කාටත් අන්තර්ජාලය දෙන්න චන්ද්‍රිකා 180ක්

අභ්‍යාවකාශයට යැවෙන චන්ද්‍රිකා 180 ක් ආධාරයෙන් මුලූ ලොවටම අන්තර්ජාල පහසුකම ලබා දීමේ සැළසුමක් ක්‍රියාවට නැංවීමට ගූගල් සමාගම කටයුතු කරමින් සිටී.

අන්තර්ජාලය පහසුකම වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග ලොව සියලූ දෙනාට ලැබී ඇතැයි සිතිය හැකි මුත් තවමත් බිලියන 4.8 ක් පමණ දෙනාට අන්තර්ජාලය පරිහරණය කිරීමට පහසුකම් නොමැත.

ගූගල් සමාගම පවසන ආකාරයට මෙම ව්‍යාපෘතිය මගින් ලෝවැසි සියලූ දෙනාට අන්තර්ජාලය පරිහරණය කිරීමේ අවස්ථාව සැළසේ. අවශ්‍යතාවය අනුව අභ්‍යාවකාශයට යැවෙන චන්ද්‍රිකා ප්‍රමාණය වැඩි කිරීමටද නියමිතය.

මෙම චන්ද්‍රිකා සාමාන්‍ය චන්ද්‍රිකාවකට වඩා ප්‍රමාණයෙන් කුඩාය.තවද එම චන්ද්‍රිකාවක් පෘථීවියේ සිට අභ්‍යාවකාශයේ රදවා තිඛෙන දුරට වඩා අඩු

දුරක සිට පෘථීවිය වටා ගමන් කරන සේ රැදවෙනු ඇත.

සියලූ දෙනාට අන්තර්ජාල පහසුකම් ලබාදීම සදහා ගූගල් සමාගම තවත් ව්‍යාපෘතීන් දෙකක්ද දියත් කිරීමට සැළසුම් කර තිබේ.

ඉන් එකක් හීලියම් බැලුන ආධාරයෙන් ගුවනේ රැදවෙන සම්ප්‍රේෂක ආධාරයෙන් අන්තර්ජාල පහසුකම් ලබා දීමයි.මෙය ඇතැම් රටවල ළගා වීමට පවා අපහසු ප්‍රදේශයන් ඉලක්ක කර කි්‍රයාත්මක කිරීමට සැළසුම් කර ඇත.

අනෙක ගුවනේ රැදවෙන නියමුවන් රහිත ඩ්‍රෝන යානා අධාර කරගෙන අන්තර්ජාල පහසුකම් සැපැයීමයි.මේ වෙනුවෙන් නියමුවන් රහිත හා සූර්ය බලයෙන් කි්‍රයාත්මක වන ඩ්‍රෝන යානා නිපදවන සමාගමක් වන 'ටයිටන් එරෝස්පේස්' මිලයට ගැනීමටත් ගූගල් සමාගම පසුගිය සමයේ කටයුතු කළේය.

අන්තර්ජාල පහසුකම් සැළසීමට පොළව හාරමින්,රැහැන් එළමින් කරන වියදම් අධික සාම්ප්‍රදායක ක්‍රමවේදයන් වෙනුවට මෙවන් නව අදහස් ඉදිරිපත් වීම හොද ප්‍රවණතාවක් යැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

මේ අතර ෆේස්බුක් සමාජ ජාලයද ඩ්‍රෝන යානා ආධාරයෙන් ලෝකයේ දුෂ්කර ප්‍රදේශයන්ට අන්තර්ජාල සේවා සැපැයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment