එතෆෝන් නම් අධික විස පලතුරුවල තවරලා"
ශරීරයට බරපතළ ලෙස අහිතකර බලපෑම් ඇති කරන 'එතෆෝන්' නමැති රසායනික ද්‍රව්‍ය භාවිත කැර පලතුරු ඉදවා පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට සූදානම් කැර තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා පලතුරු කිලෝග්‍රෑම් හැත්තෑ පන්දහසක් පිටකොටුව මැනිං වෙළෙඳ පොළෙන් සොයා ගත් පාරිභෝගික අධිකාරිය ඒවා විනාශ කිරීමට පියවර ගෙන තිබේ.
දේශීය සහ විදෙස් රටවලින් ගෙන්වන ලද මෙම පලතුරු තොග කොළඹ පමණක් නොව පිටස්තර පළාත්වල වෙළෙඳුන් හරහාද අලෙවි කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසයි.
පාරිභෝගික අධිකාරිය මඟින් මේ දිනවල පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය පිළිබඳ වැටලීම් සිදුකරමින් යන අතරතුර මෙම රසායනික ද්‍රව්‍ය සෘජුවම පලතුරුවලට තවරා ඒවා ඉදවීමේ ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.
එතෆෝන් රසායනික ද්‍රව්‍ය පලතුරු ඉදවීමට යොදවන්නේ ඒවා මිලිලීටර් එකක් ජලය මිලිලීටර් 1කට මිශ්‍රකැර හුණු ග්‍රෑම් 100ක් ජලය මිලිලීටර් එකක් මිශ්‍ර කැර මෙම ද්‍රාවණ දෙකම එකට කලවම් කැර වායු හුවමාරු නොවන බඳුනක බහා ගැනීමෙනි. එහෙත් මෙම රසායනික ද්‍රව්‍ය සෘජුවම පලතුරුවලට ඉසීම බරපතළ හානිකර ප්‍රතිඵල ගෙන දෙන්නක් වී ඇත.

එම මෙහෙයුම් මෙම උත්සව සමයේදී තවත් වැඩි කැර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නීතිවිරෝධී ජාවාරම කොටුකැර ගැනීමට පාරිභෝගික අධිකාරියට හැකි විය.
.
Put the internet to work for you.
Post a Comment