බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩු

පාකිස්‌තානයේ සිට මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 36 ක්‌ වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ 36 ක්‌ රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (07දා) පෙරවරුවේ ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

පාකිස්‌තානයේ කරච්චි නුවර සිට හාඩ්වෙයාර් භාණ්‌ඩ ගෙන්වන ලද කන්ටේනරයක්‌ තුළ බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක තිබී මෙම හොරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ ලෙස සැකසූ බෝල්ට්‌ ඇණ 304 ක්‌ තුළ ඉතා සූක්‍ෂම ආකාරයට මෙම හෙරොයින් අසුරා තිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නීති අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.මෙම කන්ටේනරය ගෙන්වූ නැව් ඒජන්තවරුන් දෙදෙනකු සහ වාප්පු කළමනාකරුවකුගෙන් මේ පිළිබඳව රේගුව ප්‍රශ්න කරගෙන යයි.

කොළඹ හෝටලයක නැවතී සිටින පාකිස්‌තානු ජාතිකයකුගේ නමට, කොල්ලුපිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයකට මේවා ගෙන්වා තිබිණි. පාකිස්‌තානු ජාතිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවද ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.

ඔහු මීට වසර දෙකකට පමණ පෙරදී මේ ආකාරයට භාණ්‌ඩ ගෙන්වා ඇතැයි රේගුව සිදු කරන පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇත.
එක්‌සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය විසින් ලබාදුන් තොරතුරු මත මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද ලෙස්‌ලි ගාමිණී මහතා කීය.

රේගු බුද්ධි අංශය, මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය, යුද හමුදාව, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය හා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය යන ආයතන ඒකාබද්ධව මේ පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විඡේවීර, රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ අධ්‍යක්‍ෂ කේ. ඩී, නිකලස්‌, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සිරිපාල එදිරිමාන්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි රේගු අධිකාරීවරුන් වන පරාක්‍රම බස්‌නායක, වසන්ත රන්දෙණිය, ඒ. ඒ. එස්‌. ජයකොඩි, ජී. බී. ඥානරාඡ්, ටිකසන් සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන උපුල් ඉන්ද්‍රජිත්, යූ. එන්. දුෂාන්ත, එච්. එම්. එන්. එස්‌. රාජගුරු, මැක්‌සි ප්‍රනාන්දු, සරත් තෙන්නකෝන්, සුරේෂ් ජයලත්, අජිත් කරුණාරත්න, මල්විට, වයි. එම්. එස්‌. කුමාර, ඩී. අජිත් යන නිලධාරීහු හා රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.

මේ සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා හෙරොයින් තොගය පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදීමට නියමිතය.

In another massive haul, close on 100 kilograms of heroin was detected last night by Customs Revenue Task Force (RTF) officers. It had been brought down from Pakistan and is believed to have a street value of around Rs.1.2 billion, official sources said.

The heroin was still being weighed by RTF officers at the time of going to press,.The detection was made last evening and weighing was begun at around 6.00pm yesterday.The heroin was found inside a 40-foot container which was to be cleared on the pretext that it contained hardware items.

The smugglers had made four holes in the corners of these hardware items and hidden the heroin inside and covered it with grease.The street value of one kilogram of heroin is between Rs.6.5 million and Rs.8.5 million.

On August 31st last year, the RTF under its former chief, Customs Director Mali Piyasena, detected 262 kilograms of heroin worth around Rs.2.5 billion.This was the largest ever heroin detection in South Asia. (Supun Dias)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment