කුරුණෑගල හෝටලයක පරිප්පු හොද්දේ හූනෙක්‌

හූනකු සිටි පරිප්පු ව්‍යංජනයක්‌ පරාට සමග ආහාරයට දුන් හෝටල් හිමිකරු කුරණෑගල අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලද අතර නැවත නඩු විභාගය අද (04 දා) පැවැත්වීමට කුරණෑගල අතිsරේක මහෙස්‌ත්‍රාත් ගාමිණී පෙරේරා මහතා නියෝග කළේය.

ඊයේ (03 දා) පෙරවරුවේ කුරුණෑගල නගරයේ පිහිටි මෙම හෝටලයට පැමිණි එකම පවුලේ පිරිසක්‌ පාන්, පරාටේ සමග පරිප්පු ව්‍යංජනයක්‌

ඉල්ලූ විට හූනකු සිටි පරිප්පු ව්‍යංජනයක්‌ ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මව, පියා සහ දියණිය පරිප්පු ව්‍යංජනය රැගෙන කුරණෑගල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂක හමුවීමෙන් අනතුරුව ඔහු විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

IFTTT

Put the internet to work for you.

Turn off or edit this Recipe

Post a Comment