මස් පිණිස අලුත්ගමට ගවයින් රැගෙන ගිය ලොරියක් පිටුපස අද අළුයම හඹා ගිය නාගොඩ පොලීසියට එහි සිටි ගවයින් බේරාගැනීමට හැකි වුවත් ජාවාරම්කරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
නාගොඩ, තල්ගස්වල සිට අලුත්ගම බලා අද අළුයම 3ට පමණ මෙම ලොරිය ධාවනය වෙද්දී පොලීසිය ද ඒ පසු පස හඹා ගියේය.
ලොරියේ සිටි ජාවාරම්කරුවන්ට වළවල් සහිත මාර්ගයකදී ලොරිය අතහැර යාමට සිදුවූයේ තවදුරටත් පළායාම දුෂ්කර බැවිනි.
එහි සිටි ගවයින් 6 දෙනෙකු පොලීසිය විසින් බේරාගත් අතර ලොරිය පොලිස් බාරයට ගැනිණ.
කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් ගවයින් සොකරම් කර මහ රෑ ලොරිවලට පටවාගෙන යාම මොවුන් විසින් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය කියයි.
Post a Comment