වැසිකිළියේ බිහිකළ බිළිඳාගේ සහ මවගේ ජීවිත බේරාගත් සෞඛ්‍ය සේවිකාව මෙන්න.

අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇල ප්‍රදේශයේ පැවැති මාතෘ සායනයකදී වැසිකිළියක බිළිඳෙකු බිහි කළ මවකගේ හා බිහි වූ බිළිඳාගේ ජීවිත බේරා ගැනීමට මාතෘ සායනය පැවැත් වූ ප්‍රධාන පවුල් සෞඛ්‍ය ‍සේවා නිලධාරිනිය ඇතුළු තිදෙනෙකුට හැකි වී ඇත.

අනුරාධපුර ශ්‍රාවස්තිපුර පහේ ඇළ ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි වසන්තා කහවිට මහත්මිය අද (14) උදෑසන පහේ ඇල ප්‍රදේශයේ පැවැති මාතෘ සායනයට පැමිණ ඇත.


එහි පැමිණි ඇය යම් අපහසුතාවයකින් පෙළෙන අයුරු දුටු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් බිම ඇතිරිල්ලක් එලා සුළු වේලාවක් හාන්සි වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇත.

ටික වේලාවකට පසුව එම ස්ථානයෙන් රෝගි කත අතුරුදන් වී ඇති බව දුටු පවුල් සෞඛ්‍ය ස්වා නිලධාරිනිය වහාම ඇය සොයා ඇති අතර සායනයට පැමිණ සිටි තවත් මව්වරුන් කිහිප දෙනෙකු ඇය වැසිකිලියට යන්නට ඇති බව පවසා ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වු පවුල් සොඛ්‍ය සේවා නිලධාරිනිය වැසිකියට ගොස් බලද්දී බිළිඳාගේ මව වැසිකිලියේ

බිත්තියක් අල්ලා ගෙන ඉතා අපහසුවෙන් සිටින අයුරු දැක තිබේ.

නිලධාරිනිය වහාම ඇය පරික්ෂාවට ලක් කරද්දී කුස තුළ සිටි දරුවා අඩක් ප්‍රසූත කර තිබෙන අයුරු දැක නිලධාරිනිය සමග එම සායනයට පැමිණී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදෙනෙකුද එක් කරගෙන දරුවාව සායනය තුළ ප්‍රසූත කිරීමට මවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දී ඇත.


දරුවා ප්‍රසූත කළ වහාම අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ත්‍රීරෝද රථයකින් පිටත් කර හැරීමට නිලධාරිනියන් කටයුතු කර තිබේ. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයටද දුරකථනය මගින් දන්වා ඇත.

යම් හෙයකින් දරුවා වැසිකිළිය තුළ බිහිවී බිම ඇද වැටුනේ නම් දරුවාගේ ජීවිතයද කෙළෙවර වීමට ඉඩ තිබූ අතර මෙම නිලධාරිනියන් මව්වරුන් පිළිබඳ සැළකිලිමත් වීම නිසා ජීවිත දෙකක් බේරා ගැනීමට හැකිවිය.

දරුවාගේත් මවගේත් ජීවිත බේරාගැනීමට අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යායේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි චන්දිමා දිල්හානි මහත්මියට හැකියාව ලැබී ඇති අතර ඒ සඳහා පවුල් සෞඛ්‍යෙ සේවා නිලධාරිනීයන් වන ශ්‍යාමලි පෙරේරා මහත්මිය හා කේ.අමරාවතී මහත්මිය සහයෝගය ලබා දී ඇත. දරුවාත් මවත් දහවල් වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ 22වාට්ටුවේ නිරෝගීව සිටින අයුරු අප හට දැක ගත හැකි විය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment