දිනකට ලංකාවේ කතුන් 10ක් දූෂණය වෙනවා

103 වැනි අන්තර්ජාතික කාන්තා දිනය උත්සවශ්‍රීයෙන් ශ්‍රී ලංකාවේ සැමරෙන මොහොත වන විට රටේ දිනකට කාන්තාවන් දස දෙනා බැගින් දූෂණයට ලක් වන බව අයිතීන් උදෙසා කාන්තාවෝ පවසති. 

පාර්ලිමේන්තු වාර්තාවලට අනුව පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කුමන හෝ අපයෝජනයකට කාන්තාවන් සියයට 90ක් දෙනා ගොදුරු වන බව 'අයිතීන් උදෙසා කාන්තාවෝ' සංවිධානයේ සම සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය පැවැසුවාය.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරයා වරක් පාර්ලිමේන්තුවේදී පසුගිය වසර තුනේදී ළමා අපයෝජන 18,000ක් වාර්තා වූ බව පැවැසූ අතර එම ප්‍රකාශයට අදාළව 1,414ක් ළමයින් අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට වන බවත් ගුණසිංහ මහත්මිය පැවැසුවාය. ළමා අපයෝජනය කළ පුද්ගලයන්ට දණ්ඩනීති සංග්‍රහයට අනුව දඬුවම් හිමිවිය යුතු වුවත් ඒවා කිසිසේත්ම ක්‍රියාත්මක නොවන බවද අෑ ප්‍රකාශ කළාය.

ආණ්ඩුවේ කුඩු එතනෝල් ගෙන්වීමේ සිදුවීම් හරහා වක්‍රව බේබදුකම, සල්ලාලකම රටේ ව්‍යාප්තව ඇති අතර ගෘහස්ථ හිංසනයද ඉහළ ගොස් ඇති බවත් දැරිවියන් පියා, සහෝදරයා, භාරකරු වැනි සමීපතමයන්ගෙන් අපයෝජනයට ලක්වීමද ඉහළ ගොස් ඇති බවත් ගුණසිංහ මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment