ගැහැණුන්ට හඳට වුණත් යන්න පුලුවන්- Geetha Kumarasinghe

"ගාල්ලේ මහ ඇමැති අපේක්ෂක මම"
"දකුණු පළාත් සභාවෙන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ මහ ඇමැතිකමට මම තරග කරනවා. කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නෑ.හඳට යන්න වුණත් හැකියි. ඕනෑම අභියෝගයක් භාරගෙන පිළිවලට, පියකරුව, පැහැදිළිව සිදු කරන්න හැකියාවක් කාන්තාවට තියෙනවා"ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.

'දකුණු පළාතේ රෝහල්වල අද ලෙඞ්ඩු නෑ. ඉන්නේ කම්කරුවෝ සහ සේවකයෝ. පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ හිතවත්කම මතයි සෞඛ්‍ය සේවා කම්කරු රස්සා දෙන්නේ.ඒ නිසා තමයි මම කියන්නේ දකුණු පළාතේ රෝහල්වල දැන් රෝගින්ට වඩා සිටින්නේ කම්කරු සෞඛ්‍ය සේවකයන් කියලා.ඒ අයගේ හිතවතුන්ට රස්සා දීලා හොරෙන් ජන්ද ටික බා ගන්නවා.

මම කැමැතිම වුණේ නැහැ පළාත් සභාවට ජන්දය ඉල්ලන්න. මම කැමැති නෑ පළා බබෙක් වෙන්න. නමුත් ජනාධිපතිතුමා කීවා ඔන්න අවස්ථාවක් තියෙනවා. යන්න ගිහිල්ලා පළාත් සභාවේ වැඩ කරන්න.ජන්දය ඉල්ලන්න කියලා. මහ ඇමැති නියෝජිත අපේක්ෂකයා වශයෙන් ඉල්ලන්න මට දැන් අවස්ථාවක් ලැබිලා තියනවා.' යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment