සන්ධානෙ හැමෝම ජනාධිපතිගෙ පින්තූරෙ දානවා.. එජාපෙ එකෙක්වත් රනිල්ගෙ මූණ දාන්නෙ නෑ

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පින්තූරය මෙවර මැතිවරණයේ කිසිදු එජාප අපේක්‍ෂකයෙකු භාවිතා නොකරන බවත් ඔහුගේ සමීපතමයන් මෙවර මැතිවරණයට තරග කිරීම මගහැර ඇති බවත් හිටපු දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා පවසයි.

ගාල්ලේ පවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේද කීය.

'අද මේ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂ නායකයාගේ සමීපතමයන් කියන කවුරුත්ම තරග කරන්නේ නෑ. ගාල්ල දිස්ති‍්‍රක්කය ගත්තාම මේකේ දිස්ති‍්‍රක් නායකයා ලෙස ඉන්න වජිර අබේවර්ධන මහත්තයා තරග කරන්නේ නෑ. මාතර සාගල රත්නායක තරග කරන්නේ නෑ. හම්බන්තොට ආනන්ද කුලරත්න, කළුතර ලක්ෂ්මන් විජේමාන්න, කොළඹ සුනේත‍්‍රා රණසිංහ වගේ අය තරග කරන්නේ නෑ. 

එතකොට මෙන්න මේ වගේ තමන්ගේ ඉතාම හිතවත් උදවියට මේ ඡන්දේ ගැන විශ්වාසයක් නැත්නම් කොහොමද ඡන්දේ දිනන්නේ. මේ අය මේ ඡන්දය පරදින බව දන්න නිසයි මැතිවරණය තරග කිරීම මගහැර තියෙන්නේ.


ලස්සනම දේ තමයි ආණ්ඩුවේ සියලූම අපේක්ෂකයෝ මැතිවරණ පෝස්ටර් කටවුට් ගහලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ ඡයාරූපය දාලයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහගේ, කරු ජයසූරියගේ එහෙම නැත්නම් මංගල සමරවීරගේ පින්තූර දාලා කවුරුත් පෝස්ටර් ගහලා තියනවද? එහෙම පෝස්ටර් ගැහුවත් ඡන්දය දෙන්නේ නෑ කියලා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෝ දන්නවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයකුගේ කියලා දානවනම් දාලා තියෙන්නේ සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ විතරයි. මෙන්න මේ ඇත්ත අපි කවුරුත් තේරුම් ගත යුතු වෙනවා'

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment