ඌවේ මංගල සැසිය අද ඇරඹේ

ඌව පළාත් සභාවේ මංගල සැසිවාරය අද රැස්වීමට නියමිතව තිබේ.

පසුගිය 20 වන දින පැවති ඌව පළාත් සභා ඡන්ද විමසීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 18ක් හිමිකර ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.


ඒ අනුව අද දිනයේ ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභාව රැස් වනු ඇත.


ඌව පළාත් සභාව රැස්වීමෙන් අනතුරුව සභාපතිවරයා, උප සභාපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කිරීම සිදුකිරීමට නියමිතය.


ඌව පළාත් සභාවේ අනෙක් අමාත්‍යවරුන් පත් කිරීම ඉදිරි සතිය තුළ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.



Post a Comment