කරණවෑමි පෙම්වතා දැරිය දූෂණය කරලා !

වයස අවුරුදු 11 වන බාල වයස්කාර පාසල් සිසුවියක් බදාදා (26) කැලෑවකට පැහැරගෙන ගොස් දූෂණය කළ බව කියන 21 හැවිරිදි කරණවෑමියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නවගත්තේගම පදිංචිකරුවෙකු වන අතර ඔහු නවගත්තේගම ප්‍රදේශයේම බාබර් සාප්පුවක් පවත්වාගෙන ගොස් ඇත. 

අතවරයට පත්ව ඇති දැරිවිය නවගත්තේගම ප්‍රදේශයේ පාසලක 06 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිට ඇත.ඇය පදිංචිව සිට ඇත්තේ නවගත්තේගම - කිරිමැටියාව ප්‍රදේශයේය. පාසල් යන අතර තුර දැරිය හා සැකකරු අතර ප්‍රේම සම්බන්ධතාවයක් හට ගෙන ඇත. 

දැරිවිය නිවසේ සිට පාසල දක්වා යමින් සිටින විට සැකකරු තමන්ට අයත් ත්‍රී රෝද රථයෙන් පැමිණ දැරිවියවද එහි නංවාගෙන නවගත්තේගම ප්‍රදේශයේ කැලෑවකට ගොස් එහිදී ඇයව දූෂණය කොට ඇත.

කැලෑව තුළ පාසල් දැරිවියක් තවත් අයෙකු සමග සිටිනවා දැක ඇති ඒ අසලින් ගමන් කළ අයෙකු විසින් මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත.ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය කැලෑව තුළදීම සැකකරුව සහ පාසල් සිසුවිය අත්අඩංගුවට ගෙන ඇත. පසුව පාසල් සිසුවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර පෙම්වතා තමාව කැලෑව තුළදී දුෂණය කළ බව අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

වැඩිපුර විටමින් ගන්නා පිරිමින්ටයි ! Some vitamin supplements raise risk of cancer in men, research shows

විටමින් සහ ඛනිජමය පරිපූරකවල බලපෑම් පිළිබඳ සිදුකළ පර්යේෂණයක දී විටමින සහ ඛනිජමය පරිපූරක දෙකක් පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම ඉහළ දමන බව පෙනී යාමත් සමඟ ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පිරිමින්ට අනතුරු ඇඟවී තිබේ.

ඛනිජමය සෙලීනියම් පරිපූරක වශයෙන් පමණ ඉක්මවා ලබාගැනීමේ දී එවැනි දරුණු පිළිකා අවදානමක් ඇතිවීමේ හැකියාව 91% කින් ඉහළ බව මෙහිදී හෙළිදරව් විය. විටමින් E පෙති, ගුලි ආදී වශයෙන් ලබාගැනීමේ දී ද පිළිකා අවදානම ඉහළ ගොස් ඇත්තේ සෙලීනියම් ඌනතාවයෙන් පෙළෙන්නන්ට වඩා දෙගුණයක අවදානමක් පෙන්නුම් කරමිනි.

සිරුර තුළ දී සෙලීනියම් විස සහිත ද්‍රව්‍යයක් බවට හැරීමේ ඉහළ හැකියාව විද්‍යාඥයෝ පිළිගනිති. ඒ සමඟම විටමින් E අධිමාත්‍රාවකින් ලබාගැනීම නිසා ඇතිවිය හැකි අහිතකර බලපෑම්වලට එරෙහිව යම් රැකවරණයක් ඛනිජ මගින් ලැබෙන බව ද පෙනී ගොස් තිබේ.විටමින් E සහ සෙලීනියම් සතුව පිළිකා නිවාරණ හැකියාවක් ඇති ද යන්න තහවුරු කරගැනීම සඳහා මේ පර්යේෂණය සිදුවූයේ අමෙරිකාවේ ය. ආරම්භයේ දී පිරිමින්, 35,000ක් ඊට සහභාගි කර ගත් අතර, පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම අවම කිරීමට පරිපූරකවලට ඇති හැකියාව පිළිබඳ සොයා බැලිණි.


එහෙත්, නියමිත කාලසීමාවට වඩා වසර 3කට පෙර එනම් 2008 වර්ෂයේ දී ඔවුන් මේ අත්හදාබැලීම නතර කළේ පිළිකා අවදානම අඩුකරනු වෙනුවට විටමින් E එම අවදානම විශාල ලෙස ඉහළ දමන බවත්, සෙලීනියම් මගින් ඇතිවන වාසිදායක බලපෑමක් නැති බවත් පෙනී ගිය බැවිනි.

සන්සන්දනාත්මකව, 1739 දෙනකුට පුරස්ථ ග්‍රන්ථිමය පිළිකා රෝග ලක්‍ෂණ ඇති බවද පිළිකා අවදානමක් නැති අය සමඟ සැසඳීමේ දී 3117 දෙනෙකු පරිපූරක නිසා ඇතිවිය හැකි වෙනත් උවදුරුවලින් යුතු බව ද හෙළිදරව් විය.

සියැට්ල්හි ෆෙ‍්‍රඩ් හඩ්සන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය ඇලන් ක්‍රිස්ට්ල් මේ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ ය. ඔහුට අනුව, මේ පරිපූරක වර්ග ජනපි‍්‍රය ය. එහෙත්, විශේෂයෙන් විටමින් E සතුව මුල් පෙළේ නිදන් ගත රෝග වැළැක්වීමට ඇති හැකියාව පිළිබඳ මෙතෙක් විශාල පරිමාණයේ, මනා ලෙස සැලසුම් කළ හා විධිමත් අධ්‍යයනයක් සිදුවී නොමැත.

"මෙවැනි පරිපූරක භාවිත කරන පිරිමින් එය නතර කළ යුතු කාලය ඇවිත්. අවදානම හැරුණු විට සෙලීනියම් හෝ විටමින් E පරිපූරක මගින් අත්කර දෙන ප්‍රතිලාබයක් නෑ..." වෛද්‍ය ක්‍රිස්ට්ල් අවධාරණය කරයි.

ඛනිජ ඌනතා නිසා සෙලීනියම් පරිපූරක වශයෙන් ලබාගන්නා පිරිමින්ට එමගින් ඇතිවන විශේෂ යහපතක් නැති බව මෙහි තේරුම ය. සිදුවන්නේ පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම විශාල ලෙස ඉහළ යාමයි.

පර්යේෂණය ආරම්භයේ දී සෙලීනියම් ඌනතාවයෙන් යුතු වූ පිරිමින්ට විටමින් E පරිපූරක නිසා ඇතිවූ පුරස්ථ ග්‍රන්ථි පිළිකාමය අවදානම 63%ක් විය. එය 111% තරම් ඉහළ ගිය බව ද පෙනිණි. එම පිළිකා රෝග ලක්‍ෂණ පෙන්නුම් කළ අය අතරින් 489 දෙනෙක් අධික මට්ටමින් එම ලක්‍ෂණ පළ කළේය.

වෛද්‍ය ක්‍රිස්ට්ල් පවසන පරිදි, ආහාරමය පරිපූරකවල ප්‍රතිලාභ පිළිබඳ බොහෝ දෙනා වැරැදි සහගත අන්දමින් වටහා ගනිති. එනම් ඔවුන් රැවටීමට ලක්වන ස්වභාවයක් පෙනෙන්නට තිබේ. "හුඟක් අය හිතන්නෙ ආහාරමය පරිපූරක අපට උපකාරී වන බව හෝ ඒවා මගින් ශරීරයට අහිතකර බලපෑමක් නැහැ කියලා... හැබැයි ඒක ඇත්ත නෙවෙයි. වෙනත් අධ්‍යයනවලිනුත් පෙනී ගිය පරිදි අපි දන්නවා අධි මාත්‍රාවකින් පරිපූරක ලබාගැනීමෙන් ඒ කියන්නේ මේ ඛනිජ වර්ගවල දෛනික අවශ්‍යතාව අංශුමාත්‍ර ප්‍රමාණයක් වන විට ඊට වඩා ඒවා ලබා ගැනීමෙන් පිළිකා අවදානම ඉහළ දමනවා..."

වෛද්‍ය ක්‍රිස්ට්ල් තවදුරටත් අවධාරණය කරන්නේ, බීටා කැරොටින් සහ ෆෝලේට් සම්බන්ධයෙන් අහඹු ලෙස, පිළිකා තත්ත්ව යටතේ සහ අනවබෝධයෙන් සිදුකළ පර්යේෂණවලදී ද මීට පෙර මේ පිළිබඳ ඔවුන් දැන සිටි බවයි. දැන්, විටමින් E සහ සෙලීනියම් ගැන දැනගැනීමටත් හැකි වී තිබේ.

අමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන වාරිකයේ නවතම කලාපයේ මේ විද්‍යාත්මක පර්යේෂණය පිළිබඳ තොරතුරු පළවී ඇත. එම තොරතුරු ඉදිරිපත් කරමින් විද්‍යාඥයෝ අවධාරණය කර සිටින්නේ, වයස අවුරුදු 55 ඉක්මවූ පිරිමින් නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා විටමින් E හෝ සෙලීනියම් ලබා නොගත යුතු බවයි.

මේ පර්යේෂණයේ දී ඊට සහභාගි කරගත් අයට දෛනිකව විටමින් E අන්තර් ජාතික ඒකක අනුව (IU) 400 ක් ද සෙලීනියම් මයික්‍රො ග්‍රෑම් 200ක් ද ලබාදෙන ලදී.

එක්සත් රාජධානියේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා පිළිබඳ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය මැතිව් හොබ්ස්ට අනුව, මේ පර්යේෂණ පත්‍රිකාව මගින් ඉදිරිපත් කර ඇති කාරණා පිළිබඳ සියලු පිරිමින්ට බලපාන පරිදි අවසන් නිගමනයකට එළැඹීම ඉතාමත් දුෂ්කර කාර්යයකි.

"දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල ගැන අපි සොයා බැලිය යුතුයි. විටමින් E හෝ සෙලීනියම් වල සමස්ත සෞඛ්‍යමය බලෑම ගැන එවැනි දත්ත අධ්‍යයනය කළ යුතුයි. එහෙත්, මේ අධ්‍යයනයෙන් පෙනෙන හැටියට මේවා මගින් පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම ඉහළ දැමීමේ සුළු හෝ අවදානමක් ඇත්නම් එය මේවා මගින් සෞඛ්‍යයට අත්කර දිය හැකි අනෙකුත් ප්‍රතිලාභවලට වඩා සැලකිල්ලට ලක්විය යුතුයි..." වෛද්‍ය මැතිව්ස් තවදුරටත් අවධාරණය කරන්නේ වැඩි අවධානය යොමුවිය යුත්තේ පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම දෙසට බවයි. "සෙලීනියම් හෝ විටමින් E ගැන කරදර වීමට වඩා පිරිමින් අවධානය යොමු කළ යුත්තේ පුරස්ථ ග්‍රන්ථි පිළිකා අවදානම ගැනයි.

ඒ නිසා විටමින් E හෝ සෙලීනියම් නියමිත මාත්‍රාව ඉක්මවා ලබා නොගැනීමට වගබලා ගත යුතුයි" මේ පර්යේෂණයෙන් ද අවධානය යොමු කෙරෙන පරිදි, ඊට සහභාගි වූවන්ට ලබාදී ඇත්තේ දෛනිකව විටමින් E අ.ජා. ඒකක 400ක් සහ සෙලීනියම් මයික්‍රොග්‍රෑම් 200 කි.


Men have been warned not to take a pair of popular vitamin and mineral supplements after research showed they can dramatically increase the risk of life-threatening prostate cancer.

Overdosing on the mineral selenium by taking supplements raised the chances of developing high-grade cancer by 91%, scientists found.

Vitamin E pills also boosted the risk of aggressive cancer, more than doubling it for men lacking selenium.

The researchers believe selenium can turn toxic when present in the body at excessively high levels.

At the same time, the mineral appeared to protect against the harmful effects of too much vitamin E.

The US study was a follow-up of Select, the selenium and vitamin E cancer prevention trial, which originally recruited more than 35,000 men to see if the supplements could help prevent prostate cancer.

Researchers stopped the trial three years early in 2008 after there were hints that instead of protecting men, vitamin E was putting them at greater risk, while selenium showed no benefit.

A subsequent comparison of 1,739 participants diagnosed with prostate cancer and 3,117 matched cancer-free individuals highlighted the supplement hazards.

Study leader Dr Alan Kristal, from the Fred Hutchinson Cancer Research Centre in Seattle, said: "These supplements are popular – especially vitamin E – although so far no large, well-designed and well-conducted study has shown any benefits for preventing major chronic disease.

"Men using these supplements should stop, period. Neither selenium nor vitamin E supplementation confers any known benefits, only risks."

Selenium supplements had no effect on men who started out lacking the mineral, but were harmful when added to baseline levels that were already high. For aggressive, high-grade cancers, the risk went up by 91%.

Among men with low selenium status at the start of the study, vitamin E supplements increased the overall risk of prostate cancer by 63% while the high-grade risk rose by 111%.

Of the men in the study who developed prostate cancer, 489 were diagnosed with high-grade disease.

Dr Kristal said people were often misled by the supposed benefits of dietary supplements.

"Many people think that dietary supplements are helpful or at the least innocuous," he said . "This is not true. We know from several other studies that some high-dose dietary supplements - that is, supplements that provide far more than the daily recommended intakes of micronutrients - increase cancer risk.

"We knew this based on randomised, controlled, double-blinded studies for folate and beta carotene, and now we know it for vitamin E and selenium."

The new findings appear in the latest edition of the Journal of the National Cancer Institute.

In their paper the scientists warn that "men aged greater than 55 should avoid supplementation with either vitamin E or selenium at doses that exceed recommended dietary intakes".

Men taking part in the research were given 400 international units (IU) of vitamin E a day and a selenium dose of 200 micrograms.

Dr Matthew Hobbs, deputy director of research at Prostate Cancer UK, said: "It is very difficult to draw any useful conclusions from this paper that would be applicable to all men. We would need to see data from much longer studies that look at the total health impact of selenium or vitamin E supplements before we could say if the small effects on the chance of getting prostate cancer suggested by this study outweigh any general benefits to health.

"If men are concerned about their prostate cancer risk, rather than worrying about selenium and vitamin E supplements, they should talk to a GP or visit our website to find out more information."

• This article was amended on 24 February 2014 to correct a quote from Dr Matthew Hobbs.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

පිටකොටුවෙන් අත්අඩංගුවට ගත් සූදුරුවල කාන්තාවන් වඳ කරන සතකුප්ප ! Cumin seeds found to be mixed with abortifacients

කාන්තාවන් වඳභාවයට පත්වීමට සෘජුවම බලපාන සතකුප්ප පිටකොටුවෙන් සොයාගන්නා ලද සූදුරු කිලෝ විසිදෙදහසක අඩංගු බව තාක්ෂණ පර්යේෂණ ආයතන වාර්තාවෙන් හෙළි වී තිබේ.

මේ වාර්තාව ඊයේ පිටවූ අවස්ථාවේ ම රටපුරා අලෙවි වන සූදුරු තොග කඩා වහාම පරීක්ෂාවට ලක් කරන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිබේ. පාකිස්තානයෙන් ආනයනය කරන ලද එම සූදුරු කිලෝ 22,000 පිටකොටුවේ තොග වෙළඳ සැල් ගණනාවකින් සොයාගනු ලැබුණි.

මෙම සුදුරු තොගයේ සතකුප්ප කිලෝ පන්දහසකට වැඩි ප්‍රමාණයක් අඩංගුව ඇතැයි විශ්වාස කෙරේ. එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකි. මෙම සතකුප්ප අඩංගු සූදුරු ආහාරයට ගැනීම නිසා නොදැනුවත්වම කාන්තාවන් වඳභාවයට පත්වීමත් ගැබිනි මවුවරුන්ගේ ගැබ විනාශ වීම සිදුවන බව ආයුර්වේද වෛද්‍යවරු පවසා ඇත.

මෙම ආනයනය කරන ලද ආනයනකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසයි.මේවා ආනයනය කළ ව්‍යාපාරිකයන්ගේ තරාතිරම නොබලා නීතිය ඉදිරියට පත් කර දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
-සබැදි පුවත්-
1. සිංහල කාන්තාවන් වඳ කරන්න බෙහෙතක් සූදුරුවලට කලවම්කර වෙළඳපලේ


The Consumer Affairs Authority (CAA) today recovered 22,000 kg. of cumin seeds which had been mixed with Sathakuppa seeds.Sathakuppa seeds are said to have a similar appearance cumin seeds but to have some adverse effects on pregnancy. The media spokesman for the Ministry of Cooperatives and Internal Trade, Nipun Ekanayake, quoting a report from an ayurveda expert, said Sathakuppa seeds caused abortions.

He said cumin seeds mixed with Sathakuppa seeds were found in several shops in Pettah.The ministry said the cumin seeds were imported from Pakistan.

Mr. Ekanayake said legal action would be taken against the importers of the cumin seeds as they had failed to carry out quality tests of the seeds before placing the order.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ලොවටම Wi-Fi Internet නොමිලේ....? Free Wi-Fi to entire world

චන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් මුළු ලොවටම නොමිලේ අන්තර්ජාල සේවා සැපයීමට ඇමෙරිකානු සමාගමක් සුදානම් වන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඇමෙරිකාවේ ලාභ නොලබන සංවිධානයක් වන මීඩියා ඩිවලප්මන්ට් ඉන්වෙස්මන්ට් ෆන්ඩ් (Media Development Investment Fund) මෙලෙස පාලනයකින් සහ වාරණයකින් තොරව නොමිලේ වයිෆයි පහසුකම සැපයීමට නිර්මාණය කරන සේවාව 'අවුටනෙට්' (Outernet) ලෙස හැඳින්වේ.

එම සංවිධානය බලාපොරොත්තුවන්නේ චන්ද්‍රිකා සිය ගණනක් අභ්‍යාවකාශගත කිරීම හරහා ජංගම දුරකථනයක් හෝ පරිඝනකයක් භාවිතා කරන ඕනෑම කෙනෙකුට අවශ්‍ය ආකාරයට අනතර්ජාලය පරිහරණය කිරීමේ අවස්ථාව ලබා දීමටයි.

ලොව මුළු ජනගහනයෙන් 40%කට පමණ අන්තර්ජාලය පරිහරණය කිරීමේ හැකියාව නොමැති බව පවසන එම සංවිධානය එම තත්වය උදාවී ඇත්තේ උතුරු කොරියාව වැනි දැඩි පාලනයක් සහිත රජයන් නිසා පමණක් නොව දුෂ්කර පළාත් වලට අදාළ සේවාව සැපයීමේදී වැයවන අධික මුදල නිසා බවද සඳන් කරයි.

A US company is planning to build an 'Outernet - a global network of cube satellites broadcasting Internet data to all the people on the planet - for free.

The idea is to offer free Internet access to all people, regardless of location, bypassing filtering or other means of censorship, according to the New York based non-profit organisation, Media Development Investment Fund (MDIF).

MDIF proposes that hundreds of cube satellites be built and launched to create a constellation of sorts in the sky, allowing anyone with a phone or computer to access Internet data sent to the satellites by several hundred ground stations.The organisation claims that 40 per cent of the people in the world today are still not able to connect to the Internet - and it's not just because of restrictive governments such as North Korea - it's also due to the high cost of bringing service to remote areas, 'phys.org' reported.

An Outernet would allow people from Siberia to parts of the western US to remote islands or villages in Africa to receive the same news as those in New York or Tokyo.

The Outernet would be one-way - data would flow from feeders to the satellites which would broadcast to all below.MDIF plans to add the ability to transmit from anywhere as well as soon as funds become available.

MDIF has acknowledged that building such a network would not be cheap. Such satellites typically run $100,000 to $300,000 to build and launch.The timeline for the project calls for deploying the initial cubesats as early as next summer.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

කටුපොතින් හමුවූ ටයර්සෑයෙන් අවසන් ගමන් ගිය පුද්ගලයාගේ තොරතුරු එළියට එයි


කටුපොත පාලමයට ටයර් සෑයක් මත දැවෙමින් තිබූ මළ සිරුර පිළිබඳ තොරතුරු එකින් එක මේ වනවිට අනාවරණය වෙමින් තිබෙන බව කටුපොත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පද්මකුමාර මහතා පවසයි. කුලියාපිටිය කොට්ඨාශයේ අපරාධ පරික්ෂණාගාර නිලධාරින් මෙම අභිරහස් ඝාතනයේ සුලමුල සොයා ගන්නට කටුපොත පොලිසියට සහය වෙමින් සිටී.

කොටාවිලකන්ද, වඳුරැස්සේගම හරහා කටුපොත මාර්ගයේ නෙලුවේගෙදර ආලෝක රජමහා විහාරස්ථානය අසල ඇල හරහා බැඳ තිබෙන පාලම යට ටයර් සෑයක් මත දැවෙමින් තිබූ මෙම මළ සිරුර කටුපොත පොලිසිය විසින් සෙයා ගන්නා ලද්දේ අඟහරුවාදා (25) පාන්දර 6.00 ට පමණය. ඒ ආලෝක රජමහා විහාරාධිපති කඹුරුදෙනියේ ඤානිස්සර හිමියන් දුරකථනයෙන් කළ දැනුම් දීමක් අනුවයි.

ටයර් සහ කුඹුක් ‍දැව මත දැවී තිබූ මළ සිරුර අසල තිබී මියගිය පුද්ගලයාගේ යැයි සැක කරන ජාතික හැඳුනුම්පතක කොටසක් හමු වී තිබේ. එහි ඡායාරූපය සහ අංකය තරමක් පැහැදිලිය. සෙසු කොටස් පිළිස්සී ගොසින් ය. එහි අංකය ජාතික හැඳුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර එමගින් ඝාතනයට ලක් වී සිටින පුද්ගලයාගේ අනන්‍යතාව අනාවරණය කර ගන්නට පියවරගත් බව කටුපොත පොලිස් ස්ථානාධිපති එස්.පද්මකුමාර මහතා පවසයි.


මියගිය පුද්ගලයාට අයත් යැයි විශ්වාස කරන පිළිස්සී ගිය ජංගම දුරකතනයක්, සරමක කොටස් ද අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් විසින් සොයා ගෙන ඇත. මළ සිරුරට නුදුරින් භූමිතෙල් සුවඳ වහනය වන ප්ලාස්ටික් බඳුනක් ද සොයා ගෙන ඇත. අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයා පිළිබඳ තොරතුරු බදාදා (26) දවස ඇතුලත අනාවරණය කර ගැනීම පොලිසියේ අරමුණ වී තිබේ. කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි ගාමිණී මීගහකුඹුර මහතාගේ උපදෙස් මත කටුපොත පොලිසිය පරික්ෂණ සිදු කරයි.

කේ.ඒ.ජයසූරිය - පඬුවස්නුවර

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ෆේස්බුක්වලට වැට නොබඳින බව ජනපති ‘ට්විටර්’ තුළින් කියයි - President twitters his views on facebook

තොරතුරු හා සන්නිවේදනය ප‍්‍රචලිත කිරීම සඳහා හැම විටම ක‍්‍රියා කරනආණ්ඩුවක් ලෙස සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමේ අදහසක් හෝ අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. මේ අතර ජාතික ළමාරක්‍ෂණ අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය පවසන්නේ කිසියම් ව්‍යසනයක් සිදු වූ පසු එහි වරද ෆේස්බුක් හෝ වෙනත් තාක්‍ෂණික මෙවලමකට පැවරිම එකහෙලාම අනුමත කළ නොහැකි බවයි.කළ යුත්තේ දරුවන්ට ලබා දෙන නවීන තාක්‍ෂණික මෙවලම් සම්බන්ධයෙන් මව්පියන් ද දැනුවත්ව සිටීම යැයි ඇය පැවසීය. 

ජීවිතයට එන දුක,සැප,කඳුල ආදී කාරණාවලදී ශක්තිමත්ව මුහුණ දීමට දරුවන්ට කියා දිය යුතු බව පවසන ඇය ශ‍්‍රීලාංකික සම්ප‍්‍රදායන් තුළ ඉතා ඉහලින් අගය කරන ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව මේ වනවිට ක‍්‍රමයෙන් පළුඳු වෙමින් තිබෙන බවද කීවාය. 

ගුරුවරුන් අශෝභන ලෙස ශිෂ්‍යයින්ට දඬුවම්කිරිමත්, ගුරුවරයෙකුගේ දඬුවමක් දරාගත නොහැකිව ශිෂ්‍යයන් ගුරුවරුන්ට පහරදුන්අවස්ථා ඉකුත් දිනවල සුලභව වාර්තා වූ බව කියන ඇය ළමුන්ට ආදරය හා ගෞරවය නොදී වැඩිහිටියන්ට පෙරළා ආදරයක් ලබාගත නොහැකි බවද කීවාය. පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය හදිසි සාකච්ඡාවක් ද කැඳවා තිබේ.
President Mahinda Rajapaksa says that for a government that has always promoted ICTs, it has no intention of banning social media in the country.

In his official twitter page, the president says, "We want people to understand social media's powerful advantages as well as its potential dangers, especially when children use it."

"The government is actually working on promoting the safe use of social media and not trying to ban it," he says.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

තිරිමාන්න මාලිංග ශ්‍රී ලංකාවට ජය ගෙනෙති - Malinga five-for cuts Pakistan short


"කලකට පසු මාලිංග වීරයා වෙයි"

ළහිරු තිරිමාන්නගේ විශිෂ්ට ශතකයත් ලසිත් මාලිංගගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් ඊයේ බංග්ලාදේශයේ ෆටුල්ලාහී ඛාන් සහීබ් ඔස්මන් අලී ක්‍රීඩාංගණයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගමාලාව ආරම්භ කරමින් පැවැති දිවා-රාත්‍රි තරගයෙන් පාකිස්තානයට එරෙහිව ලකුණු 12ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 296ක් රැස්කළ අතර පාකිස්තානයට සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 284ක් පමණි. තරගයේ වීරයා වු ලසිත් මාලිංග පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 5 බිඳ දැමු අතර ඒ සඳහා ඕවර 2.5කදී ලකුණු 11ක් පමණක් ලබාදීම කැපී පෙනුණි.

ලකුණු 297ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑම ඇරැඹු පාකිස්තාන පිලේ ආරම්භක කඩුලු සබඳතාව ලකුණු 28දී නිමාකිරීමට සුරංග ලක්මාල් සමත්විය. ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දුවක් රැකගැනීමෙන් ෂාජිල් ඛාන්ගේ ඉනිම ලකුණු 26කට සීමාවිය.තම මංගල ජාත්‍යන්තර එක්දින කඩුල්ල ලෙස අහමඩ් ෂෙසාඩ් දවාගැනීමට චතුරංග ද සිල්වා සමත්විය. චතුරංග යැවු ඔහුගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුව (13.3) කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 28ක් ලබාසිටි ෂෙසාඩ් දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.


ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 77ක් විය. තවත් ලකුණු 6ක් ඉනිමට එක්වෙද්දී හසීස්, මැතිව්ස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. සචිත්‍ර සේනානායකගේ පන්දුවකට චතුරංග ද සිල්වා උඩපන්දුවක් රැකගැනීමෙන් සොහයිබ් මක්සූඩ් ලකුණු 17කට සිවුවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය.

ලකුණු 121කට කඩුලු 4ක් බිඳ වැටී තිබියදී නායක මිස්බා උල් හක් සමග එක්වු උමාර් අක්මාල් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරමින් ලකුණු සංඛ්‍යාව 242 දක්වා ඉදිරිය‍ට ගෙන ගියේය. පන්දු 114කින් පස්වැනි කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 121ක සබඳතාව සුරංග ලක්මා‍ල් හමුවේ බිඳ වැටිණි. කුමාර සංගක්කාර උඩ පන්දුවක් රැකගැනීමෙන් වේගවත් පිතිහරඹයක නිරතවු අක්මාල් ලකුණු 74කට දැවී ගියේය.

පන්දු 72කට මුහුණදුන් ඔහු හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් එල්ලකර තිබිණි. ලසිත් මාලිංග යැවු ඉනිමේ 45වැනි ඕවරයෙන් පාකිස්තාන කඩුලු 2ක් බිඳ වැටිණි. ලකුණු 4ක් ලබාසිටි සහීඩ් අෆ්රිඩි, දිනේෂ් චන්දිමාල් උඩපන්දුවක් රැකගැනීමෙන්ද සචිත්‍ර සේනානායක අතට උඩ පන්දුවක් දීමෙන් මිස්බා උල්හක්ද දැවී ගියේය.

හතරේ පහර ‍4ක් හා හයේ පහර 2ක් සමගින් පන්දු 84කින් ගොඩනැගුණු මිස්බාගේ ඉනිමට ලකුණු 73ක් එක් විය. පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 3ද ගොදුරුකර ගැනීමට ලසිත් මාලිංග සමත්විය. පාකිස්තාන ඉනිමේ අවසන් කඩුල්ල දවාගැනීමත් සමග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ කඩුලු 250 සීමාවට පිවිසීමට මාලිංගට හැකිවුණි. මාලිංග කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවාගත් හයවැනි අවස්ථාව මෙය විය ඔහුට අනගි සහයක් ලබාදුන් සුරංග ලක්මාල් කඩුලු 2ක් දවාගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 296ක් රැස්කර ගැනීමට සමත්විය. කුසල් ජනිත් පෙරේරා අඩු ලකුණු ගණනකට දැවී යෑමෙන් අනතුරුව කුමාර් සංගක්කාර සමග එක්වු තිරිමාන්න දෙවැනි කඩුල්ලට වාර්තා ගත ලකුණු 161ක සබඳතාවක් පිහිටුවමින් ලකුණු 102ක් රැස් කළේය. පන්දු 110කදී වාර්තාවු ඔහුගේ ඉනිමට දර්ශනීය හතරේ පහර 11ක් දැවැන්ත හයේ පහරක් ඇතුළත් විය. එය ඔහු රැස්කළ දෙවැනි එක්දින ශතකය විය.

තිරිමාන්නට අනගි සහයක් ලබාදුන් සංගක්කාර ලකුණු 67ක් රැස්කළේ පන්දු 65කදීය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් විය. දෙදෙනා එක්ව පිහිටවු ලකුණු 161ක සබඳතාව පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් දෙවැනි කඩුල්ලට වාර්තා වු හොඳම එක්දින සබඳතාව විය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා, උමාර් ගුල් හමුවේ දැවී ගියේ ලකුණු 14ක් ලබාසිටියදීය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 28ක් ලබාසිටියේය.

උමාර් ගුල්ගේ පන්දුවකට අහමඩ් ෂෙසාඩ් අතට උඩ පන්දුවක් ලබාදී සංගක්කාර දැවී යෑමෙන් අනතුරුව ශතකය රැස්කළ තිරිමාන්න, සයිඩ් අජ්මාල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. යළි කණ්ඩායමට එක්වු මහේල ජයවර්ධනට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට නොහැකිවිය. සහීඩ් අෆ්රිඩිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මහේලගේ ඉනිම ලකුණු 13කට සීමාවිය. තිසර පෙරේරා ලකුණු 6කට දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 245ක් ලබාසිටියේය.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ චතුරංග ද සිල්වා 6වැනි කඩුල්ල ලෙස ලකුණු 2ක් ලබාසිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමට හසුවිණි. අනතුරුව නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් එක්ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 296 දක්වා ඉහළ නැංවූහ.වේගවත් ඉනිමක් දියත් කළ නායක මැතිව්ස් පන්දු 50කින් නොදැවී ලකුණු 55ක් ලබාගත් අතර චන්දිමාල් නොදැවී ලකුණු 19ක් රැස් කළේය.

දෙදෙනා අතර 7වැනි කඩුල්ලට ලකුණු 45ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගුණි. පන්දු යැවීමේ දී උමාර් ගුල් සහ ෂහීඩ් අෆ්රිඩි අතර කඩුලු 2 බැගින් බෙදී ගි‍යේය. තරගාවලියේ දෙවැනි තරග අද බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවැත්වේ.
Lasith Malinga reasserted his skill for rattling chases in a tight finish, after Lahiru Thirimanne had proclaimed his relevance to the ODI format, as Sri Lanka sputtered to a thrilling win in the Asia Cup opener in Fatullah.

Pakistan lost their top order cheaply, surged, collapsed, then surged briefly again, in search of 297, but the total that had been set up by Thirimanne's 102 was 12 too many, despite half-centuries from Misbah-ul-Haq and Umar Akmal.

Malinga's 5 for 52 was his first in ODIs since January 2012, as he claimed the two last Pakistan scalps in an unflappable 49th over replete with tailing yorkers. Bilawal Bhatti and Saeed Ajmal had managed 17 runs from the previous over to whittle the requirement down to 17 from two overs, but Ajmal was caught in front by a yorker, and Bhatti had one clatter into his off stump. Bhatti's wicket was Malinga's 250th, and he achieved the milestone faster than any other Sri Lanka bowler, beating Muttiah Muralitharan by 11 matches.

Pakistan had earlier seemed in control, with 55 needed off 46 balls and six wickets in hand, thanks to the 121-run stand between Misbah and Akmal. But Malinga was vital to quelling that charge too. He struck twice in four balls in the 45th over, to swing the match strongly in Sri Lanka's favour, before dismissing Umar Gul in his next. All of his wickets came in his last 15 balls.



During Sri Lanka's innings, Thirimanne's 161-run stand, off 146 balls, with Kumar Sangakkara had been the centrepiece. The pair pushed the run rate close to six, promising a total well in excess of 300, but a stutter in the batting Powerplay and a focused Pakistan, led by Saeed Ajmal, in the late overs ensured they did not finish with force.

Thirimanne, backed by the selectors to open instead of Mahela Jayawardene, was fluent from the outset, and despite his strike rate of 92.72, was rarely ruled by aggression. A crisp cover drive off Gul brought him his first boundary in the second over, and that stroke - his favourite - proved equally productive against spin. Casually authoritative on the off side to begin with, Thirimanne eventually added a leg side element to his play, even swinging Mohammad Hafeez over deep midwicket for six, in the 31st over.

In between the sweetly struck fours, Thirimanne was also adept at measuring singles. Aided by a surface that offered little seam movement or turn, and by Sangakkara's enterprise at the other end, he eased to his half-century in the 20th over, then launched an offensive after the 25th.



For a batsman who has spent much of the past two months sidelined with injury, Thirimanne was as stoic as he was confident. The nineties drew no fidgets or hair-brained strokes. He flitted through them, as he had done throughout his stay, to record his second triple-figure score in ODIs. The milestone, fittingly, came from a cover drive. The celebration, typically, was understated.

Though Thirimanne had modeled his strokes and approach on his senior partner, Sangakkara had not been quite so mellow. Often he strode forward against the quicks to make length deliveries overpitched, and his initiative became Sri Lanka's impetus. He hit 67 from 65 balls, before thumping an Umar Gul bouncer to the only infielder on the leg side.

Angelo Mathews embellished his regained stature as a finisher with an unbeaten 55 off 50 balls, but with no secure ally at the other end, he could not attack freely at the close. Ajmal's varied final spell was Sri Lanka's biggest hindrance. He finished with 1 for 50 from his full quota, while Umar Gul, who strangely only bowled eight overs, took 2 for 38.

Pakistan had fizzled to 121 for 4 in response, before a measured Misbah and an impetuous Akmal fanned the embers of the chase, only to let it grow cold when triumph was in sight.

There was little to separate this Misbah half-century from the dozens he has scored in the past 14 months. A staccato of curt defensive prods and opportunistic nurdles broken by startling, occasional blasts: a whack over long-on off Thisara Perera and a slog over midwicket off Sachithra Senanayake cleared the ropes with ease. His innings could have ended at 44 when he gave a feather-edge off Suranga Lakmal, but as the only giveaway to Misbah's indiscretion was one muffled, woody note, the umpire was unmoved.

Akmal's progress was smoother, until he unleashed towards the end. He carted Suranga Lakmal for 16 in the 41st over and slammed two fours off debutant left-arm spinner Chaturanga de Silva in the next. Angelo Mathews bravely kept Lakmal on and the bowler was rewarded with an edge to the keeper that sparked Pakistan's late stumble. When Misbah leathered Malinga to deep square leg, it appeared Pakistan were all but done.

Lakmal had delivered four overs of accurate away-seam with the new ball, claiming Sharjeel Khan's wicket, but though he dismissed Akmal, his figures in the final overs suggested he has not yet developed a head for death bowling. Senanayake and de Silva took one wicket apiece, and Mathews himself took the key scalp of Mohammad Hafeez, who had been Sri Lanka's primary tormentor during the bilateral series in December.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013