දකුණු පලාත් සභාවට හීන දකින අනර්කලී හා ගීතා

අනර්කලී ආකර්ෂා හා ගීතා කුමාරසිංහ මේ දවස් වල පුවත්පත් සාකච්ජා පවත්වමින් ඔවුන් දකුණු පලාත් සභාවට තරඟ වදින බව පවසමින් සිටී.

අනර්කලී තරඟවදින බව පැවසුවත් ගීතා නම් පවසන්නේ මහ ඇමති වන්නේ තමා බවයි.

අනර්කලී පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ මංත්‍රීවරයෙකු වන ක‍්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං එජනිස පැත්තට ආවොත් එයත් එක්කම ලබන ඡන්දෙටත් ඉල්ලන බවයි.

"පසුගිය පළාත් සභා මැතිවරණයත් ජයග‍්‍රහණය කළේ තනිගමනක ගිහින්. එළඹෙන මැතිවරණයේදිත් කාගේවත් සහායක් නැතිව තනි අශ්වයෙකු වගේ තරග වැදී ජයග‍්‍රහණය කිරීම මගේ අරමුණයි


කලාකාරිනියක් ලෙස ගීතා කුමාරසිංහ මහත්මිය මැතිවරණයට ඉදිරිපත් වුවත් ඇයගේ කටයුතු ඇය කරගෙන යාවි. මගේ කටයුතු මම තනිවම කරගෙන යනවා. ක‍්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්තරං) එජාප පළාත් සභා මන්ත‍්‍රිතුමා මගේ හොදම යාළුවෙක්. දේශපාලන පක්ෂ භේදයකින් තොරව මම ඔහු ඇසුරු කරනවා.

ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදි ඔහු පක්ෂය මාරුකර අපේ පැත්තට ආවොත් ඔහු සමග එකට එකතු වී මැතිවරණ ව්‍යාපාරය කරනවා
"

මේ අතර ගීතා කුමාරසිංහ ඉදිරි මැතිවරණය ගැන පවසන්නේ මෙවැන්නක්

"ලෝකයේ මම නොහිය රටවල් ඇත්තේ දෙක තුනක් විතරයි. මම ගිය එක රටක වත් පිනට බෙහෙත් සෞඛ්‍ය පහසුකම් වත්, මේ විදිහට ගමට ඇවිත් ප්‍රතිකාර ලබා දෙන ක්‍රමයක් වත් නෑ.

මම දේශපාලනයට ආවේ දේශපාලනය ව්‍යාපාරයක් කරගත් අයට අභියෝගයක් කරමිනුයි. මගේ කලා ජීවිතයත්, ව්‍යාපාර සේරමත් මේ වෙනුවෙන් අත හරින්න මට සිදු වුණා.

මට තියන ලොකුම අභියෝගය මේ පැත්තේ පාලම් දෙකක් සෑදීමයි. මේ ප්‍රදේශයේ මළ ගෙවල් දහයකට ගියොත් හුඟ දෙනෙක් මැරිලා තියෙන්නේ පිළිකා රෝගයකින් නැත්නම් වකුගඩු රෝගයකින්. මම ගෙදර යන්නේ ඇස් වල කඳුළු පුරවාගන.

දකුණෙ අමහ ඇමති වෙන්න මට පුළුවන්. ඒ සඳහා මට අයිතියක් තියනවා. "පැණි හැලියටනේ කූඹි වහන්නේ. මම කාන්තාවක් නිසා ඉතින් ආකර්ශනය වැඩියි. ජනතාව මා සමඟ ඉන්නවා. ඒක ස්මාහර අයට දිරවගන්න අමාරුයි.
"

අනර්කලී හා ගීතා පසුගිය පලාත් සභා මැතිවරණ වලට ඉදිරිපත්වූ අයුරු පහතින්.



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment