නයි නළඟන දන්තුරේ නිරෝෂා මවක් වෙන්න ළඟයි

මීට වසර දෙකකට පමණ ඉහත දී මහත් ආන්දෝලනයකට පත් වූ චරිතයක් ලෙස සැලකූ නයි නළගන යන අන්වර්ථ නාමයෙන් හැදින් වූ තරුණිය කුළුදුල් දරු ප්‍රසූතිය සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පසුගිය (03)වන දා ඇතුළත් කැර තිබේ. 

දරු ප්‍රසූතියක් සදහා රෝහල් ගත කර ඇත්තේ දන්තුරේ නිරෝෂා විමලරත්නහෙවත් ඩිලානි හෙවත් නයි නළගන යනුවෙන් ප්‍රසිද්ධියට පත් වූ 27 හැවිරිදි තරුණ කාන්තාවයි.

ඇය බැලීමට පැමිණ බොහෝ දෙනෙකුට පවසා ඇත්තේ තමන් ළග සිටි නාගයා විහාරස්ථානයකට මුදා හැරි බවයි. ඇගේ ඇහි බැමක් ආසන්නයේ නාගයකුගේ රූපයක පච්චයක් කොටා තිබෙන අතර එය පැලැස්තරයකින්

වසා තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට අමතරව ඇගේ දකුණු අතේද නාගයෙකුගේ පච්චයක් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. බොහෝ දුරට (05)වන දා රාත්‍රිය වන විට නිරෝෂාට තම කුළුදුල් දරුවා ප්‍රසූත කිරීමට ඉඩකඩ තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරයි.

නයි නළගන යන අන්වර්ථ නාමයෙන් හදුන්වන නිරෝෂා මහත්මිය විස දළ ගැලැවූ නයකු සමග කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ සිටිය දී සැකපිට 2012 වසරේදී අගෝස්තු මස 29 වන දා අත්අඩංගුවට ගනු ලැබිය. අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව ඇය කොලඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment