යානය සොයා ඉන්දීය සාගර මෙහෙයුම් - සාර්ථක පිළිතුරක් නැ

පසුගිය සෙනුසරාදා ()7) සිට අතුරුදන් වූ මැලේසියා එයාලයින් ගුවන් සමාගමට අයත් M.H. 370යානය සොයා සිදුකරන මෙහෙයුම් මේ වනවිට ඉන්දියානු සාගර කලාපය දක්වා පුළුල් කොට තිබේ.

ඇමරිකානු සහය ද මෙම ගවේෂණයට ලැබී ඇත. මෙම මෙහෙයුම සඳහා මලේසියායානු රජයේ ඉල්ලීම මත ඉන්දීය නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ සහය ද ලැබී තිබේ. මගීන් 239 දෙනකු සමග අතුරුදන් වූ මෙම යානය සොයා
දැවැන්ත මෙහෙයුම් දියත් වී ඇතත් මෙතෙක් කිසිම සාර්ථක පිළිතුරක් ලැබී නැත. 

යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වීමෙන් පසු පැය හතරක කාලයක් ගමන් කර ඇතැයි පැවසෙන අතර ත්‍රස්තවාදි කල්ලියක් විසින් යානය පැහැරගත් බවට තොරතුරු කිසිවක් මෙතෙක් අනාවරණය වී නැත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

Post a Comment