අපහාස උපහාස කිරීම සිරිතක් වෙලා

රටට විශාල සේවයක් කරන යුග වලදී එය හරි හැටි වටහා නොගෙන අපහාස උපහාස සිදු කිරීම සිරිතක් වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රට ගොඩනැඟීමට වත්මන් රජය දරණ උත්සාහය පිළිබඳ අවබෝධයක් නොමැති ඇතැමුන් ඊට චෝදනා එල්ල කරමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.


රටේ ගමන පිළිබඳ සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බව සඳහන් කළ ජනාධිපතිවරයා රට ගොඩනැඟීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් වූවක් බව කියා සිටියි.


ජාතිය නඟා සිටුවිය යුත්තේ තවත් ජාතියක් යටපත් කර නොවන අතර මඩ සහ අවලාද වලින් කිසිදා සංවර්ධනය හෝ ජාතික එකමුතුව ජයගත නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.


ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වන ජන්ම සංවත්සර උළෙලට සහභාගී වෙමින් අද (17) ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.


එහිදී තව දුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු වු අනගාරික ධර්මපාල තුමන් එදා සිදු කළ සේවය වටහා නොගත් පිරිස් එතුමාට ද දැඩි අපහාස උපහාස සිදු කළ බවයි.



Post a Comment