2013 සරාගීම ආසියානු කාන්තාව Katrina Kaif

2013 වසරේ සරාගීම ආසියානු කාන්තාව ලෙස බොලිවුඩ් රංගන ශිලිපිනි කත්රිනා කයිෆ් නම් කර තිබෙනවා. 
පසුගිය වසර 6ක් තුළ ම කත්රිනා මෙම ලැයිස්තුවේ පළමු තිදෙනා අතර සිටීම ද විශේෂත්වයක්. 

ප‍්‍රියංකා චොප්රා මෙහි දෙවන ස්ථානයට පත් ව සිටින අතර ද්‍රෂ්ති දාමි සහ දීපිකා පදුකෝන් පිළිවෙළින් තෙවන සහ සිව්වන ස්ථානයන්ට පත් ව සිටිනවා. බොලිවුඩ් නිළි ශ්‍රී දේවී සහ මධුරි ඩික්සිත් මෙම ලැයිස්තුවේ සිටින වයස්ගතම කාන්තාවන් දෙදෙනාය. 

ශ්‍රී දේවී එහි 40 වන ස්ථානයේ පසු වන අතර මධුරි ඩික්සිත් 23 වස ස්ථානයේ පසු වෙනවා. 

 එක්සත් රාජධානිය මූලස්ථානය කර ගත් ඊස්ටන් අයි නිව්ස්පේපර් (Eastern Eye Newspaper) ආයතනය විසින් ලෝක ප්‍රසිද්ධ සරාගීම ආසියානු කාන්තාවන් 50 දෙනාගේ ලැයිස්තුව වාර්ෂිකව නිකුත් කරනු ලබනවා.






IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment