එම ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
ඌව පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට සහාය දෙමින් තම රාජකාරිය වගකීමෙන් ඉටු කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) රජයේ සියලූ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී. එසේම පොදු දේපළ අයථා පරිහරණයෙන් වැළකී මැතිවරණ නීති කඩ නොකරමින් රජයේ නිලධාරීන්ට තම රාජකාරී කටයුතු නිදහස්ව හා සාධාරණව ඉටුකිරීමට අවශ්‍ය පසුබිම සහතික කරන මෙන් ද තරඟ වැදී සිටින සියලූ දේශපාලන පක්ෂ වලින් (TISL) ආයතනය ඉල්ලා සිටී.
ඉදිරි ලබන 20 වනදා පැවැත්වෙන ඌව මැතිවරණය ස්වාධීනව පැවැත්වීම රාජ්‍ය නිලධාරීන්ගේ, අපේක්ෂකයන්ගේ මෙන්ම දේශපාලන පක්ෂවල ද වගකීමකි. රටක ප්රජාතන්ත්රවාද තහවුරුවීම සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර මහජනතාවගේ විශ්වාසය රැකෙන ආකාරයෙන් මැතිවරණ පවත්වමින් එම තත්ත්වය ආරක්ෂා කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ ද වගකීමක් වේ.
මෙවර ඌව මැතිවරණයේ දී බරපතළ ලෙස මැතිවරණ නීති කඩවීම් රැසක් දැනටමත් වාර්තා වී තිබේ. පහරදීම්, බියවැද්දීම් මෙන්ම රාජ්‍ය දේපළ අයථා පරිහරණය කිරීම් රැසක් ද ඊට ඇතුළත්ය.
මැතිවරණයක් පැවැත්වෙන වකවානුවක මැතිවරණ ඉලක්ක කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙන්ම රාජ්‍ය සම්පත් යොදා ගනිමින් මුදල් හා භාණ්ඩ ඡන්දදායකයන් අතර බෙදාදීමද මැතිවරණ නීතියට පටහැණිය. එහෙත් ජනාධිපතිවරයා මෙන්ම රජයේ මැති ඇමතිවරුන් තම බලය අයථා ලෙස යොදා ගනිමින් සංවර්ධන ව්‍යාපෘති හා සම්පත් බෙදාදීම් සිදු කරමින් සිටින ආකාරය මධ්‍යස්ථ මතධාරීන්ගේ දැඩි දෝෂාරෝපණයට හේතු වී තිබේ. මෙම වැරදි වැළැක්වීමට මැතිවරණ කොමසාරිස්වරයා ද අපොහොසත්වීම නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා විශ්වාසය මේ වන විටත් සෑහෙන මට්ටමකින් පහල බැස තිබේ.
ඌව පළාත් සභා මැතිවරණය ශ්‍රී ලාංකික මැතිවරණ ඉතිහාසයට කළු පැල්ලමක් සලකුණු කළ තවත් වයඹ පළාත් සභා මැතිවරණයක් බවට පත් නොකිරීම සියලූ පාර්ශවවල වගකීමකි. විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් හා නීතිය හා සාමය රැුකීම වෙනුවෙන් කැප වී සිටින පොලිස් නිලධාරීන් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නේ නම් මැතිවරණ අක්රමිකතාවල යෙදීමට ඇති ඉඩකඩ පාලනය කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කළ හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විශ්වාසයයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවෙමින් අවංකව රාජකාරිය ඉටු කිරීමට උත්සාහ දරන රාජ්‍ය නිලධාරියෙකුට යම් අසාධාරණයක් සිදු වුවහොත් ඒ වෙනුවෙන් නොමිලයේ නීති උපදෙස් සැපයීමට ද එවැනි නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමට ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සුසැරි සෙවන දූෂණයට එරෙහි නීති උපදේශන සේවය සුදානමින් සිටී. 0112 513313 දුරකථන අංකය හෝ help@tisrilanka.orgඔස්සේ අපගේ සුසැරි සෙවන හා සම්බන්ධ විය හැකිය.
Post a Comment