය අනුව වනජීවී සංරක්ෂණ භාරයට ගැනීමට කටයුතු යොදා ඇති බව නිලධාරීහු පැවැසූහ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment