වරෙන්තුකරුවන් 7යි - ඔක්කොම 14 යි

පුත්තලම පොලීසිය විසින් කරන ලද හදිසි සෝදිසියකදී අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 07 දෙනෙකු සහ වැටලීම් වලදී තවත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.

ඊයේ(18) රාත්‍රීයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.


විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලබා නිදහස් වී ගොස් නැවත අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබී ඇති බවත්,අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් 02 කුට විවෘත වරෙන්තු නිකුත් කර තිබී ඇති අතර 05 දෙනෙකුට දින වරෙන්තු නිකුත් කර තිබී ඇති බවත් අද දෙරණ වාර්තාකරු පවසයි.


එසේම සිදු කරන ලද වැටලීම් වලදී අලෙවි කිරීම සදහා නීති විරෝධී ලෙස නිපදවන ලද කසිප්පු ළග තබා ගෙන සිටි පුද්ගලයින් 02 කු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


ගංජා ළඟ තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකු කොට්ටුකච්චිය කිව්ල අංක 04 ප්‍රදේශයෙන්ද,හෙරෝයින් මත් කුඩු ළග තබා ගෙන සිටි පුද්ගයෙකු පුත්තලම මන්නරම මාර්ගයේදීද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ 03 ක් පොලීසිය විසින් තම බාරයට ගෙන ඇති අතර සැකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Post a Comment