අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් වුයේ ආණමඩුව බංගදෙණිය ප‍්‍රදේශයේ පදිංචි දරුවෙකු බව වාර්තාවෙයි.
දියේ ගිලිණු දරුවා බේරා ගැනීමට තවත් පුද්ගලයන් දෙදෙනෙකු උත්සාහ දරා ඇතත් එම උත්සාහය අසාර්ථක වී ඇති බව සඳහන්ය.
අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්‍ෂයට පත් වුයේ ආණමඩුව බංගදෙණිය ප‍්‍රදේශයේ පදිංචි දරුවෙකු බව වාර්තාවෙයි.
දියේ ගිලිණු දරුවා බේරා ගැනීමට තවත් පුද්ගලයන් දෙදෙනෙකු උත්සාහ දරා ඇතත් එම උත්සාහය අසාර්ථක වී ඇති බව සඳහන්ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පවසා ඇත්තේ එවැන්නකට තිබූ තහංචි ඉවත්කිරීමක් ගැන නොව ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට බාධාවක් නොමැති බව යයි හෙතෙම අද දෙරණට කියා සිටියේය.
තමාගෙන් මේ පිළිබඳ වාචික ප්‍රශ්න කිරීම් පාර්ලිමේන්තුවේදී සිදුකළ බවත්,ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කළ හැකිද යන ප්‍රශ්නයට තමා පිළිතුරු දුන්නේ 'ඔව්'යන්නෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එය දැක්වෙන්නේ කොහේදැයි විමසන ලදුව තමාදුන් පිළිතුර වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද්‍රවිඩ භාෂා පිටපතේ එය දැක්වෙන බවත්,මෙතුවක් කාලයක් ගැටළුවක් නොවී එය සිදුවුණු බවත් යයි ඔහු පෙන්වාදුන්නේය.
අදටද උතුරු නැගෙනහිර පළාත්වල මෙන්ම කොළඹ දිස්ත්‍රීක්කයේ පවා දෙමළ මාධ්‍ය පාසල්වල ජාතික ගීය ගායනා කරනු ලබන්නේ ද්‍රවිඩ භාෂාවෙන් බවත්,ද්‍රවිඩ භාෂාව භාවිතා කරන බහුතරයක් වෙසෙන ප්‍රදේශවලට එය භාවිතා කළ හැකි බව ව්‍යවස්ථාවේ සඳහන් කරුණු සමග සැසඳෙන බවත්,මෙය අනවශ්‍ය ප්‍රශ්නයක් නැවත ඉස්මතු කිරීමක් බවත් නානයක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එම සංගමයේ සභාපති නිශාන්ත ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට යොමු කළ ලිපියකින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
එහි මෙසේද සඳහන්ය.
විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ පාලන සමය තුළ සේවක ප‍්‍රතිපාදනයේ පවා නොමැති තනතුරක් ඇතිකර අලෙවි සංවර්ධන නිලධාරින් ලෙස 40 කට අධික පිරිසක් අප සංස්ථාව නමින් බඳවාගෙන තිබු අතර ඔවුන් කිසිඳු සංස්ථා වැඩබිමක හෝ කාර්යාලයක සේවය නොකළ බවද වාර්ථා විය.
ඔවුන් අතර ප‍්‍රාදේශීය දේශපාලනඥයන් කිහිපදෙනෙකු සිටි බවද වාර්ථාවන අතර සංස්ථා වැඩබිමක හෝ කාර්යාලයක සේවයේ නොයෙදී සිටියදී 2010 සැප්තැම්බර් මස සිට 2014 දෙසැම්බර් මාසය දක්වා වසර 4 කුත් මාස 4 ක කාලයක් තුළ වැටුප් ලෙස පමණක් ඔවුන් වෙත ගෙවා ඇති මුදල රුපියල් කෝටි 5 කට අධික බව පෙනීගොස් ඇත.
මෙලෙස සේවක ප‍්‍රතිපාදනයේ නොමැති තනතුරක් වෙනුවෙන් 40 කට අධික පිරිසක් බඳවා ගෙන ඔවුන් වෙත වැටුප් ලෙස පමණක් රුපියල් කෝටි 5 කට අධික මුදලක් ගෙවීම් කිරීමෙන් බරපතළ මූල්‍ය වංචාවක් සිදුකොට ඇති බව අපගේ හැඟීමයි.
එබැවින්, නීත්‍යානුකූල නොවන තනතුරක් ඇතිකර පිටස්තර පුද්ගලයින්ගේ නම් සංස්ථාවේ වැටුප් ලේඛන වලට ඇතුළත් කර වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පූර්ණ හා විධිමත් පරික්‍ෂණයක් සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ හරහා එම වංචනික ක‍්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයින්ට හා පාර්ශව වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත් අප සංගමය ඔබතුමන්ගේ ඉල්ලා සිටින්නෙමු.
කිරි තේ එකක මිල රුපියල් 25ක්ද, තේ එකක මිල රුපියල් 10ක්ද, ආප්පයක මිල රුපියල් 10ක්ද වශයෙන් අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය ආපන ශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.
ආපන ශාලා හිමියන්ගේ සංගමය සමග පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළ බව එම අධිකාරිය කියයි.
එහිදී ආපනශාලා හිමියන්ගේ සංගමය අදාළ ඉල්ලීමට එකඟ වූ බවත්, ඒ අනූව ඉහත මිල ගණන් යටතේ අද සිට පාරිභෝගික ජනතාවට සහන ලබාදෙන ලෙස සියලුම ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින බවත්, පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පසුගිය අතුරු අය වැයෙන් ලබාදුන් සහන අනූව මෙම මිල ගණන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය එම ඉල්ලීම කර තිබේ.
දඹුල්ල, කණ්ඩලම ප්‍රදේශයේ නිවසක රඳවා සිටි අලි පැටවකු දඹුල්ල පොලිසිය අද (20) සොයාගෙන තිබේ.
එහිදී ව්‍යාජ ලිපිලේඛන සමග පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත බව දඹුල්ල පොලිසිය කියයි.
මෙම අලිපැටවා දැනට බන්ධනාගාර ගතව සිටින අලි රොෂාන් නමැති අය පළාත් සභා මන්ත්‍රීවරයකුට අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.
මෙම අලි පැටියා අවරුදු 5ක් පමණ වයස බවද පොලිසිය කියයි .
පලාලි,අර්ලාලෙයි ශ්‍රී මුරුගන් මහාවිද්‍යාලයේ ජල ටැංකියට වස මිශ්‍රවීමෙන් එම විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස රෝගාතුරුවී ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.
එම ජල ටැංකියේ තිබී කුඩා වස බෝතලයක්ද හමුවී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.
සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසන නමුත් සිසුන් තිදෙනෙකු සිහිමඳ තත්ත්වයක් පෙන්නුම් කරන බව කියැවෙයි.
හෙරෝයින් මත් කුඩු ළඟ තබා ගෙන සිටි බව කියන සැකකරුවන් 05 දෙනෙකු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (18) වෙන්නප්පුව නගරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ළග හෙරෝයින් මත් කුඩු මිලි ග්‍රෑම් 20 බැගින් තිබී ඇත.
ඔවුන් වෙන්නප්පුව - උල්හිටියාව,මැද නයිනමඩම සහ මාරවිල - හොරගොල්ල පදිංචිකරුවන්ය.
අනෙක් සැකකරුවන් දෙදෙනා සතුව හෙරෝයින් මිලි ග්‍රෑම් 15 බැගින් තිබී ඇත.
ඔවුන් මාරවිල - කටුනේරිය සහ කොස්වාඩියේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
සැකකරුවන් අධික ලෙස හෙරෝයින් මත් කුඩු පානය කිරීමට ඇබ්බැහිවී සිටි අය බවට පොලීසිය හඳුනා ගෙන ඇත.
සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.