චන්ද්‍රයා බිහි වුණේ මහා ගැටුමකින් ? විද්‍යාඥයන් නව මතයක් ඉදිරිපත් කරයි

අළුත්ම සාක්ෂියක් මගින් පෙන්වා දෙන්නේ අපේ චන්ද්‍රයා නිර්මානය වූයේ පෘථිවිය ග්‍රහකයක් ගැටීමෙන් බවයි. එය අදින් වසර බිලියන 4.5 කට පෙර සිදුව ඇත.

අභ්‍යවකාශගාමින් වසර පනහකට ආසන්න කාලයක් ඇපලෝ 11, 12, සහ16 සඳ ගමන් වලදී  හඳෙන් එකතු කරණ ලද  පාෂාණ වර්ග ජර්මානු විද්‍යාඥයින් විසින් අධ්‍යනය කරණු ලැබීය.

මොවුන් පවසන්නේ තීආ නැමැති  විශාල වස්තුවක් පෘථිවියේ ගැටීම මගින් හඳ ඇතිවූ බවයි. ඔවුන්ගේ මතය වන්නේ මේ ග්‍රහකය අඟහරු

තරම් විය හැකි බවයි. මෙම මතය යෝධ ගැටුමක  උපකල්පිතයක් බව හදුන්වා ඇත.

මෙම කල්පිතය මගින් ඉදිරිපත් කර ඇත්තේ පෘථිවිය සමග කෙලින්ම නොගැටුනු වෙනත් තාරකා විද්‍යාත්මක වස්තුවක ඉතිරිවූ සුන්බුන් මගින්  ආසන්න වශයෙන් වසර 4.5 කට පෙර චන්ද්‍රයා සැකසුනු බවයි.

මෙම ගැටුනු වස්තුව තීආ ලෙස හඳුන්වා ඇත. විද්‍යාඥයින් විසින් විවිධ වර්ගයේ අම්ලකර පරමාණු විශ්ලේෂණය කල අතර එවිට සොයාගෙන  ඇත්තේ හඳේ පාෂාණ පෘථිවියේ පාෂාණ වලට වඩා වෙනස් සංයෝග වලින් සැදුම් ලත් බවයි. 


මේ ගැටිම සම්බන්ධ කල්පිතයට හේතුව වී ඇත්තේ එම සංයෝග දක්වන වෙනස් ස්වභාවයයි. විද්‍යාඥයන් පවසන්නේ චන්ද්‍රයාගේ එම වස්තුවේ හා පෘථිවියේ සංයෝග සියයට 50ට 50 මිශ්‍රව ඇති බවයි.

බොහෝ මිනිසුන් විශ්වාස කරන්නේ යෝධ ඝට්ටන කල්පිතය බව යැයි මෙම අධ්‍යයනයේ ප්‍රධානි ජර්මනියේ ගොටින්ජන් හි ජෝර්ජ් ඕගස්ට් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යාඥ ඩැනියෙල් හර්වට්ස් පවසයි. 


මෙම අදහස විස්තර කිරිමට අවසන් බාධාව නිරාකරණය කළ බව ඩැනියෙල් පවසයි. මෙම අධ්‍යනය විද්‍යා ජර්නලයේ ප්‍රසිද්ධ කර තිබේ. 







 

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment