වාහනවල පොත් බණ්ඩල් පිටින් RMV එකෙන් උස්සන 6ක් දැලේ

"එක පොතක් රු. 5000 බැගින් විකුණලා"

"ව්‍යාජව සැකසූ නිල මුද්‍රා රැසකුත් අත්අඩංගුවට"
"වාහන මිල දී ගැනීමේ දී දැඩි ලෙස සැලකිලිමත් වන්නැයි උපදෙස්"

මෝටර් රථයක අනන්‍යතාව සම්පූර්ණයෙන් ඇතුළත් කෙරෙන වාහන පොත් බණ්ඩල් පිටින් සොරකම් කර එකක් රුපියල් පන්දහස බැගින් විකුණන දැවැන්ත වාහන ජාවාරමක කොටස්කරුවකු ලෙස කටයුතු කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරකු ඇතුළු හය දෙනකු කොළඹ වංචා විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කල්ලිය මෙහෙයවා ඇත්තේ ශ්‍රී දේවි සෙල්වදොරේ නොහොත් නජ්ලා අකීල් රෙහානා නමැති 38 හැවිරිදි කාන්තාවකි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටපු ගණකාධිකාරිනියගේ රියදුරා වූ නා කුලුගමගේ කරුණාසේන නමැත්තා වාහන පොත් දෙපාර්තමේන්තුවෙන් පන්නා මෙම ජාවාරම්කාරියට විකුණා තිබේ. ඇය මෙම වාහන ජාවාරම පමණක් නොව තවත් මූල්‍ය වංචා රැසක් සිදුකර තිබේ.


දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයාගේ අත්සන සහිත නිල මුද්‍රාව කිරුලපන පොලිස් ස්ථානාධිපතිගේ නිල මුද්‍රාව තක්සේරුකරුවකු සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිල මුද්‍රා ගණනාවක් සහ එසේ විකුණූ පොත්වලට සොරකම් කළ වෙනත් වාහනවල අංක යොදා සකස් කළ පොත් රැසක්ද සොයාගෙන තිබේ.

මෙම කල්ලිය වරින්වර වාහන කුලියට දෙන ආයතනවලින් මෝටර් රථ ලබාගෙන ඒවාට ටික කලක් කුලිය ගෙවමින් පසුව සොරකම් කළ වාහන පොත්වලට ව්‍යාජ ලෙස වාහනයේ නියම අයිතිකරුගේ නම යොදා ව්‍යාජ හැඳුනුම්පත් මගින් අලෙවි කර තිබේ.

පුවත්පත්වල දැන්වීම් පළකර ඒ හරහා ජාවාරම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය.

වාහනවල නියම පොත්, මුද්‍රා සහ හිමිකරු සම්බන්ධව පරිගණකයේ අඩංගු ඇතැම් තොරතුරු මෙම ව්‍යාජ පොත්වලද අඩංගු නිසා පුවත්පත් දැන්වීම් හරහා වාහන මිලදී ගත් විශාල පිරිසක් මෙම ජාවාරම්කරුවන්ට හසුවී තිබේ.

කොළඹ වංචා විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරගෙන යද්දී ජාවාරමේ සුළමුල හෙළිවී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

වාහනයක් මිලදී ගැනීමේදී එහි අයිතිකරු රථය ලිපිනයන් ආදිය පිළිබඳ දැඩිලෙස සොයාබලන ලෙස අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම්දෙයි.

‍කොළඹ වංචා විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආනන්ද අල්විස් මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ප්‍රියංකර සිල්වාගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන පොලිස් පරීක්ෂක විජේනායක, ඒකක 2 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල්, සැරයන් කුරුප්පු, පොලිස් කොස්තාපල්වරුන් වන විමලසිරි, නිරෝෂන් සහ අබේරත්න යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

මම බඳින්න කැමැති අනර්කලීව - Lahiru Perera

ලහිරු  පිළිතුරු දෙයි...

පළමු පෙම්වතියම බිරිය වුණ නිසා වෙනත් ප්‍රේමයක අත්දැකීම නැතිවීම, විරහ අත්දැකීම් නැතිවීම ගැන අද පසුතැවීමක් නැද්ද?
අනේ නෑ... මොකට පසුතැවෙනවාද? එහෙම වෙච්ච එක හොඳයි.
එකට ඉන්න මිතුරන් පසු කාලෙක අමනාප වී වරදවා වටහා ගැනීම ජීවිතයට දැනෙන්නේ කොහොමද?
එකට කාපු බීපු මිනිස්සුත් එහෙම හිතනකොට අන් අය ගැන කවර කතාද?

ක්‍ෂේත්‍රයේ හමුවූ සිත වඩාත් ඇදී ගිය යුවතිය කවුද?
එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා. ඒ ගයාත්‍රි ඩයස්, හිමාලි සිරිවර්ධන.

ප්‍රියතම නිළිය කත්‍රිනා කයිෆ් කවදා හරි දවසක හමුවී ගැඹුරු සිප ගැනීමකට ආරාධනා කළොත් මොනවද කරන්නේ?මේ මොනවා අහනවාද මන්දා, එක පයින් කැමැති වෙනවා. මගේ බිරියට වුණත් ඒක ආඩම්බරයට කාරණයක්නේ. තමන්ගේ සැමියාට කත්‍රිනාගෙන් ඒ වගේ ආරාධනාවක් ලැබුණා කිව්වහම කාටද ආඩම්බර.

උපකල්පනය කරමු සිහින ලොවක් ගැන. ඒ සිහින ලෝකේ කාන්තාවන් තුන්දෙනෙක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් සමඟ විවාහ විය යුතුමයි. විවාහයට තෝරා ගන්නා කාන්තාව කවුද? ඒ තෝරා ගැනීමට හේතුව මොකක්ද?

1. අනර්කලී ආකර්ෂා
2. ගයාත්‍රි ඩයස්
3. හිමාලි සිරිවර්ධන

ඒ විවාහයේ දේශපාලන වාසියක් තියෙනවානේ...

ජනාධිපතිවීමට වරමක් ලැබුණොත් ලොව කුමන රටේ ජනාධිපතිවීමටද කැමැති? ඒ රට තෝරාගන්න විශේෂ හේතුව මොකක්ද?
ලංකාව... ශ්‍රී ලංකාව... මේ වගේ අසීමිත වරප්‍රසාද ලැබෙන වෙන රටක් තියෙනවාද?

ගත්ත දුරකතන ඇමැතුම්වලින් "අපරාදේ කතා කළේ" කියලා හිතෙන දුරකතන ඇමැතුම මොකක්ද?
දවසක් සිංගප්පූරුවේ සංගීත භාණ්ඩ තියෙන සාප්පුවකට කතා කළා මට අවශ්‍ය සංගීත උපකරණයක් ගැන අහන්න. මං කියන දේ උෟට තේරෙන්නෙ නෑ. උෟ කියන දේ මට තේරෙන්නෙ නෑ. අපරාදේ මගෙ ෆෝන් බිල.

බිරියගේ අකමැතිම ගුණාංගය මොකක්ද?
හරියට මම රස්සාවට යනවා වගේ මාව උදේ පාන්දර නැඟිටවනවා. එයාව රස්සාවට එක්ක යන්න... අකමැතියි කියලා කියන්න තියෙන්නේ ඔන්න ඕක තමයි.

ලිංගිකත්වයට ඇති නිදහස ගැහැනියට හා පිරිමියාට සමානවම හිමි විය යුතුද?
අනිවාර්යයෙන්ම මම ඔය කතාව අනුමත කරනවා.

ලෝක විනාශය වෙද්දි කලාකරුවො තුන්දෙනෙක්ගෙන් ඔබට එකම එක කලාකරුවෙක් බේරා ගන්න අවස්ථාව ලැබෙනවා. බේරා ගන්නේ මේ තුන්දෙනාගෙන් කාවද? ඒකට හේතුව.?
1. භාතිය සන්තුෂ්
2. ඉරාජ් වීරරත්න
3. කසුන් කල්හාර

ඔක්කොම බේරා ගන්න බැරුව එකෙක් විතරක් බේරගෙන මොකටද? බේරගත්ත එකත් ලබන ආත්මෙ ඉපදිලා මා එක්ක තරහා වුණොත් කරපු දෙයින් වැඩකුත් නෑනේ... ඒ නිසා මම විතරක් බේරෙනවා.

උපුටා ගැනීම -මව්බිම පුවත්පත ඇසුරිනි

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ජනාධිපති හකීම්ට යන්න කියයි - President tells Hakeem to leave the government

අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතාට අවශ්‍ය නම් ආණ්ඩුවෙන් ඉවත් වී යන ලෙස කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා දැඩිව පවසා තිබේ.

පසුගිය 28දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරයාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුවී ඇති අතර ඉන්පසු අදාළ ප්‍රකාශය කළ ජනාධිපතිවරයා රැස්වීමෙන් නැඟිට ගොස් ඇත. අධිකරණ ඇමැතිවරයා ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මූලස්ථානයට ලංකාවට සහ ආණ්ඩුවට එරෙහිව ලිපි රැසක් යවා ඇති බව හෙළිදරව් වී ඇති අතර එම ලිපි සම්බන්ධයෙන් ඇමැතිවරුන්ද දැඩිව අදහස් දක්වා තිබේ.

මෙහිදී හකීම් ඇමැතිවරයා පවසා ඇත්තේ තම පක්ෂය වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සිටියද වෙනම පක්ෂයක් බවයි. ඇමැතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පසු තත්ත්වය තවත් උණුසුම් වී ඇත.


පසුගිය සතියේ 'ඉරිදා මව්බිම' මඟින් හෙළිදරව් කළ ඇමැතිවරුන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රික විද්වතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් වාසුදේව නානායක්කාර ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් ජිනීවා ප්‍රශ්නය පිළිබඳ පැවැති සාකච්ඡාව සහ ඉන්පසු එම පිරිසේ එකඟතාව මත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් අදහස් දැක්වීම හරහා කැබිනට් මණ්ඩලයේ මේ උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.රාජිත සේනාරත්න, ඩග්ලස් දේවානන්දා, රෙජිනෝල්ඩ් කුරේ, නවීන් දිසානායක යන ඇමැතිවරුන් සහ වසන්ත සේනානායක, රමේෂ් පතිරණ යන මන්ත්‍රිවරුන් එම රැස්වීමට සහභාගි වී ඇත. එසේම ආචාර්ය දයාන් ජයතිලක, තමාරා කුණනායගම්, කුමාර් රූපසිංහ, ඇතුළු විද්වතුන් පිරිසක්ද මීට සහභාගි වී ඇති අතර එහිදී සකස් කළ ලිපිය මාධ්‍යවලට ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් ප්‍රශ්න කර ඇත.

මෙහිදී නවීන් දිසානායක ඇමැතිවරයා පවසා ඇත්තේ තමන් ඊට සහභාගි වුවද අදාළ ලිපියට අස්සන් නොකළ බවයි. තමන්ට එවැනි ලිපියක් මෙතෙක් ලැබී නැති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර ජිනීවා ගැටලුව පිළිබඳ ඇමැතිවරුන්ගේ අදහස් දැක්වීම හරහා හකීම් ඇමැතිවරයාගේ ප්‍රශ්නය මතුවී තිබේ.
President Mahinda Rajapakse has announced that Hakeem can leave the government if he cannot still work for the government. He has made this statement at the cabinet meeting.

There has been a warm discussion about the Minister of Justice, Hakeem who has presented many articles against Sri Lanka to Geneva Human Rights Commission.

As Minister Hakeem has mentioned that even though Muslim Congress is along with the government, it is still a separate party, President Rajapakse has made a steady comment asking him to leave the government if he no longer wishes to be in it and he has left the cabinet meeting.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

පිළිකා හැදෙයි කෑවොත් බැදපු මස් වැළකෙන්නට ගුණයි කොස්

පිළිකා පිළිබඳ අලුත්ම ගවේෂණයක තොරතුරු

* එන්න එන්නම රටේ පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා ද?
* එය ඇත්තනම් එයට බලපා ඇති හේතු මොනවා ද?
* මටත් පිළිකාවක් හැදෙයි ද?
* පිළිකාවට ගොදුරු නොවී ආරක්ෂා වෙන්නබැරි ද?
* පිළිකාවක් හැදුණොත් ජීවිතේ ඉවර ද?

මේ අද සමාජයේ ලෙඩ රෝග සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ සිත් තුළ ඇති ප්‍රශ්න කීපයකි. බොහෝ දෙනෙකුට මෙවැනි ප්‍රශ්න පැන නැගීම ඇතැම් විට සාධාරණ යැයි කිව හැකිය. ඒ; අද මරණ 10 ක් පිළිබඳව ආරංචි වූවොත් ඉන් දෙක තුනකටවත් හේතු වී ඇත්තේ කුමන හෝ පිළිකාවක් වී තිබීමය. බොහෝ දෙනෙක් සිතන්නේ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර ගැනීම පිළිකා රෝගය සමාජයේ බහුල වීමට හේතු වී ඇති බවය.

ජාතික පිළිකා මර්දන වැඩසටහන මඟින් අවසන් වරට කරනු ලැබු සමීක්ෂණ වාර්තාවට අනුව එම වසරේදී හඳුනාගත් පිළිකා රෝගීන් සංඛ්‍යාව 13,635 කි. ඉන් 7279 ක් කාන්තාවන්ය; 6356 ක් පුරුෂයින්ය. පිළිකාවට ගොදුරු වූ කාන්තාවන්ගෙන් වැඩිම පිරිසක් මිය යන්නේ පියයුරු පිළිකා නිසාය.

පුරුෂයින් වැඩිම පිරිසක් මිය යන්නේ මුඛ පිළිකා නිසාය. එසේම බෝ නොවන රෝගවලින් මියයන සංඛ්‍යාව පිළිබඳව සලකා බලන විට තුන්වැනි තැන හිමි වන්නේ පිළිකා රෝගයටය. මේ අනුව බලන විට පිළිකාව ලාංකීය සමාජයට දැනෙන ගැටලුවක් වී ඇති බව පෙනේ.

මෙය රටේ ආර්ථිකයට ද විශාල ගැටලුවකි. ඒ; පිළිකා රෝගීන් වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කිරිමට සිදුවීමය. ඇතැම් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා රජයට රුපියල් මිලියන ගණනක් වියදම් කිරීමට සිදු වේ. බොහෝ විට රෝගීන් මේ බව දන්නේ නැත.
මෙපමණ මුදල් සම්භාරයක් වැය වුවද වටිනා ජීවිත නැති වුවද ගැටලුව වන්නේ මෙම පිළිකා අතරින් බොහොමයක් පිළිකා වළක්වාගත හැකි, ගොදුරු නොවී සිටිය හැකි පිළිකා වීමය. තවත් ලෙසකින් සඳහන් කළොත් බොහෝ පිළිකා ඇද, බැඳ වැලඳ ගන්නා ඒවාය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනෙක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ලංකාවේ භාවිත වන ඩීසල්වලින් පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතිදැයි සොයා බලන ලෙසටය. ඒ; පිළිකාව මුළුමහත් සමාජයටම පිළිකාවක් වී ඇති නිසාය. අප සමාජයට ගැටලුවක් වී ඇති මෙම පිළිකා රෝගී තත්ත්වය පිළිබඳව අපි වෛද්‍යවරුන් කීප දෙනෙකුගෙන්ම විමසා සිටියෙමු.

එහිදී අප පළමුවෙන්ම කරුණු විමසා සිටියේ මහරගම ජාතික පිළිකායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න මහතාගෙනි. කනිෂ්ක කරුණාරත්න මහතා ප්‍රකාශ කරන අන්දමට ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම පිළිකා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරේ.

ඒ සඳහා බලපාන සාධක කීපයක්ම ඇත. ඉන් පළමුවැන්න ජනගහනයේ සිදුවී ඇති වැඩිවීමය, දෙවැන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවී ඇති දියුණුව නිසා වයස්ගත ජනගහනය සමාජයේ වැඩිවීමය. වැඩි වශයෙන්ම පිළිකා රෝගයට ගොදුරු වන්නේ වයස අවුරුදු 70 - 75 අතර පුද්ගලයින්ය.

ඊළඟ සාධකය වන්නේ පිළිකා රෝගය කලින් හඳුනාගත හැකි උපකරණ පර්යේෂණ ක්‍රම ලෝකයේ වැඩි වැඩියෙන් බිහි වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතා දුෂ්කර ගම්මානවල පවා සිටින රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව අද ඇත. මේ හේතුව නිසා රෝහල්වලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇත.

මීට කලකට පෙර පිළිකාවක් බව හඳුනා නොගෙන මියගිය පුද්ගලයින් සංඛ්‍යාව බහුලය. ඒ; පිළිකා රෝගීන් වැඩිවීමට මෙන්ම වැඩිවී ඇතැයි පෙනීමට ද බලපා ඇති ප්‍රධාන සාධකයන්ය. මේ සඳහා බලපා හැකි යැයි උපකල්පනය කළ හැකි සාධක ද කීපයක් ඇත.

ඒ; අපේ රටේ ජනතාවගේ ජීවන රටාව වෙනස් වීම, ජනතාව අධිකව නාගරීකරණයට යොමු වීම, ආහාර රටාවන් වෙනස් වීම, කාර්මීකරණය නිසා පරිසර දූෂණය වැඩිවීම, එසේ ම තරගකාරී සමාජ රටාව නිසා මානසික ආතතිය වැඩිවීම වැනි සාධකයන්ය.

මහරගම ජාතික පිළිකායතනයේ වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතාගෙන් පිළිකා රෝගය පිළිබඳව තවදුරටත් කරුණු විමසා සිටියෙමු. ඔහු ප්‍රකාශ කරන අන්දමට අද මුළු ලෝකයේම පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වුවත් පිළිකා ඇතිවීමට බලපාන හේතු තවමත් විද්‍යාත්මකව සොයාගෙන නැත.

අප සැම දෙනාගේම පාහේ ශරීරවල පිළිකා සෛල ඇත. මානසික ශක්තිය හොඳනම්, වස විසෙන් තොර ආහාර ගන්නේ නම්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව හොඳනම්, ශරීරය තුළ තිබෙන පිළිකා සෛල මතු වන්නේ නැත. ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල වී මානසික මට්ටම දුර්වල වූ විට ශරීරය තුළ සැඟවී තිබෙන පිළිකා සෛල ඉස්මතු වේ.

පිළිකාවක් ඇතැයි හඳුනාගත් පසුව බොහෝ දෙනෙක් හැසිරෙන්නේ මරණ සහතිකය අතට ලැබුණක් පරිද්දෙනි. අතීතයේදී එය නිවැරැදි වුවත් වර්තමානයේදී එය නිවැරැදි නැත. කලින් හඳුනා ගැනීමෙන් බොහෝ පිළිකා වර්තමානයේ ඇති අති නවීන ප්‍රතිකාර ක්‍රම මඟින් සම්පූර්ණයෙන්ම සුව කිරීමේ හැකියාව ඇත. තවත් බොහෝ පිළිකා ඉතාම සාර්ථකව මැඬ පවත්වා ගනිමින් සාර්ථක ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඇත.

ඇතැම් පිළිකා සෑදීමට මුල් වන හේතු අතර වළක්වාගත හැකි හේතු ද, වළක්වාගත නොහැකි හේතු ද ඇත. ඉන් වළක්වා ගත නොහැකි හේතූන් අතරින් ප්‍රධාන තැනක් ගන්නේ වයස්ගත වීමය. අනෙක් හේතුව වන්නේ ජානමය හේතූන්ය. විශේෂයෙන්ම කාන්තාවන් තුළ හටගන්නා පියයුරු පිළිකා සඳහා ජානමය බලපෑමක් ඇති බව තහවුරු වී ඇත. ඒ නිසා පවුලේ වැඩිමහල් සොයුරියකට හෝ මවට පියයුරු පිළිකාවක් තිබී ඇත්නම්, ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්ය.

පිළිකා සෑදීමට 30% - 35% අතර ප්‍රතිශතයකින් හේතු වන්නේ අප ගනු ලබන ආහාර බව පර්යේසණ මඟින් හෙළි වී තිබේ. ලෝකයේ විශේෂයෙන් පිළිකා කාරක විය හැකි ආහාර ද්‍රව්‍ය 10 ක් පිළිබඳව දක්වා ඇත. ඉන් පළමුවැන්න වන්නේ බදින ලද හෝ පුච්චන ලද රතු පැහැති මස්ය.

මෙහිදී ගවයින්, එළුවන්, ඌරන්, බැටලුවන් වැනි ක්ෂිරපායි සතුන්ගේ මස් විශේෂය. එම මස් බදින විට හෝ පුච්චන විට නයිට්‍රජන් ඇමීන් නම් රසායන ද්‍රව්‍ය පිට වේ. ආමාශයේ සහ අන්ත්‍රවල පිළිකා ඇතිවීමට මෙම රසායනික ද්‍රව්‍ය බෙහෙවින් හේතු වේ.

බදින ලද හෝ පුච්චන ලද මස් අනුභව කරන රටවල ජනයා අතර ඉහත පිළිකා වර්ග බෙහෙවින් අධික බව හෙළි වී ඇත. එසේම ගැඹුරු තෙලේ බදින ලද රෝල්ස්, කට්ලට් වැනි ක්ෂණික ආහාර නිතර නිතර අනුභව කරන උදවිය අතර ද පිළිකා බහුල බව හෙළි වී ඇත.

මීට වසර ගණනකට පෙර අපේ රටේ පැවැති ආහාර රටාව ශීඝ්‍රයෙන් වෙනස් වීම පිළිකා රෝග වැඩිවීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම අපේ පැරැන්නන්ගේ සෑම ආහාර වේලකම මැල්ලුමක් අඩංගු විය. එසේම විස රසායනිකවලින් තොර වූ එළවළු කීපයක්ම අඩංගු විය.

අතීතයේ සෑම ගෙවත්තකම එළවළු පැළ කීපයක් හෝ සිටුවා තිබිණි. අද බොහෝ දෙනෙකුට ගෙවත්තක් නැත. කරපිංචා කොළ ටික පවා ගන්නේ වෙළෙඳ පොළෙනි. වෙළෙඳ පොළෙහි ඇති සියලුම එළවළු පලතුරුවල විස රසායන බහුලය. පිළිකා බහුල වීමට එම කෘෂි රසායන ප්‍රබල හේතුවකි.

අප අතර තිබෙන වැරැදි පුරුදු පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවකි. දුම්වැටි ඉරීම ඉන් ප්‍රධානය. පිරිමින් අතර වැඩි වශයෙන් දැකගත හැකි වන්නේ තොල් සහ මුඛය ආශ්‍රිත පිළිකාවන්ය. අප රටේ පිරිමින් ගෙන් 34% ක් පමණ දුම්වැටි උරයි. දුම්කොළ සපයි.

කාන්තාවන් අතර මෙම ප්‍රතිශතය 2% ක් පමණය. එක් දුම්වැටියක මිනිස් ශරීරයට අහිතකර විස රසායනික ද්‍රව්‍ය 400 ක් පමණ අඩංගුය. ඒවායින් 40% - 60% අතර ප්‍රමාණයක් සෘජුවම පිළිකා කාරකය. ස්වරාලයේ සහ පෙණහලුවල පිළිකා ඇතිවීමට ප්‍රධානම හේතුව දුම්වැටි ඉරීමය.

ශ්‍රී ලංකාව තුළ මුඛ පිළිකා ඇතිවීමට බලපා ඇති අනෙක් කරුණ වන්නේ බුලත්විට සැපීමය. මුඛ පිළිකා නිසා වැඩිම පිරිසක් මියයන ලෝකයේ රටවල් අතර තුන්වැනි ස්ථානය හිමි වන්නේ අපේ රටටය. බුලත් විටෙහි ඇති සෑම ද්‍රව්‍යයකම පිළිකා කාරක ඇති බව හෙළි වී ඇත.

බුලත් විටෙහි ඇති දුම්කොළ සපන විට එහි ඇතුළත් විස රසායනික ද්‍රව්‍ය 28 ක් පමණ ශරීරගත වේ. එසේම පුවක්වල මාරාන්තික පිළිකා කාරක 4 ක් අඩංගුය. බුලත් විටෙහි ඇති හුනු කෑ විට දුම්කොළවල සහ පුවක්වල ඇති විස රසායන ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය කරගැනීමට කදිම පසුබිමක් සකසා දෙයි.

මත්පැන් පානය ද අක්මාවේ සහ ආමාශයේ පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවකි. මෙම පිළිකා තත්ත්වයන් ඉතා පහසුවෙන් වළක්වා ගත හැකි ඒවාය. කාන්තාවන් අතර බහුල වී ඇති පියයුරු පිළිකා සහ ගැබ් ගෙල පිළිකා බොහෝ විට වළක්වා ගැනීමේ හැකියාව ඇත.

පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන් සුවපත් වීමේ හැකියාව ලැබේ. මෙම පිළිකාව කලින් හඳුනා ගැනීම ඉතාම පහසුය. ඒ සඳහා කළ යුත්තේ වයස අවුරුදු 35 ඉක්මවූ සෑම කාන්තාවක්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් කරගැනීමය. මේ පිළිබඳව අවශ්‍ය උපදෙස් පවුල් සෞඛ්‍ය සේවිකාවක ගෙන් හෙදියක ගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් ලබාගත හැකිය.

ගැබ්ගෙල පිළිකාව ද අද බහුල වී ඇත. මෙම පිළිකාව ද කලින් හඳුනා ගැනීමේ හැකියාව ඇත. ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන රජයේ රෝහල්වල ඇති සුවනාරි සායන මඟින් ගැබ්ගෙල පිළිකාව හඳුනාගත හැකි පැප් පරීක්ෂාව නොමිලේ කරගත හැකිය. එසේම පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීමට උපකාරී වන මැමෝග්‍රෑම් පරීක්ෂාව ද මෙම සුවනාරී සායනවලදී කරගත හැකිය. වයස අවුරුදු 40 ඉක්මවූ සෑම කාන්තාවක්ම සෑම වසරකට වරක්ම මෙම පරීක්ෂාවන් දෙක කරගන්නේ නම් එම පිළිකාවලට ගොදුරු වී සිටිය හැකිය.

වසරකදී ශ්‍රී ලංකාව තුළ කුඩා දරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් පිළිකා රෝගයට ගොදුරු වන බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ. පිළිකා රෝගයට ගොදුරු වන දරුවන්ගේ තත්ත්වය පිළිබඳව අප විමසා සිටියේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහරගම ජාතික පිළිකායතනයේ දැඩි සත්කාර ඒකකයේ (ළමා) දීපාල් පෙරේරා මහතාගෙනි.

පිළිකා රෝගයට බහුලව ගොදුරු වන්නේ වයස්ගත පුද්ගලයින් වුවත් උපතින්ම ඇතිවන ජානමය විකෘතිතාවයන් බහුලය. Down's Syndrome වැනි Syndrome තත්ත්වයන් සහිතව උපදින දරුවන් ඉපදී පළමු අවුරුද්ද තුළදී බොහෝ විට ලියුකේමියා රෝගයේAML විශේෂය වැලඳීමේ හැකියාව ඇති බව හෙළි වී ඇත.

කුඩා දරුවන් අතර බහුලව දැකගත හැකි පිළිකා තත්ත්වය වන්නේ ලියුකේමියාවය. ඊට අමතරව දරුවන් අතර උපතින්ම ඇතිවූ මොළේ පිළිකා, දෑස්වල පිළිකා, ස්නායු පද්ධතියේ පිළිකා වකුගඩුවල පිළිකා ආදිය දැක ගත හැකිය. දරුවන් අතර ඇතිවන ලියුකේමියා රෝගයේදී ලියුකේමියා AML තත්ත්වයට වඩා ලියුකේමියා ALL තත්ත්වයට ගොදුරු වූ දරුවන් බහුලය. මෙම ලියුකේමියා ALL රෝගයට ගොදුරු වූ දරුවන් ගෙන් 80% ක්ම සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමේ හැකියාව අද නවීන වෛද්‍ය විද්‍යාව සතුය.

අධික මහත දරුවන් අනාගතයේදී පිළිකාවලට ගොදුරු වීමේ හැකියාව ඇති බව වෛද්‍ය පර්යේෂණ මඟින් හෙළි වී ඇත. අධික මහත දරුවන්ගේ අක්මාවේ තෙල් තැන්පත් වීම නිසා අක්මාවේ සිරෝසීස් තත්ත්වයක් ඇතිවී අවසානයේ අක්මාවේ පිළිකා ඇතිවීමේ අවදානම ඇත.

එබැවින් කුඩා දරුවනට තෙල් අධික ක්ෂණික ආහාර ලබාදීමෙන් වැළකීම සුදුසුය. දරුවාගේ ශරීරය ඕනෑවට වඩා මහත් වීම රෝග රැසකටම අත වැනීමකි. අලුත් එළවළු පලතුරු ආහාරයට ගැනීම මෙන්ම හොඳින් ව්‍යායාම කිරීම කුඩා දරුවනට ඉතා අවශ්‍යය. එසේම දරුවකු ඉපදී පළමු අවුරුද්ද තුළ කෘත්‍රිම ආහාර කිසිවක් ලබා නොදී ස්වභාවික ආහාර පමණක් ලබාදීම වැදගත්ය.

හැකි සෑම විටම දරුවාට වස විසෙන් තොර ආහාර ලබාදීමට පෙලඹිය යුතුය. දරුවාට දෙන ගොටුකොළ මිට නිවසේ වවා ගැනීමේ හැකියාව ඇත. කිනම් පිළිකා රෝගී තත්ත්වයකට දරුවා ගොදුරු වී ඇතත් වඩාත් වැදගත් වන්නේ එම රෝග තත්ත්වය කලින් හඳුනා ගැනීමය.

දරුවකු පිළිකා රෝගයට ගොදුරු වී ඇතිදැයි දැන ගැනීමට හැකි ලක්ෂණ කීපයක් ම ඇත. දරුවකු නිතර නිතර රෝගවලට ගොදුරු වේ නම්, නිතර නිතර උණ වැල‍ඳේනම්, බෙල්ලේ හෝ වෙනත් ස්ථානවල අසාමාන්‍ය ගැටිති මතුවී ඇත්නම්, දරුවා නිතර හන්දිපත් කැක්කුමකින් පෙළෙයිනම්, දරුවාගේ දෑස්වල සුද මතු වී ඇත්නම්, දෑස් ඉදිරියට නෙරා ඇත්නම්, දරුවා නිතර මළානික ස්වභාවයකින් සිටීනම් වහා වෛද්‍ය උපදෙස් පැතීම අවශ්‍ය වේ.

ඊට අමතරව දරුවාට නිතර නිතර වලිප්පුව ඇතිවේනම්, කලක් තිබෙන හිසේරදයක් දරුවාට ඇතිනම්, හොඳට ඉගෙන ගනිමින් සිටි දරුවා අධ්‍යාපනික කටයුතුවලට වැඩි අවධානයක් යොමු නොකරයිනම් වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කළ යුතුය.

දරුවන් තුළ ඇතිවන බොහෝ පිළිකා ඉතාම සාර්ථක සුවපත් කිරීමේ හැකියාව නවීන වෛද්‍ය විද්‍යාව සතු බැවින් දරුවා හැකි විගස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා අවශ්‍ය වේ. ලංකාවේ තවම ක්‍රියාත්මක නොවුවද ඇටමිදුලු බද්ධ කිරීම මඟින් ලියුකේමියා රෝගයට පහසුවෙන් සහ ඉතාම සාර්තක ලෙස ප්‍රතිකාර කළ හැකිය. මෑතදී කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ වසරකදී වයස 16 ට අඩු දරුවන් 100 - 120 අතර සංඛ්‍යාවක් පිළිකා රෝගය නිසා මියයන බවය.

පිළිකා සරණ සංගමයේ සභාපතිවරයා මෙන්ම මහරගම ජාතික පිළිකායතනයේ වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ආකාරයට අපේ රටේ බහුලව වැවෙන කොස් පිළිකා සෑදීමෙන් වැළකී සිටීමට මෙන්ම පිළිකාව මර්දනය කිරීමට ද අතිශය උපකාරී වන අගනා ආහාරයකි.

මෙම තොරතුරු විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන කොස් විටමින් 'සී' බහුල ෆයිබොරසායන සංඝටක අඩංගු අගනා ආහාරයකි; පලතුරකි. මෙරට වැවෙන කොස්වලින් ආහාරයට ගන්නේ සියයට දෙකක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි.

අද අප වෙළෙඳ පොළෙන් ලබාගන්නා සෑම ආහාරයකටම පාහේ නිෂ්පාදන ක්‍රියාවලියේ කුමන අවස්ථාවකදී හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු කෙරේ. එහෙත් ගසෙන් කඩා තම්බා ගන්නා කොස්වල කිසිඳු රසායන ද්‍රව්‍යයක් අඩංගු වී නැත. එම සාධකය කොස්වල පිළිකා කාරක අඩංගු නොවීමට ප්‍රධාන හේතුවකි.

පර්යේෂණ මඟින් හෙළි වී තිබෙන්නේ සතියකට අවම තරමින් වේල් 2 ක් හෝ 3 ක් කොස් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවීමෙන් වැළකී සිටීමට හැකියාව ලැබෙන බවය. මෙහිදී පිළිකා සෛල ඇතිවීම වැළැක්වීමට උපකාරී වන්නේ කොස්වල අඩංගු විටමින් 'බී' වලට අයත්, 'පිරිඩොක්සින්', 'නිියැසින්', 'රයිබොප්ලේවින්', 'ෆෝලික් ඇසිඩ්' වැනි රසායනිකයන්ය. එසේම පෙණහලුවල සහ මුඛයේ ඇතිවන පිළිකා වළක්වාලීමට මෙන්ම එම පිළිකා හොඳින් මර්දනය කිරීමට 'කැරොටින්' අඩංගු කහ පැහැති ආහාර ගැනීම සුදුසු බව ද පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. කොස් යනු කැරොටින් බහුලව අඩංගු ආහාරයකි.

එසේම විටමින් 'ඒ', ෆ්ලෙවනොයිඩ්, පිග්මන්ට්, කැරොටින් 'බී', සැන්තීන් වැනි ප්‍රතිඔක්සිකාරක කොස්වල බහුල නිසා පිළිකා සෛල ඇතිවීමේ හැකියාව නවතා දැමීමටත් ඇතිවී තිබෙන පිළිකා සෛල මර්දනය කිරීමටත් උපකාරී වේ. තවත් අන්දමකින් කොස් ආහාරයට ගැනීම මඟින් පිළිකා ඇතිවීම වැළකීමටත්, ඇතිවූ පිළිකා මර්දනයටත් සමත් වන්නේ කොස්වල අඩංගු අධික විටමින් 'සී' ප්‍රමාණය නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ යාමය.

කොස් ග්‍රෑම් 10 ක කැලරි 95 ක් අඩංගුය. එයින් පැහැදිලි වන්නේ කොස් පෝෂ්‍යදායී ආහාරයක් බවය. එසේම කොස්වල අධික ලෙස කෙඳී ඇත. මේ හේතුව නිසා කොස් ආහාරයට ගැනීම හොඳින් සහ ඉක්මනින් මළ පිටවීමට උපකාරී වේ. එවිට මළ අන්ත්‍රවල වැඩි වේලාවක් රැ‍ඳෙන්නේ නැත.

එසේම කෙඳි සහිත ආහාර ගැනීම මඟින් මහා අන්ත්‍රයේ සහ කුඩා අන්ත්‍රයේ බිත්තිවල ඇති ශ්ලේෂ්මල පටලය ආරක්ෂා වේ. එවිට මළවල ඇති විස රසායන නැවත ශරීරයට උරා ගැනීම අවම වේ. එමඟින් අන්ත්‍රවල පිළිකා ඇතිවීමේ අවදානම නැති වේ.

මේ අනුව බලන විට කොස් ආහාරයට ගැනීම අන්ත්‍රවල පිළිකා අවම කිරීමට හේතුවකි. පිළිකාවක් ශරීරයේ ඇති අයකු වෛද්‍යමය ප්‍රතිකාර නොගෙන කොස් පමණක් ආහාරයට ගැනීමෙන් පලක් නැත. වඩාත් සුදුසු වන්නේ වෛද්‍යමය ප්‍රතිකාර කරන අතරතුරේ සතියකට දෙතුන් වරක් කොස් ආහාරයට ගැනීමය.

පිළිකා රෝග සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේ ඇති ප්‍රතිකාර පිළිබඳව හිටපු සහකාර ආයුර්වේද කොමසාරිස් විශේෂඥ වෛද්‍ය නිමල් ජයතිලක මහතාගෙන් අපි විමසා සිටියෙමු. වෛද්‍ය නිමල් ජයතිලක මහතා පවසන්නේ, පිළිකා රෝගීන්ගෙන් විශාල පිරිසක් සුව කිරීමේ හැකියාව සහ අනෙක් රෝගීන් පිරිසගේ ජීවිත කාලය දීර්ඝ කිරීමේ හැකියාව දේශීය වෛද්‍ය ක්‍රමයට ඇති බවය.

වෛද්‍ය නිමල් ජයතිලක මහතා දක්වන ආකාරයට වෙනත් වෛද්‍ය ක්‍රමවල කළ හැකි ප්‍රතිකාර අවසන් වී අතහැර දැමු රෝගීන්ගේ ජීවිත පවා සුවපත් කිරීමේ හැකියාව දේශීය වෛද්‍ය ක්‍රමය සහ වෙනත් විකල්ප වෛද්‍ය ක්‍රම සතුය. දේශීය වෛද්‍ය ක්‍රමය යනු ආයුර්වේදය නොවේ.

දේශීය වෛද්‍ය ක්‍රමය මීට වසර තුන්දහසකටත් පෙර කලක සිට පැවත එන අපේ රටේ වෛද්‍ය ක්‍රමයය. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා ඇතිවීමට මූලික වශයෙන්ම බලපාන්නේ වැරැදි සහගත ආහාර සහ ජීවන චර්යාවන්ය. යහපත් ආහාර රටාවකට හුරු වීම, යහපත් වතාශ්‍රය ලැබීම, ක්‍රෝධය ඊර්ෂ්‍යාව සහ තණ්හාව වැනි අයහපත් සිතිවිලි වලින් තොර වීම, ප්‍රමාණවත් නින්ද, ව්‍යායාම ගැනීම, විවේකය, භාවනාව වැනි යහපත් ක්‍රියාවන් අඩංගු ජීවන රටාවකට හුරු වීමෙන් පිළිකා වැලඳීමෙන් වැළකී සිටීමේ හැකියාව ඇත.

පිළිකා රෝගය සඳහා දේශීය ප්‍රතිකාර කිරීමේදී ද රෝගය නිශ්චිත ලෙසම හඳුනා ගැනීම ඉතාම වැදගත්ය. ඒ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේ එන වෛද්‍ය පර්යේෂණ උපයෝගී කර ගැනීම පහසුය. පිළිකා සෛල හඳුනා ගැනීමේ මූලිකම පර්යේෂණය වන්නේ පිළිකාවකැයි සැක කරන ස්ථානයේ කොටසක් වෙන් කරගෙන එම සෛල පරීක්ෂා කිරීමය. පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේදී පිළිකාවේ වර්ගය, ඒ වන විට පිළිකාව පවතින ස්ථානය වෙනත් අවයවවලට පිළිකාවෙන් හානි සිදුවී ඇති ද යන වග රෝගියාගේ වයස ප්‍රතිකාරවලට දක්වන සංවේදීභාවය වැනි කරුණු නිශ්චය කර ගැනීම වැදගත්ය.

දේශීය වෛද්‍ය ක්‍රමයේ දී ශල්‍ය, ශස්ත්‍ර ක්ෂාර, අග්නි ඖෂධ මඟින් ප්‍රතිකාර කරනු ලැබේ. මෙහිදී භාවිත වන ඖෂධ ශාකවලින් ගන්නා ඖෂධයන්ය. ශාක ඖෂධ විෂ රහිත වීම, සහ එම ඖෂධ ගත් පසුව අතුරු ආබාධ ඇති නොවීම නිසා මෙම ඖෂධ දීර්ඝ කාලයක් දිය හැකිය. මෙහිදී දේශීය ඖෂධ නිපදවීමට කලාදුරු බීජ, ඉරුමුසු මුල්, චීන අල (රයිසෝම), බහුලව භාවිත වේ. කුඩා දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන පිළිකා විශේෂය වන "ලියුකේමියා" රෝගය සඳහා වදමල් සහ තවත් ඖෂධ රැසක්ම යොදාගෙන නිපදවන වදමල් පැණිය භාවිත වේ.

ගාමිණි සුසන්ත

ජීවන රටාව වෙනස්වීමපිළිකා වැඩිවීමට හේතුවක්
මහරගම ජාතික පිළිකායතනයේ අධ්‍යක්ෂ
විශේෂඥ වෛද්‍ය කනිෂ්ක කරුණාරත්න

අතහැර දැමු පිළිකා රෝගීන් පවා දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ගොඩගත්තා
ආයුර්වේද සහකාර කොමසාරිස්
විශේෂඥ වෛද්‍ය කමල් ජයතිලක

සතියකට වේල් කීපයක් කොස් කෑවොත් පිළිකා කාරක නැති වෙනවා
මහරගම ජාතික පිළිකායතනයේ
වෛද්‍ය සමාධි රාජපක්ෂ

මහත දරුවන් අනාගතයේ දී පිළිකාවට ගොදුරු වෙන්න පුළුවන්
ළමා රෝග විශේෂඥ
වෛද්‍ය දීපාල් පෙරේරා

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ගිරවෙකුගේ සාක්ෂියෙන් අභිරහස් ඝාතනයක තතු හෙළි වෙයි

ගිරවෙකුගේ සාක්ෂියක් මත ඝාතන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ආග්‍රා ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඉන්දීය මාධ්‍යවේදියෙකු වන විජේ ෂර්මාගේ බිරිඳ වන 45 හැවිරිදි නීලම් ශර්මා නැමැත්තිය යි. මීට අමතරව සැකකරුවන් නිවසේ සිටි බලු පැටවා ද ඝාතනය කර තිබේ.

 කෙ‍සේ වෙතත් ඇසින් දුටු සාක්ෂි හෝ වෙනත් කිසිඳු සාක්ෂියක් නොමැති අවස්ථාවක නිවසේ කූඩුවක රඳවා සිටි හර්කියුල් නම් ගිරවා අදාළ ඝාතන සම්බන්ධයෙන් එක ම සාක්ෂිකරු වී ඇත. විජේ ශර්මා නිවසට පැමිණෙන විට සිය බිරිඳ සහ බලු පැටවා ඝාතනය කර තිබෙනු දැක ඇති අතර කූඩුවේ සිටි හර්කියුල් ශෝකයට පත් ව සිටින ආකාරය ද දැක ඇත.

 පසු ව ඔහුගේ අෂුතෝෂ් නම් ඥාති පුත්‍රයෙකු ද නිවසට පැමිණ තිබේ. නිශ්ශබ්දව පසු වූ ගිරවා අෂුතෝෂ්ගේ පැමිණීම ත් සමග නොසන්සුන් ආකාරයෙන් කූඩුව පුරා සැරිසරීමට පටන් ගෙන ඇත. ටික වේලාවකට පසු අෂුතෝෂ් එම නිවසින් පිට ව ගොස් ඇති අතර එහිදී ගිරවා යළි ත් සන්සුන් වී ඇත. පසු ව තම නිවසට පැමිණි පිරිස් සමග සිදුවන කතාබහේදී අෂුතෝෂ්ගේ නම සඳහන් වන සෑම අවස්ථාවකදී ම ගිරවා නොසන්සුන් අකාරයකින් ශබ්ද නිකුත් කිරීම තමන්ට අෂුතෝෂ් පිළිබඳව සැකකයක් හට ගැනීමට ප්‍රධානම හේතුව වූ බව ෂර්මා පොලීසියට පවසා තිබේ.

 ඉන්පසු ෂර්මා මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරීමට තීරණය කර ඇත. එම යොමුව ඔස්සේ ක්‍රියාත්මක වූ ‍පොලීසිය අෂුතෝෂ් අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු‍ගේ දුරකතන සංවාදයන් ද පරීක්ෂා කර ති‍බේ. අත්අඩංගුවට පත් අෂුතෝෂ් සිද්ධිය පාපොච්චාරණය කරමින් පවසා ඇත්තේ, තමන් මිතුරෙකු ද සමග සොරකම් කිරීමේ අදහසින් සිය මාමාගේ නිවසට ගිය බව ය. මෙහිදී තමන් සහ යහළුවා සොරකමට පැමිණි බව නැන්දා දුටු බව ත් එම නිසා ඇය ඝාතනය කළ බව ත් පවසා ති‍බේ. තමන් නිවසේ සිටි බල්ලා ද ඝාතනය කළ බව අෂ්තුෂ් පිළිගෙන ඇති අතර තව ද ගිරවා කූඩුව තුළ නිශ්ශබ්දව සිටි බැවින් ගිරවා පිළිබඳ අවාධානය යොමු නොවූ බව ද පවසා ඇත. පසු ව තමන් සහ මිතුරා නිවසේ තිබූ දේ සොරා ගෙන එම ස්ථානයෙන් පලා ගිය බව ද ඔහු පවසා තිබේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ජයලලිතා ලෝක නායකයන්ට නිගාදෙන හැටි - Jayalalithaa showing world leaders bowing before her

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයලලිතා ඉදිරියේ දණ නමා වඳින ආකාරයෙන් හා ඔබාමා ඇතුළු තවත් රාජ්‍ය නායකයන් ඇයට හිස නමා ආචාර කරන ආකාරයේන් සකසන ලද පුවරුවක්ද සහිතව, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ 66 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොයිම්බටෝර්හි ප්‍රදර්ශනය කෙරෙන දැවැන්ත ප්‍රචාරක පුවරු පෙළක් නැරඹීම සඳහා ඇගේ ආධාරකරුවන් නගරය කරා ඇදෙන බව විදෙස් පුවත් සේවා පවසයි.
 එමෙන්ම, මෙම ප්‍රචාරක පුවරුවල ඇමෙරිකාවේ වත්මන් ජනපති බරැක් ඔබාමා හා හිටපු ජනපති ජෝර්ඩ් ඩබ්. බුෂ් මෙන්ම, චීන සහ ජපාන රාජ්‍ය නායකයන් ඇතුළු ලෝක නායකයන් කීප දෙනකු අතරින් රතු පලස ඔස්සේ ජයලලිතා පියනගන ආකාරයද දැක්වෙයි. ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා, ව්ලැඩිමීර් පූටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් ඇතුළු නායකයන් ජයලලිතා පිළිගැනීමට අත්පොලසන් දෙන ආකාරය දැක්වෙන ප්‍රචාරක පුවරුවක්ද වෙයි. 

ජයලලිතාගේ 66 වැනි උපන් දිනය වෙනුවෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ හැඩයෙන් විශාල කේක් ගෙඩියක් නිමවා ඇති බවත්, රුක් රෝපණය කිරීම්, කලා ප්‍රදර්ශන සහ ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කර ඇති බවත් තමිල්නාඩුවෙන් වාර්තා වෙයි.

 ඇතැම් විට ඉන්දීය පාර්ලිමේන්තුව සිය පාලනයට නතු කරගත්තේ යැයි, තම උපන්දින කේක් ගෙඩිය පාර්ලිමේන්තුවේ හැඩයෙන් නිර්මාණය කිරීම තුළින් ජයලලිතා ප්‍රදර්ශනය කිරීමට සැරසෙනවා විය හැකිය. 



IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ලිංගික අල්ලස් ගැනීම් බොරුවක් නොවෙයි - Nadeesha Hemamali

මෙවර පළාත් සභා මැතිවරණ බිමට හා හා පුරා කියා පැමිණි නිළියන් අතරින් නාමයෝජනා ලැබුණේ ඔබට පමණයි. ඊට හේතුව ඔබ විපක්ෂයෙන් තරග බිමට එක්වීම බවයි බොහෝ අය පවසන්නේ?
 මා ඊට එකඟවන්නේ නැහැ. කවර දේශපාලන පක්ෂය වුවත් නාමයෝජනා ලබා දෙන්නේ සුදුසු අයට.නුසුදුස්සන් ඉදිරිපත් කරන්න කවුරුත් කැමති නැහැ. මට නාම යෝජනා ලැබුණේ මා ඊට සුදුසු නිසා. නාම යෝජනා අහිමි වූ අයට එසේ වූයේ ඒ අයගෙ සුදුසුකම් අඩුවීම නිසා වන්නට ඇති.

විපක්ෂයෙන් දේශපාලනයට එක්වී පසු කලෙක ආණ්ඩු පක්ෂයට යාම දේශපාලන මාවතේ කෙටි මගක්..?
මම නම් කිසිම දාක ඔය කෙටි මගට යොමුවන්නේ නැහැ. ඒ කෙටි මග තුළින් ඉදිරියට යන අය ඉන්නවා. මා ඒ අය සමග සංසන්දනය කරන්නවත් මා ඒ අයට සමාන කරන්නවත් එපා. නදීෂා හේමමාලි කියන්නේ කෙළින් වැඩ කරන කෙනෙක්.

ඔබ නිතරම පවසනවා සුබවාදිව ජීවිතය දකින බව. ඒ අනුව මෙවර පළාත් සභා මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම දිනනවා කියලද ඔබ හිතන්නේ?
පැහැදිලිවම ඔව්. ඒ ගැන දැඩි විශ්වාසයක් මා තුළ තිබෙනවා. මම කරන හැමදේම දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව කරන කෙනෙක්.

ඡන්දයකදී දිනන්න ආත්ම විශ්වාසය පමණක් ප්‍රමාණවත්ද? ජනතා මනාපය ඊට අවශ්‍යයයි නේද?
විශාල ජනතා මනාපයක් මට වගේම අපේ පක්ෂයටත් තිබෙනවා. මෙම රජයේ පාලනයෙන් පීඩා විඳින ජනතාව අප වටා සිටිනවා. මෙම රජය පෙරළන ප්‍රථම වෙඩි මුරය අපි තබන්නේ මෙවර පළාත් සභා මැතිවරණයෙන්.මා කතා කරන්නේ ඔබ නියෝජනය කරන පක්ෂය ගැන නමෛයි. ඔබ ගැන. ජනතා මනාපය ලබාගන්න දේශපාලනය තුළ ඔබ කළ දේ වැදගත්. යම් හෙයකින් ජයගතහොත් කරන්නට බලා‍පොරොත්තු වන දේ ඊටත් වඩා වැදගත්.

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැකි ඉක්මනට ජනතාවට ඉදිරිපත් කරන්නට මා බලා‍පොරොත්තු වනවා. මම කියනදේ කරන, කරන දේ කියන කෙනෙක්. ඒ පුරුද්ද මට ඇතිවුණේ දේශපාලනයට පිවිසීමට කලින් ඉඳන්මයි. ජනතාවට හීන පෙන්වීම හා ඉන්පසුව ඒ හීන බිඳ දැමීම කිසිසේත්ම කරන්නේ නැහැ කියන අධිෂ්ඨානය තුළයි මම ඉන්නේ. ඒ හරහා තමයි මගෙ ප්‍රතිපත්ති ගොඩ නැගෙන්නේ.

ඔබේ ප්‍රකාශය අනුව ඔබට ‍පොරොන්දු දෙන්න සිදුවන්නේ කළ හැකි දේ ගැන පමණයි. නිළියක් ලෙස ලද ජනතාආකර්ෂණයෙන් මේ ගමන පැමිණි නදීෂාට කලාව නියෝජනය කරමින් යම් සේවාවක් කළ හැකිවේදැයි යන ගැටලුව මේ මොහොතේ අපට ඇති වෙනවා.

කාලයක් තිස්සේ කලාවේ නිරත කෙනෙකු ලෙස එහි පවත්නා ගැටලු මම දන්නවා. වර්තමානය වන විට කලා ක්ෂේත්‍රයේ ඇතිව ඇති අර්බුද ගැන අවබෝධයක් තියෙනවා. ඒ සියලු ගැටලු විසඳන්න පළාත් සභාව තුළ සිට මට බැරි වේවි. නමුත් ඊට එරෙහිව හඬක් නගන්න මට බලය ලැබේවි.

වර්තමානය වන විට කලාවේ ඇති අර්බුද මොනවාද?
කලාවේ හැම අංශයකම නොයෙක් අර්බුද තියෙනවා. මා වැඩි ජනතා ප්‍රසාදයක් ලැබූ ටෙලි නාට්‍යය කලාව ගැන ගතහොත් අද වනවිට එහි විශාල කඩා වැටීමක් තිබෙනවා. බාල බොළඳ නිර්මාණ බිහිවන්නේ මෙහි නිසි ප්‍රමිතිකරණයක් නොවීම නිසා. කවර නිර්මාණකරුවකු වුවත් නිර්මාණයක් කරන්නේ යම් ලාබයක් ලැබිමේ ච්ෙතනාවෙන්. අද ටෙලි නාට්‍යයක් කළොත් එය පෙන්වා ගැනීමේ අර්බුද රැසක් තියෙනවා.

 මේ පසුබිම තුළ අයථා ක්‍රම මගින් හරසුන් නිර්මාණකරුවන්ට මතුවීමට ඉතාමත් හොඳ ඉඩක් තිබෙනවා. මේ හේතුව මත දවසින් දවස හොඳ නිර්මාණ දුරස්වීමත් හරසුන් නිර්මාණ මතුවීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ කඩා වැටීමකුත් සිදුවනවා. මේ සියල්ල පිටුපස තියෙන්නේ දේශපාලනය. මා නියෝජනය කරන දේශපාලන පක්ෂය තුළ මෙබඳු හොර බොරු ක්‍රම නැහැ.

අද ටෙලි නාට්‍ය පෙන්වීමට ලිංගික අල්ලස් පවා දීමට සිදුවීම ගැන පසුගිය දිනවල ප්‍රබල කතිකාවක් ගොඩ නැගුණා?
ඒක සත්‍යයක්. ඒ විදියේ දේශපාලන පසුබිමක් අද ගොඩනැගිලා. හරවත් නිර්මාණ කරන අය ඔවැනි දේ තුළින් තම නිර්මාණවලට ඉඩක් ගන්න පෙළඹෙන්නේ නැහැ. හරසුන් නිර්මාණකරුවන් තමයි අඩු මිලට හෝ ඔවැනි අයථා ක්‍රම මගින් හෝ තම නිර්මාණය පෙන්වා ගන්න ඉදිරිපත් වන්නේ.සියල්ලටම වරද මේ පවතින දේශපාලන රටාව බවට ඔබ වක්‍රාකාරයෙන් චෝදනා කරනවා. 

අධ්‍යක්ෂවරුන් නිළියන්ට ලිංගික බලපෑම් කරන බවටත් අද චෝදනා තිබෙනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
කලාවේ විතරක් නමෛයි වෙනත් යම් කිසි ආයතනයක වුවත් නවක ගෑනු ළමයෙක් එන විට එම ආයතනයේ යම් යම් බලවතුන්ගේ බලපෑම්වලට ලක්වීම සිදුවිය හැකියි. ‍පොදුවේ හැමෝම එසේ කළේ නැතත් ඇතැම් අය ඊට පෙළඹෙනවා. ඒ ඔවුන්ගේ පෞද්ගලික ගුණාංගවල තියෙන වැරදි.

එසේ කියමින් මේ ගැටලුව සුළුකොට තැකිය හැකිද? නවක නිළියන්ට වගේම ඔබ කියන ලෙසින් ඕනෑම ක්‍ෂේත්‍රයක නවක යුවතියන්ට මෙය බලවත් අසාධාරණයක්?
අද අපේ රටේ කාම අපරාධ, බාලඅපචාර නිතර අසන්නට ලැබෙනවා. ඊට අමතරව නොයෙක් හිංසාවන්ට ගොදුරු වූ අය ගැන පුවත් ඇසෙනවා. ඒ වගේම ඔබ ඔය කී විදිහට ක්‍ෂේත්‍රයන්ට එන නවක ගැහැනු
ළමුන්ට බලපෑම් තියෙනවා. මේ හැමදේටම හේතුව මෙකී හිංසනයන්, පිඩනයන් සිදුකරන අයගේ මනෝභාවයයි. ඒ අය දැඩි පීඩනයකින් සිටින නිසයි තවත් අය හිංසනයට ලක් කරන්නේ. ඒ තුළින් ඔවුන් තමන්ගේ මානසික පීඩනය, අසහනය පිට කරගන්න හදනවා.

 ඒ පීඩනයට, අසහනයට හේතුව මේ පවතින සමාජ රටාවයි. අද තිබෙන්නේ එක පවුලක් වටා බලය ඒකරාශී වූ ඒකාධිපති රජයක්. ඉතින් රටේ සාමාන්‍ය ජනතාව ඉන්නේ දැඩි පීඩනයකින්. ඒ හින්දයි මේ හැමදේම වන්නේ. ඒ පීඩනය තුරන් වී ගියොත් මේ අපරාධ බොහෝ දුරට අවම කරගත හැකියි.

ඔබ අපූරු තර්ක තුළින් මේ සියල්ලම ආණ්ඩුවේ ගිණුමට බැර කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු තිබුණු කාලවල ඔය කිසි ප්‍රශ්නයක් තිබුණෙ නැහැ කියලද ඔබ කියන්නෙ?
අඩු වැඩි වශයෙන් ප්‍රශ්න තිබුණු බව මා පිළිගන්නවා. මා දන්නා පරිදි මට මතක පරිදි එක්සත් ජාතික පක්ෂ රජය 2002 සිට 2004 දක්වා පාලනය කළ කාලයේ ජනතාව මීට වඩා සතුටින් සිටියා. ඒකාධිපති පාලනයක් තිබෙන තැනක ජනතාව පීඩනයට පත්වනවා. ඒක ඕනෑම රටකට ‍පොදුයි. අද අපේ රටේ තිබෙන්නේ ඒ විදියේ ජීවිත, සමාජ පසුබිමක්.

ආරියවංශ කුලතිලක
http://ift.tt/OLLv1Y

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013