ඇමති වෙල්ගම කාන්තාවන්ට කරන එක ගැන නැවතත් කියයි

ප්‍රවාහන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඊයේ විවාදයට ගත් අවස්ථාවේ රුහුණු කුමාරි, නයනා කුමාරි ආදී කුමාරිලාගේ නම් කෝච්චි වලට යෙදීම පිළිබඳව කතා බහක් ඇතිවුණා.

එහිදී කුමාර වෙල්ගම පැවසුවේ "තමන් හොඳ මිනිහෙක් නොවන බවත්, අඩි හයකට වඩා උස පුද්ගලයෙක් නිසා කාන්තාවන් තමන්ට කැමති බවත්, මම කරනවා වගේ අනිත් මංත්‍රීවරුත් කැමති නම් කරන එකයි තියෙන්නේ" යනුවෙනි.


ප්‍රශ්නය: ජනාධිපතිතුමා නම් මේ ප්‍රවාහන අමාත්‍යාංශය හරිම පුද්ගලයා බලලා දීලා තියනවා. උඩරට මැණිකේ, රජරට රැජින, සමුද්‍රදේවී, සාගරිකා, නයන කුමාරි,...ඉතින් මේ මැණිකෙලා, කුමාරිලා දේවිලා ජනාධිපතිතුමා හරිම පුද්ගලයා බලලා කැබිනට් එක දීලා තියෙන්නේ.

වෙල්ගම: ඔය කුමාරිලා ගන්න පුළුවන් නම් ගත්තුදෙන් ගන්න පුළුවන් අය. බැරි අය තමයි මේ විදිහට මේ දෝෂාරෝපනය කරන්නේ. මෙතන ඉන්න බොහෝ ගරු මංත්‍රීවරු බොහොම හොඳ අය නෙවෙයි, තමුන්නාන්සෙත් හොඳ මිනිහෙක් නෙවෙයිනේ. මගේ නොම්මරේ තමුන්නාන්සේ දන්නවා වගේම තමුන්නාන්සේගේ නොම්මරෙත් මම දන්නවා.

කතානායක තුමනි, මම අඩි 6කට වඩා උස මිනිහෙක්. සාමාන්‍යයෙන් කාන්තා පක්ෂය මට කැමතියි. මම මොනවා කරන්නද ඒකට? තමුන්නාන්සෙත් කැමති නම් කරන එකයි තියෙන්නේ....


ප්‍රශ්නය: සමහරු කියනවා මේ කෝච්චි ඉබේ ගමන් කරයි කිව්වම ඒවත් ඇමතිතුමාගේ ගමන් වගේලු.

වෙල්ගම: අපිත් පරීක්ෂා කරනවා මේක මේ අදුභූත බලවෙගයකින් ගියාද කියලා. අපිත් පොඩි කාලේ අහලා තියනවනේ ධවල මංදීරයේ ඒබ්‍රහම් ලින්කන් ඉන්නවා, පාර්ක් එකක හිට්ලර් ඉන්නව කියලා.

ප්‍රශ්නය: ප්‍රවාහන අමාත්‍යාංශයට ඔබතුමා එනවද?

වෙල්ගම: මම මැරුනට පස්සේ ඉන්න එක ඉන්නවාමයි.

ප්‍රශ්නය: දුම්රිය වල කාන්තාවන්ට අල්ලගන්න ආධාරකයක් නෑ. අපේ ඇමතිතුමා බොහොම ප්‍රසිද්ධයි කාන්තාවන්ට බොහොම ඉහලින් සලකන බොහොම ප්‍රේමනීය, වින්දනීය ඇමති කෙනෙක් විදිහට

වෙල්ගම: ඒක ඉතින් අපේ පස් දුන් කෝරලේ ලේ වල හැටි (ලේ තිබෙන තැනක් පෙන්වයි). මම ඉතින් සීයට සීයක් හොඳ කෙනෙක් නෙවෙයිනේ. මම එළි පිට කියනවා. තමුන්නාන්සේලා හොරෙන් කරනවා. ඒකයි ඕනේ වැරැද්ද

එම වීඩියෝව පහතින්.






-සම්බන්ධිත පුවත්-
ඇමති වෙල්ගමගේ මනමාල කතා
මම එළිපිට විනෝද වෙන මිනිහෙක් -ඇමති වෙල්ගම
මට කාන්තා කටයුතු ඇමතිකම ඕනෙමයි - වෙල්ගම
මගේ හොර ගෑණු ගැනත් අහන්නකෝ...- ඇමති වෙල්ගමගෙන් ඉල්ලීමක්
මගේ මනමාලකම ලේ වලින් එන දෙයක්- ඇමති වෙල්ගම
ඇමති වෙල්ගම කාන්තාවන්ට කරන එක ගැන නැවතත් කියයි

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment