මේ වන විට ඌව පලාත් සභා ජන්ද විමසීමේ කටයුතු සාමකාමිව සිදුවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
අද(20) උදෑසන ජන්ද විමසීම ආරම්භවු අවස්ථාවේ පටන් මේ දක්වා බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා නොවන බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් ජන්ද දායකයින්ගෙන් ජන්දය ආයාචනය කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වන බව හෙතෙම පැවසුවේය.
බස් රථ යොදාගනිමින් සංවිධානාත්මකව ජන්ද දායකයින් ප්රවාහණය කිරීමට සැළසුම් කිරීමේ සිදුවීමක් බිබිල ප්රදේශයෙන් වාර්තා වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post a Comment