ඥනසාර හිමිගෙන් සීඅයිඩී එක ප්‍රශ්න කරයි

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලදී ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේ (02 වැනිදා) දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට (සී. අයි. ඩී.) ගන්නා ලදී.

ඉහත කී ගැටුම්කාරී සිද්ධීන්වලට බොදුබල සේනා සංවිධානය සම්බන්ධ නම් තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස ඥානසාර හිමියන් විසින්ම රජයෙන් ඉල්ලීමක්‌ කර තිබිණි. (ඒ බව ඊයේ 2 දා "දිවයින" පත්‍රයේ මුල් පිටුවේම පළ විය.)

අලුත්ගම සහ බේරුවල නගරවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සඳහා මහ ජනතාව පෙළඹ වූ බවට බොදු බල සේනා සංවිධානය වෙත මීට පෙර

චෝදනා එල්ල වී තිබිණි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේය.

ඒ අනුව උන්වහන්සේ ඊයේ දහවල් 1.00 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියහ. පසුව ඥනසාර හිමියන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඊයේ සවස්‌ වනතුරුම ප්‍රශ්න කිරීමට කටයුතු කරන ලදී.

ප්‍රශ්න කිරීම්වලින් පසුව ඥනසාර හිමියන් මුදා හැරීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය.

අලුත්ගම සහ බේරුවල ඇතිවූ ගැටුම්කාරී සිදුවීම්වලට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ කවුදැයි යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment