අතුරුදන් වු ගුවන් යානය ගැන හෙලිදරව්වක් - Missing airliner 'changed course'

239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ සිටි චීන ජාතිකයෙකුගේ දුරකතනය කි‍්‍රයාත්මක වන බව නවතම විදෙස් වාර්තා ප‍්‍රකාශ කරයි. ඔහුගේ පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කර ඇත්තේ එක් වරක් එය සම්බන්ධ වූවත්, පසුව ක්ෂණිකව ඇමතුම විසන්ධි වූ බවයි.

අතුරුදන් වු මෙම මැලේසියානු ගුවන් යානය මලක්කා සමුද්‍ර සන්‍ධිය දෙසට ගමන් කර ඇති බවට රේඩාර් පද්ධතියේ සටහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මැලේසියානු ආරක්‍ෂක අංශ විසින් රොයිටර් පුවත් සේවය වෙත මේ බව අනාවරණ කර ඇත.මේ අතර මැලේසියානු ගුවන් යානය අතුරුදන් වී ටික වේලාවකට පසු වියට්නාම අහසේ කිසියම් කැබලි කිහිපයක් දුටු බව කැතේ පැසිෆික් සමාගම නවතම වාර්තාවක් මගින් ප‍්‍රකාශ කර තිබේ.

මැලේසියානු යානය අනතුරට පත්වු පසුගිය 08 වැනි සෙනසුරාදා අළුයම 03ට පමණ මෙම කැබලි ඉහල අහසේ දී දුටු බව ප‍්‍රකාශ කර තිබෙන්නේ හොංකොං හී කැතේ පැසිෆික් ගුවන් සමාගමට අයත් යානාවක සිටි කාර්ය මණ්ඩලය විසිනි.


විවිධ ප‍්‍රමාණයේ කැබලි කිහිපයක් එදින අළුයම 03ට පමණ තමන් දුටු බව අදාල කැතේ පැසිෆික් යානයේ කාර්ය මණ්ඩලය සඳහන් කර ඇතැයි මැලේසියානු සිවිල් ගුවන් සේවා නිලධාරීන් ඊයේ තහවුරු කළේය.

කැතේ පැසිෆික් යානාව එම අවස්ථාවේ හොංකොං සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් දක්වා පියාසර කරමින් තිබී ඇත.

එම ප‍්‍රකාශයත් සමග චීන රජය විසින් තමන්ට අයත් චන්ද්‍රිකා 10ක් ඔස්සේ අදාල ප‍්‍රදේශයේ ඡායාරූප පරික්‍ෂා කිරීම ආරම්භ කර ඇතැයි ''චයිනා මෝර්නිං පෝස්ට් '' පුවත්පත වාර්තා කරයි.

මේ අතර යානයට කිසියම් අනතුරක් සිදුවුයේ නම් එහි සුන්බුන් අද වන විට වියට්නාම් වෙරලට ගසාගෙන එනු ඇතැයි පවතින සැකය මත එම ප‍්‍රදේශවලද සෝදිසි මෙහෙයුම් පෙරවරුවේ ආරම්භ කර තිබේ.

මේ වන විට ගුවන් යානා 40ක් සහ නෞකා 35ක් අදාල මුහුදු සීමාවේ නිරික්‍ෂණ කටයුතුවල නිරත වේ.

අතුරුදන් වු යානාවේ ව්‍යාජ ගමන් බලපත‍්‍ර දෙකක් සමග සිටි බව තහවුරු කර ගත් ගුවන් මගීන් දෙදෙනා ත‍්‍රස්තවාදීන් හෝ එවැනි සංවිධානයකට සම්බන්ධ නොවන බව මැලේසියානු ගුවන් බලධාරීන් ඊයේ තහවුරු කළේය.
Military radar suggests the missing Malaysia Airlines plane turned west, away from its planned route, before vanishing, Malaysia's air force says.Flight MH370 from Kuala Lumpur to Beijing went missing on Saturday, after taking off with 239 people on board.

The international search for any wreckage has been widened.Earlier, it emerged two men travelling on stolen passports on board the plane were Iranians with no apparent links to terrorist groups, officials said.There are reports that the plane veered from its route and reached the Malacca Strait, west of Malaysia.The Malaysian authorities initially said flight MH370 disappeared about an hour after it took off from Kuala Lumpur International Airport, as it flew over the South China Sea, south of Vietnam's Ca Mau peninsula.

No distress signal or message was sent, but it is believed the plane attempted to turn back, perhaps towards Kuala Lumpur.Officials still do not know what went wrong with the aircraft.None of the debris and oil slicks spotted in the South China Sea or Malacca Strait so far have proved to be linked to the disappearance.

In the US, CIA Director John Brennan said the possibility of a terror link could not be ruled out. But he said "no claims of responsibility" over the missing jet had "been confirmed or corroborated"."Clearly this is still a mystery, which is very disturbing," he said at the Council on Foreign Relations think-tank.

Two-thirds of the passengers on board the plane were Chinese. Some were from a range of other Asian countries, North America or Europe.

Relatives have expressed frustration at the lack of information about the plane's fate.

At least 40 ships and 34 aircraft are taking part in the search in the seas off Vietnam and Malaysia.

Search teams from Australia, China, Thailand, Indonesia, Singapore, Vietnam, Philippines, New Zealand and the US are assisting in the operation on both sides of the Malay Peninsula.

(BBC News)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment