අධිවේගයේ ගිය පාපැදිකරු

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට ඊයේ ඇතුළු වූ පාපැදියක් සීදූව මුදල් අයකරන ස්‌ථානය දක්‌වා ගමන් කර තිබේ.

කටුනායක පිවිසුමෙන් ඇතුළු වී සීදූව කරා ගමන් කලද පාපැදිය කිසිදු අනතුරකට පත්වී නැත.

මෙම පාපැදිය අධිවේගයට ඇතුළු කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් එම ස්‌ථානයේ රාජකාරි කළ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකුගේ සේවය මේ වනවිට අත්හිටවා ඇති අතර පාපැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.


යතුරුපැදි, ත්‍රීරෝද රථ, බයිසිකල්, කරත්ත අධිවේගී මාර්ගයට ඇතුලත් කිරීම තහනම් ය. එසේ තියදී මීට දින කිහිපයකට පෙරද අධිවේගී මාර්ගය ගමන් ගන්නා අතට නොව විරුද්ධ දිසාවට යතුරු පැදියක් ගමන් කරන ලදි.

නමුත් අධිවේගී මාර්ගයේ පැමිණි වෑන් රථයක ගැටීමෙන් එය අනතුරට පත්වූ අතර වෑන් රථ රියදුරා අධිවේගී මාර්ගයේ පාලන අධිකාරියෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් වන්දි ඉල්ලා තිබුණි.



-සම්බන්ධිත පුවත්-
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පළමු වරට යතුරුපැදි අනතුරක්!



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment