ඌවේ ඡන්දෙට හෙට පාසල් වැසෙයි

ඌව පළාත් සභා මැතිවරණය හේතුවෙන් ඌව පළාතේ සියලු පාසල්වලට හෙට නිවාඩු ලබාදෙන බව ඌව පළාත් ආණ්ඩුකාර නන්දමැතිව් මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් කරන ලද ඉල්ලීමක් අනූව මෙම තීරණය ගත් බව හෙතෙම කියයි.


බදුල්ල දිස්ත්‍රීක්කයේ පාසල් 2ක් ඡන්ද ගණින මධ්‍යස්ථාන ලෙසත් බදුල්ල හා මොණරාගල සෙසු පාසල් ඡන්ද මධ්‍යස්ථාන ලෙසත්, එසේම ඇතැම් පාසල් මැතිවරණ නිලධාරීන්ගේ රාජකාරී යොදාගැනෙන බවත්, ඒ මහතා පවසයි.


හෙට දිනය පාසල් නොපැවැත්වීම නිසා ඒ වෙනුවට හිලව් දිනයක් පාසල පැවැත්වීමට යොදාගන්නා බවද ආණ්ඩුකාරවරයා කියයි.


දිස්ත්‍රීක්ක දෙකේ සියලු පාසල් සඳුදා යළි විවෘත කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කරයි.



Post a Comment