ආසියානු පක්ෂ සමුළුවට වයිකෝගේ විරෝධය

කොළඹ දී පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ සමුළුව සඳහා භාරතීය ජනතා පක්ෂ නියෝජිතයින් සහභාගීවීම පිළිබඳ ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝ විරෝධය පළකර තිබේ.

ඉන්දීය රජය විසින් අදාළ නියෝජිතයින් වහාම යළි ගෙන්වා ගත යුතු බව වයිකෝ ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය පුවත් සේවා උපුටා දක්වයි.


මුරලිදර් රාඕ සහ විජේ ජොලි යන භාරතීය ජනතා පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙදෙනා ආසියානු දේශපාලන පක්ෂ සමුළුව සහභාගී වී සිටියි.


ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන මෙම සමුළුවට භාරතීය ජනතා පක්ෂ සාමාජිකයින් සහභාගී වීම තමිල්නාඩු ජනතාව නොසළකා හැරීමක් බව එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝගේ අදහස වී තිබේ.


මේ අතර සමුළුව සඳහා සහභාගී වීමට පැමිණි භාරතීය ජනතා පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයින් වන මුරලිදර් රාඕ සහ විජේ ජොලි සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සමඟ හමුවක් පවත්වා ඇත.


කොළඹ දී මෙම හමුව පවත්වා ඇති බවත්,ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සහ ඉන්දු ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා වී ඇති බවත් සඳහන්ය.



Post a Comment