අද සිට හැමෝටම පාර්ලිමේන්තු යන්න අවස්ථාව

මහජනයාට පාර්ලිමේන්තුව නැරමීම සඳහා මෙතෙක් ක‍්‍රියාත්මක වූ පෙර දැනුම් දීමක් කර ලබා ගත් අවසරයකින් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීම සඳහා වූ ක‍්‍රමවේදය අද සිට අහෝසි කරන බව කතා නායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව ඕනෑම අයෙකුට පෙර අවසරයකින් තොව පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවස්තාව හිමිවෙයි.

කෙසේ වෙතත් පුද්ගලික වාහන පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු කිරීමට අවස්ථාව නොලැබෙන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිට ජයන්තිපුර රථ ගාල දක්වා නොමිලයේ යොදවන බස් සේවයක් ක‍්‍රියාක්මකය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment