තිස්සමහාරාමයෙන් බිහි වූ 'මෙගා'ටෙලි නාට්‍ය නළුවකුගේ පියෙක් 30 හැවිරිදි එක්දරු මවක් දූෂණය කර තිබේ. අවුරුදු 60 ක් වයසැති සැකකරුවා තිස්සමහාරාම පොලිසිය විසින් 05 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
තිස්සමහාරාම කතරගම පාරේ සියඹලාගස්වැව පදිංචි වී මෙම කාන්තාව පසුගිය 5 දින උදේ 8.30 ට පමණ තම නිවස අසල ළඳු කැලෑවටදර කැඩීමට යාමේදී ඒ ආසන්න හේනක සිටි පුද්ගලයකු උල් පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කර එම ස්ථානයේදී තමා බලහත්කාරයෙන් දූෂණය කළ බවට තිස්සමහාරාම පොලීසියට පැමිණිලි කර ඇත. තම ස්වාමි පුරුෂයා කුලී වැඩට නිවසින් බැහැරව ගොස් සිටියදී 7 වියැති පුතු පාසැල් ඇරලවා තමා දර කැඩීමට තනිවම ගිය බවත්, එහිදී මෙම පුද්ගලයා විසින් උල් පිහියක් පෙන්වා තර්ජනය කර මෙම අතවරය සිදු කළ බවත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
සැකකරුවා දරුවන් 6 දෙනකුගේ පියකු බවත් වාර්තා වේ. සැකකරු 6 වැනි දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කරයි. අතවරයට පත් කාන්තාව මේ වන විට හම්බන්තොට මූලික රෝහලට ඇතුලත් කර ඇත.
මෙම සිද්ධිය සැලවීමත් සමග 5 දින රාත්‍රී නාඳුනන පිරිසක් විසින් අදාල සැකකරුගේ හේනේ තිබූ තාවකාලික නිවස සහ බඩු මුට්ටු ආදිය මුළුමනින්ම ගිනි තබා විනාශ කර ඇත. මේ අතර සැකකරුවාගේ එක් පුතෙකුට ද ස්ත්‍රි දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
මෙම නඩුවට සම්බන්ධ සැකකරුවා සිය සොහොයුරෙක් සමග අතවරයට ලක් වූ කාන්තාවගේ සැමියා හමු වී පැමිණිල්ල ඉල්ලා අස්කර නොගතහොත් මරා දමන බවට 06 වැනිදා තර්ජනය කර ඇත. ඒ සම්බන්ධයෙන් කාන්තාවගේ සැමියා 06 දහවල් තිස්සමහාරාම පොලිසියට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Put the internet to work for you.
Post a Comment