කිසිම සිසුවෙක් දරුවා දියේ ගිලිලා අතුරුදන් වූවා කියලා කීවේ නැහැ...


නුවර වැවේ ගිලී 
මියගිය අරුණගේ 
පියා කියයි

අනුරාධපුරයේ පිහිටි නුවරවැවේ ගිලී අතුරුදන් වූ අනුරාධපුර වලිසිංහ හරිහ්චන්ද්‍ර විදුහ‍ලේ ඉගෙනුම ලැබූ සාමාන්‍ය පෙළ සිසුවාගේ සිරුර (03) වනදා උදේ පොලිස් ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන් විසින් ගොඩගනු ලැබුවා. 

අනුරාධපුර නුවර වැව තල්ගස්දූව තොටුපළේ නවතා තිබූ ඔරු කිහිපයක් දියඹට දියත් කර විනෝද වෙමින් සිටියදී පෙරළුණු ඔරුවකින් ගැඹුරු දියට වැටී අතුරු දන් වූ සිසුවාගේ සිරුර මෙසේ ‍පොලිස් ජීවිතාරක්ෂක අංශය සොයා ගනු ලැබුවා.

දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී සිටියදී සිරුර සොයා ගනු ලැබුවේ තුන්වන පියවර, පුබුදුපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටිව ලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනු ලැබූ 16 හැවිරිදි අරුණ දිලන්ත සෙනෙවිරත්න සිසුවායි.


මියගිය සිසුවාත් තවත් සිසුන් 13 දෙනෙකුත් දෙවන දා උදෑසන විදුහලට එන බව පවසා නිවසින් පිටත්ව ඇතත් ඔවුන් පසුව අනුරාධපුර නගරයේ පිහිටි නුවර වැවට පැමිණ තල්ගස්දූව තොටුපළේ නවතා තිබූ ධීවරයින්ගේ ඔරු 06ක් ධීවරයින්ගේ අවසරයක් නොමැතිව හොර රහසේ දියඹට දියත්
කර වැව මැදට යද්දි ඔරු කිහිපයම අනතුරට ලක් වී පෙරළී ඇති බව ‍පොලීසිය පවසයි.

වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ සිසුන් දෙදෙනකුත් අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ සිසුන් 14 දෙනකු පෙරළුණු ඔරුවල ගමන්කර තිබේ.


දෙවන දා උදෑසන 10.30ත් 11.30ත් අතර කාලයේදී මෙම අනතුර සිදු වී ඇති අතර මියගිය ශිෂ්‍යා වැවේ අතුරුදන් වීමත් සමග සිසුන් පිරිස ඔහු සොයා ඇතත් ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇත. 


සවස 1.30ට පමණ ඔරුවල හිමිකරුවන් පිරිස නැවත මාළු ඇල්ලීම සඳහා දියඹට යෑමට පැමිණි අවස්ථාවේ තොටුපළේ නවතා තිබූ ඔරු නොමැති වීම හේතුවෙන් ඒ බව අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියට දුරකථනයෙන් දැන්වීඹක් ද කර තිබේ. 

ඒ වන විටත් සිසුන් 05 දෙනකු පමණ දිය නාමින් එම ස්ථානයේ සිට ඇති අතර ‍පොලීසිය පැමිණ ඔවුන් ‍පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කළත් සිසුවෙකු දියේ ගිලීම සම්බන්ධයෙන් ‍පොලීසියට කිසිදු ප්‍රකාශයක් ලබා දී නොතිබුණි. දියේ ගිලීම පිළිබඳව ඉතා ඉක්මනින් ‍පොලීසියට දැන්වූයේ නම් සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබූ බව ‍පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම පවසයි.

මියගිය සිසුවා දියේ ගිලී අතුරුන් වූ බවට සිසුවෙකු සිද්ධිය සිදු වී පැය 06කට පඹණ පසුව මියගිය සිසුවාගේ පියාට පැවැසීම නිසා ‍පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ඔහු සොයා ගැනීම සඳහා නුවර වැවේ මෙහෙයුම් දියත් කළත්, රෑ බෝවී තිබූ නිසා එම මෙහෙයුම් අසාර්ථක විය. ‍


පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ට මියගිය සිසුවාගේ ‍පොත් බෑගය සහ පාසල් නිල ඇඳුමද පසුව නුවර වැව තොටුපළ ආසන්නයේ පඳුරක සගවා තිබියදී සොයා ගෙන තිබේ.

ඊයේ (3) උදෑසන සිසුවාගේ සිරුර සොයා ජීවිතාරක්ෂක නිලධාරීන් මෙහෙයුම් දියත් කළ අතර උදෑසන 8.10 පමණ සිසුවාගේ සිරුර නුවර වැවේ අඩි 12ක් පමණ ගැඹුරු ස්ථානයක තිබි සොයා ගැනීමට ‍පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමට හැකි විය. 


සිසුවාගේ සිරුර ගොඩගන්නා විට සිසුවාගේ පියා වූ විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර් වරයෙකු වන ආර්.බි.ඩී. සෙවිරත්න (48) මහතා ද එම ස්ථානයට පැමිණ සිටි අතර "පුතේ උඹ ආශ්‍රය කළේ යාළුවෝ නමෛයි මාරයෝ නැත්නම් උඹ වතුරේ ගිලුණට පස්සේ දාල යයි දැයි කියමින් හඬා වැටුණේය.

අප සමග අදහස් දැක්වූ විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර් ආර්.ඩී.බි. සෙනවිරත්න (48) මහතා මෙසේ පැවැසීය.


මිය ගිහිල්ලා ඉන්නේ මගේ වැඩිමහල් පුතා. ඊයේ (2) දා උදෑසන පාසල් යන්න ලෑස්ති වුණා. මට ළමයාගේ ක්‍රියා කලාපයෙන් යම් සැකයක් ඇති වුණා. පාසල් ‍පොත් බෑගයේ පාට ඇඳුමක්ද දාගෙන හිටියා. පාසල් යනවා කියලා ගියත් පසුව දැන ගැනීමට ලැබුණා චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා කියලා. 


ඒ නිසා මාත් බිරිඳත් සිනමා හලට ඇවිල්ලා පරීක්ෂා කරලා බැලුවා. නමුත් ඔහු හෝ මිතුරන් සොයා ගැනීමට නොහැකි වුණා. සවස 5.00 ට විතර දැන ගන්න ලැබුණා. මේ කට්ටිය නුවර වැවේ නාන්න ගිහිල්ලා කියලා. නමුත් ඊට සම්බන්ධ කිසිම සිසුවෙක් දරුවා දියේ ගිලිලා අතුරුදන් වූවා කියලා කීවේ නැහැ. 

එයාගේ යාළුවෙක් මට කෙටි පණිවුඩයක් එවලා තිබුණා එයා කුරුණෑගල ගියා කියලා. නමුත් මේ සිසුන් සියලු දෙනාම මගේ පුතා වැවේ ගිලිලා කියලා දැන දැනත් අපට කීවෙත් නැහැ. ‍පොලීසියට කිව්වෙත් නැහැ. සිද්ධියෙන් පසුව සිසුන් කිහිපදෙනකු අතිරේක පන්තිවලටත් ගිහිල්ලා තිබුණා. 

පුතා දියේ ගිලුණා කියලා මේගොල්ලන්ගේ කටින් දැනගත්තේ බොහොම අමාරුවෙන්. මේගොල්ලෝ සියලු දෙනාම ඒක වසං කළා. මගේ පුතා සුළු වැරැද්දක් කළාට කවදාවත් නරක වැඩ කරපු කෙනෙක් නෙමේ යැයි කියා පියා හඬා වැටෙමින් අප සමග පැවැසුවේය. 

අනුරාධපුර මූලස්ථාන ‍පොලිස් නිලධාරියෙකු පැවැසුවේ මෙම සිසුන් 14 දෙනා එක් වී මත්පැන් බෝතලයක් පානය කර විනෝද වීම සඳහා දියඹට ඔරු දියත් කර ඇති බවයි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment