සංගාගෙන් රජ ඉනිමක්.. ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව දිනයි - Sanga leads Sri Lanka to two-wicket win over India

කුමාර් සංගක්කාරගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාවට එරෙහිව අද පැවැති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා ගැනීමට සමත් විය.මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9ට ලකුණු 264ක් ලබාගත්තේය.

පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 49.2දී ජය වාර්තා කළේය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුමාර් සංගක්කාර පන්දු 84දී ලකුණු 103ක් ලබාගත් අතර එය ඔහුගේ 18 වැනි එක්දින ශතකයද වේ.මීට අමතරව කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක් හා ලහිරු තිරිමාන්න ලකුණු 38ක් ලබා ගැනීමට සමත් විය.

මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත්වෙද්දී ලකුණු ලබා ගැනීමේ වේගයද වැඩි කරමින්, ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමින් සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නේය.තරඟයේ වීරයා සම්මානය කුමාර් සංගක්කාරට හිමිවිය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලකුණු ලබා ගැනීමේ සටහනේ පෙරමුණේ පසුවේ.









ලකුණු පුවරුව











Sri Lanka defeated India by two wickets and with just four deliveries to spare, to top the points table of Asia Cup, in Fatullah on Friday.

Chasing 265 for a win, Kumar Sangakkara (103 off 84) helped his team go past the finish line despite repeated strikes by Ravindra Jadeja (3/30) at the other end.

Sri Lanka received a solid start from openers as Kusal Perera (64) and Lahiru Thirimanne (38) put on an 80-run stand. The two hit four boundaries each to keep the score ticking at a decent pace before Ravichandran Ashwin dislodged both in quick succession.

In walked Sangakkara and anchored himself at one end. He resisted India's spinners and seamers with poise to move the chase forward. The twist in the tale came in the 32nd over when Ravindra Jadeja struck from the other end - dismissing veteran Mahela Jayawardene (9) before he could set his eyes in.

The spinner made it two in two when he bowled Dinesh Chandimal off the very next delivery to bring India back into the match.

The flurry of wickets in the middle-order continued as Mohammad Shami matched Jadeja's exploits - dismissing Angelo Matthews (6) and Sachitra Senanayake (12) to leave Sri Lanka wobbling at 183/6 in 36.2. Sri Lanka fans however did not lose hope as Sangakkara continued his resistance from the other end.

The 36-year-old waited till the slog overs before he unleashed himself - hitting boundaries at will. He targeted Bhuvneshwar Kumar specifically as he hit shots all around the park, leaving India skipper Virat Kohli frustrated. Indian fielders too were generous in providing escape routes.

There were plenty of dropped catches through the course of Sri Lanka's innings with even wicketkeeper Dinesh Karthik making a mess of a stumping chance to get rid of Sangakkara who was then on 30.

He did eventually fall in the 49th over but the tailenders ensured his efforts did not go in vain.

Earlier in the day, Shikhar Dhawan hit 94 to help India to 269/9. In what could have been a daunting total - one closer to the 300-run mark, Dhawan's innings proved to be the only one of substance before Ajnatha Mendis (4/60) and Senanayake (3/41) staged a massive collapse. - NDTV

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

සාධු චර්යාව නිසාවෙන් උදාරිට ගෞරව උපාධියක් - Udari Warnakulasooriya

ජනප‍්‍රිය ටෙලිනාට්‍ය නිළි උදාරි වර්ණකුළසූරිය දැන් ගෞරව නාම උපාධියකින් පිදුම් ලද කාන්තාවක්. ඒ ගල්ගමුව ප‍්‍රදේශයේ පන්සලකින් ලද උපාධියකින්. මෙවන් උපාධියක් ඇයට ලබාදීමට හේතුපාඨ ලෙස දක්වා ඇත්තේ ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාවයි.

 ඊට අනුව ඒ අනුව ගෞරව නාමය ලබාගැනීමෙන් පසුව උදාරිගේ නම වන්නේ ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය ලෙසය. උදාරිට මෙම ගෞරව නාමය පිරිනමා ඇත්තේ ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරයෙනි. 


උදාරි සමඟ කළ සංවාදය පහතින්




එම ගෞරව උපාධියේ ඡායාරූපයක් පහතින්,


සාධු චර්යාව නිසාවෙන් ගෞරව උපාධියකින් පිදුම්ලද උදාරිගේ ඡායාරූප කිහිපයක් පහතින්



http://ift.tt/1nUHWAx
http://ift.tt/1nUHYZa
http://ift.tt/1nUHWAD

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ලංකාවේ සිරගෙවල් උතුරයි

ශ්‍රී ලංකාවේ සිරගෙවල්වල ඉඩකඩ ඇත්තේ ‍ෙදාළොස් දහස් පන්සියයකට (12,500) තරම් වුවත් රැඳවූවන් විසි දෙදහසකට (22,000) ආසන්න පිරිසක් සිරගතව සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කීය.

බන්ධනාගාර කොමසාරිස්වරයාගේ මේ සංඛ්‍යා ලේඛනවලට අනුව සිරකරුවන්ගේ අතිරික්තය 9,500කි. වෙනත් වචනවලින් කියනවා නම් 9,000ක් හිරේ ඉන්නේ හිරවෙලයි.

මහර බන්ධනාගාරයේ පහසුකම් ඇත්තේ රැඳවූවන් පන්සියයකට (500) වුවත් එල්ලා මැරීමට තීන්දුව ලැබුණු නවසිය තිස්දෙනකු (930) එහි සිටින බවත් මේ නිසා බන්ධනාගාරයේ ඉඩකඩ ඇහිරීමෙන් මේ පිරිස මහා බරක් වී ඇති බවත් කීය.මරණ දණ්ඩනය නියම වූ පිරිස පන්සිය දහනවයක් (519) බවත් එම දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ තවත් 411 දෙනකු සිටින බවත් ඒ දෙපිරිසගේ එකතුව 930ක් බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා කීය.


එල්ලා මැරීමට නියම වූවකුට එක් කුටියක් බැඟින් දිය යුතු වුවත් දැනට එක් කුටියක එවැනි පුද්ගලයන් පස්දෙනකු බැගින් රඳවා තිබෙන බවත් ඒ මහතා සඳහන් කෙළේය.

වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැඳවූවන්ට ඉඩකඩ ඇත්තේ පිළිවෙළින් දෙදහස් පන්සියයකට (2,500) සහ නවසිය හැත්තෑවකට වුවද දැනට ඒ බන්ධනාගාර දෙකේ පිළිවෙළින් සිටින සංඛ්‍යාව තුන්දහස් හයසියය (3,600) සහ දෙදහස් පන්සිය පනහක් (2,550) බවද කීය.

මේ තත්ත්වය ඉහළ කළමනාකරණයට කාලයක් තිස්සේ සිට දැනුම්දීමේ ප්‍රතිඵලයක් වශයෙන් අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ රුපියල් කෝටි පන්සියයක (5,00,00,00,000) ඇස්තමේන්තුවකට ඉදිකෙරෙන බන්ධනාගාර සංකීර්ණයේ රැඳවූවන් එක්දහස් හයසියයකට (1,600) පමණ ඉඩකඩ සැලසෙන බව කී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා බන්ධනාගාර ඉඩ නැති වීම රජයට මෙන්ම සමාජයටද විශාල ප්‍රශ්නයක් බවත් අනාගතයේදී මේ තත්ත්වය උග්‍ර විය හැකි බවත් කීය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ගයේෂගෙයි රුවන්තිගෙයි අලුත්ම තොරතුරු

මෙවර බස්නාහිර පලාත් සභා නාමයෝජනා ලැයිස්තුවෙන් කැපී ගිය ගයේෂා පෙරේරා හා රුවන්ති මංගලා ආගිය අතක් සොයාගැනීමට පසුගිය කාලයේ බොහෝ දෙනෙකු හට නොහැකි වී තිබිණ.

නමුත් ඔවුන් දෙදෙනා මේවනවිට මැතිවරණ වේදිකාවල ප්‍රසිද්ධියේ පෙනී සිටිනා බව වාර්තාවේ.පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතාගේ උත්සව වලට රුවන්ති මංගලා සහභාගී වන අතර රාත්‍රී කාලයේ පැවති උත්සවයක දුමින්ද සිල්වා ලඟින්ම ඇය අසුන්ගෙන සිටිනා අයුරු පසුගියදා දැකගත හැකිවිය.

මේ අතර ගයේෂා පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග මැතිවරණ ප්‍රචාරක රැලි වලට සහභාගි වෙමින් සිටියි.ඇය, ගීතා කුමාරසිංහ මහත්මියගේ ජයග්‍රහණය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග ගාල්ලට ගොස් තිබෙන බවත් වාර්තාවේ.














IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

'ෆේස්බුක්' හරහා මගේ රංගනයන් ගැන විවිධ අදහස් පළ කරලා සුබපැතුම් එවලා තිබුණා - සෙනාලි

සෝමරත්න දිසානායකයන්ගේ 'සිරි පැරකුම්' චිත්‍රපටයේ 'සිරිමල් එතනා' චරිතය තුළින් සිනමාවට පිවිසි සෙනාලි ෆොන්සේකා මේ දිනවල නැවතත් සිය මව් රටට පැමිණ සිටියි. එංගලන්තයේ වෙසෙමින් සිය අධ්‍යාපන කටයුතු වල යෙදෙන සෙනාලි ලැබුණු කෙටි විවේකයත් සමගින් ශ්‍රී ලංකාවට පැමිණ අලුත් කලා කටයුතු කිහිපයකටම දායක වෙමින් සිටින බව දැනගන්නට ලැබුණි. මේ නිසාම සෙනාලිගේ අලුත් කලා කටයුතු පිළිබඳව තොරතුරු විමසන්නට 'අද' අපි ඇය සමගින් කතා බහ කළෙමු.

කොහොමද සෙනාලි ඉතින්?

හොඳින් ඉන්නවා. අධ්‍යාපන කටයුතු වලදී ලැබුණු කෙටි නිවාඩුවකට පසුගිය දෙසැම්බර් අගදී මම ආපහු ලංකාවට ආවා. ඒ අතරම ආරාධනා ලැබුණු අලුත් නිර්මාණ කිහිපයකටත් මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නවා. 'සිරි පැරකුම්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට එකතු වෙද්දි තවත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා 'කළු සෙවණැල්ල' කියලා. 


මේ ටෙලි නාට්‍යය කොටස් 30ක සිමීත එකක් හින්දා මෙහි රූපගත කිරීම් කටයුතු පහුගිය නිවාඩුවට ආපු වෙලාවේ අවසන් කරගන්න පුළුවන් වුණා. මම හිතන විදිහට මෙහි සංස්කරණ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. බොහෝ විට ඉදිරි කාලයේදී මේ ටෙලි නාට්‍යය ඉතා ඉක්මනින් විකාශය වේවි කියලා හිතනවා. ඊට අමතරව 'සිරි පැරකුම්' චිත්‍රපටයෙන් පස්සෙ තවත් චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා. එක් චිත්‍රපටයකට මා මේ වන විටත් කැමැත්ත ලබාදීලා තියෙනවා.

'සිරි පැරකුම්' හි 'සිරිමල් එතනා' චරිතයට කොහොමද ලැබුණ ප්‍රතිචාර?

හොඳ ප්‍රතිචාර ලැබුණා. 'සිරි පැරකුම්' චිත්‍රපටය ප්‍රදර්ශනය අවසන් වුණත් මාව අද දකින මගේ ප්‍රේක්ෂකයෝ මට කතා කරන්නේ 'සිරිමල් එතනා' කියලා. එතකොට නම් පුංචි ආඩම්බරයකුත් මට තියෙනවා. මොකද, මගේ පළමු රංගනයට මෙවැනි ඉහළ ප්‍රතිචාර තවමත් ලැබෙන හින්දා‍.

ලංකාවේ විතරද ඔයාට මේ වගේ ප්‍රතිචාර ලැබුණේ?

නැහැ. එංගලන්තයේ මා ඇසුරු කරන මගේ සියලුම යහළුවෝ දැනගෙන හිටියා මම ලංකාවේ චිත්‍රපටයකට සම්බන්ධ වුණා කියලා. ඔවුන් මගේ සිනමා තොරතුරු වගේම 'සිරි පැරකුම්' චිත්‍රපටයේ ඇතුළත් ගීත හා දර්ශන අන්තර්ජාලයෙන් නරඹලා තිබුණා. ඒ හරහා මාව දැකපු බොහෝ දෙනෙක් 'ෆේස්බුක්' හරහා මගේ රංගනයන් ගැන විවිධ අදහස් පළ කරලා සුබපැතුම් එවලා තිබුණා.

'සිරි පැරකුම්' එංගලන්තයේදී ප්‍රදර්ශනය කරන්න සැලසුම් කළේ නැද්ද?

'සිරි පැරකුම්' චිත්‍රපටය එංගලන්තයේදී ප්‍රදර්ශනය කළේ නැහැ. නමුත්, ඔස්ට්‍රේලියාව හා ඉතාලිය යන රටවල් වල මෙය ප්‍රදර්ශනය කළා. ඒ අයගෙනුත් මට සහ මගේ රංගනයට හොඳ ප්‍රතිචාර ලැබුණා.

රංගනය කියන දේ හදාරන්න අවශ්‍ය දෙයක් කියලා මේ අවස්ථාවේදී හිතුණෙ නැද්ද?

හිතුණා. ඒ නිසාම තමයි මම මේ වන විට එංගලන්තයේදී නාට්‍ය හා රංග කලාව පිළිබඳව හැදෑරීමක් සිදුකරන්නේ. මම හිතනවා එහිදී ලබන අධ්‍යයනය ඉතා වැදගත් වේවි කියලා ඉදිරියේදී මා රංගනයෙන් දායක වන නව නිර්මාණ වලට.

නිතරම කලා කටයුතු වලට සම්බන්ධ නොවීම ඔබට අවාසියක් කියල හිතෙන්නෙ නැද්ද?

නැහැ. ඒකට හේතුව තමයි රංගනය කියන්නේ මගේ වෘත්තිය නොවන නිසා. මම කැමතියි රඟපාන්න. මොකද, ඒක මගේ පුංචි කාලෙ ඉඳලා තිබුණ හීනයක් හින්දා. මම දැනට ජීව විද්‍යා අංශයෙන් ක්‍රේම්බිජ් විශ්වවිද්‍යලයේ උපාධිය හදාරනවා. ඒ අංශයෙන් මම විද්‍යාඥවරියක් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. එතකොට ඒක තමයි මගේ වෘත්තිය වෙන්නේ.

දිගටම ලංකාවේ නවතින්න අදහසක් නැද්ද?

තියෙනවා. මගේ අධ්‍යාපන කටයුතු තව අවුරුදු 4කින් හෝ 5කින් නිම වෙනවා. එතකොට මට විද්‍යාඥවරියක් විදිහට රැකියාවක් කරන්න පුළුවන්. ලංකාවේදී ඒ විදිහට වැඩ කරන්න මගේ අදහසක් තියෙනවා. ඒ නිසා තව අවුරුදු කිහිපයකින් මම නැවතත් ලංකාවේ පදිංචියට එන්න සූදානම් වෙනවා. එතකොට විද්‍යාඥවරියක් විදිහට ලංකාවට සේවයක් කරන්න වගේම ලංකාවේ කෙරෙන කලා කටයුතු වලටත් දායක වෙන්න හැකිවේවි කියලා හිතනවා.

ඡයාරූප 'කිසල් ෆොටෝග්‍රැෆි' අනුග්‍රහයෙනි





IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ජනාධිපති නමින් SMS යැවූවන් සොයයි - “Happy New Year Malli, Mama Mahinda Aiya”.

පසුගිය ජනවාරි පළමුවැනිදා දුරකථන මගින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් අලුත් අවුරුදු සුබපැතුම් කෙටි පණිවුඩ යැවූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

මේ අන්දමට ජනවාරි පළමුවැනිදා ජංගම දුරකථනවලින් ඇතැම් ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ යැවීම නිසා ජනාධිපතිවරයාගේ කීර්තිනාමයට හානියක් සිදුවිය හැකි බවට පැමිණිල්ලක් ලැබී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (26දා) දන්වා සිටියේය.

'හැපී නිව් ඉයර් (Happy New Year) මල්ලී, ඉන්න යකුන්ගෙන් ඔළුව පරිස්සම් කරගෙන ජීවත්වෙන්න. මීට මහින්ද අයියා' ලෙසත්, 'කොහොමද චානක, දකුණෙන් ඡන්දෙ ඉල්ලන්න ආසද?' ලෙසත් කෙටි පණිවුඩ යොමුකර තිබේ.


මෙම කෙටි පණිවුඩ කිසියම් පුද්ගලයකු විසින් විහිලුවට එවා තිබුණත්, ඒ මගින් ජනාධිපතිවරයාගේ කීර්තිනාමයට හානියක් සිදුවිය හැකි බවත්, මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ නම අයථා ලෙස භාවිත කරන අය කවුරුන්දැයි දැනගැනීමට අවශ්‍ය බව පවසන පැමිණිලිකරු අපරාධ කොට්ඨාසයෙන් විමර්ශන පවත්වන ලෙස ඉල්ලා ඇත.

The Colombo Fort Magistrate today ordered two mobile phone service providers to provide details pertaining to three telephone numbers alleged to have been used by a person who allegedly sent text messages posing as President Mahinda Rajapaksa.

Filing a B report before Magistrate Thilina Gamage, the Colombo Crimes Division (CCD) sought a court order to obtain details regarding two telephone numbers alleged to have been used by the offender.

The CCD informed court that it had received a complaint from a staff member attached to a private media institution stating that he received a text message on January 1 stating "Happy New Year Malli, inna yakungen oluwa parissam karagena jeewath wenna. Mama Mahinda Aiya".

The complainant further told police that the same type of message had also been received by another staff member of his institution which read: "Kohomada Chanaka, Dakunen Chande Illanna Asada?" Finally, he had requested the police to conduct an investigation into the incident. (Lakmal Sooriyagoda)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

The Last Phase වාර්තාමය චිත‍්‍රපටය බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එළි දකී

ශ‍්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදයෙන් පීඩාවට පත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවකගේ සත්‍ය සිදුවීම් පාදක කොටගෙන සකසන ලද වාර්තාමය චිත‍්‍රපටය බි‍්‍රතාන්‍යය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විද්වත් පිරිසක් වෙනුවෙන් ප‍්‍රදර්ශනය කර තිබෙනවා. ශ‍්‍රී ලාංකීය ස්වාධීන මාධ්‍ය කණ්ඩායමක් විසින් සකසන ලද ද The Last Phase වාර්තාමය චිත‍්‍රපටය පසුගිය 24 වැනිදා එරට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප‍්‍රදර්ශනය කළ බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ. 

එම අවස්ථාව නියෝජනය කරමින් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් මන්ඩි ඊයේ දිනයේදී ශ‍්‍රී ලංකාවට පැමිණියා. පසුව ඔහු මහත් හරසරින් යුතුව පිළිගෙන රිය පෙරහැරකින් කොළඹ නිදහස් චතුරශ‍්‍රය දක්වා රැගෙන ආ බවයි යුද හමුදා මාධ්‍ය අංශය කියා සිටියේ.

මෙම වාර්තාමය චිත‍්‍රපටය බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවේ තිරගතකිරීම තුළින් විවිධ මාධ්‍ය ගෙනයනු ලබන අසත්‍ය ප‍්‍රචාර සම්බන්ධයෙන් සත්‍ය අවබෝධ කරගනු ඇති බව තමන් විශ්වාස කරන බවයි බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් මන්ඩි සඳහන් කළේ. ශ‍්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අදහස් දක්වමින් මොහු වැඩිදුරටත් කියා සිටියේ චැනල් ෆෝ පෙන්වනු ලබන චිත‍්‍රපටවල අන්තර්ගතය ප්‍රෙක්ෂකයා නොමග යවන්නක් බවයි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

‘ගුරු යකදුරාගේ අපුරු ප්‍රතිකාරයක් ’ Teacher allegedly burnt soles of girl’s feet to drive away evil spirit

'යකා වැහුණු ' දැරියගේ දෙපා පුළුස්සලා
හොරොව්පතාන ප්‍රදේශයේ පාසල් උප ගුරුවරයකුගේ නිවසේ වැඩට ගිය පාසල් සිසුවියකගේ යටිපතුල් රත් වු යකඩයකින් පුළුස්සා දැමීම නිසා දැරිය අසරණ වී සිටි.හොරොව්පතාන මොරකෑව සුව උදාන ගම්මානයේ ඒ රංජනී කුමාරී (17) එම සිසුවියයි.

සිසුවිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමෙන් පසුව ඇයගේ විදුහලේම ඉංග්‍රිසි විෂය ඉගැන්වු ගුරුවරයකුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇත්තේ ඔහු දරුවා බලා ගැනීමට යැයි පවසමිනි. ඇයට ඒ සඳහා දිනකට රුපියල් 500 බැගින් ද දෙන බව පවසා ඇත.ටික දවසකින් දරුවා බලා ගැනීම අතහැර සිය නිවසට ආ සිසුවියට ගුරුවරයාගේ බිරිය තර්ජනය කරමින් පවසා ඇත්තේ දින තුනක් ඇතුළත කෙසේ හෝ ඇය නිවසට ගෙන්වා ගන්නා බවයි.ගුරුවරයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද කරන අයෙකියි ද කියති.

දැරියගේ මව පැවසුයේ දින තුනක් යද්දී දැරියට රෝගයක් වැළදුණු බවයි.පසුව ඇප නුලක් දමා ගැනීමට එම ගුරුවරයාගේ නිවසට ගිය පසු අයට යකෙකු වැසී ඇති බව පවසමින් යකා එළවා දමන බව පවසා පැමිණ සිටි පිරිස ඉවත් කර යකඩ බටයක් රත්පැහැවන තුරු රත් කර සිය දියණියගේ යටි පතුල් පුළුස්සා ඇත.


සිසුවියගේ සහෝදරයා වන ඒ විජය කුමාර එම සිද්ධිය ඇසින් දුටුවෙකි.පසුව සිසුවිය හොරොව්පතාන රෝහලට ද ඇතුළු කැර අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මානසික රෝගියකු සේ සලකා මානසික රෝගීන් සිටින වාට්ටුවකට ඇතුලත් කැරීමට සැරසෙද්දී ඇගේ මව්පියන් ඇය රෝහලෙන් රැගෙන ගොස් මිහින්තලේ සීප්පුකුලම ප්‍රදේශයේ ඥාතී නිවසකට තබාගෙන සිටී.

හොරොව්පතාන පොලීසියෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ සිද්ධියට අදාල ගුරුවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාර්ගයෙන් පොලිසියට භාර වී අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව ඇප ලබා දී ඇති බවයි.



A horrific tale of alleged torture on a school-girl from Horowpathana was reported recently. A. Ranjani Kumari (17) of Suwa Udana village, Morakawa, Horowpathana alleged that she had to face severe cruelty at the hands of a teacher at school who had allegedly also dabbled in black magic and exorcism for a living at a 'Devale' that he owned along with his wife who was also said to engage in fortune telling.

This incident had remained a secret for more than a month. Kumari was hoping to sit for the G.C.E (O/L) examination this year.

Her family had levelled allegations against the teacher saying that he had burnt the soles of their daughter's foot when she refused to work as a servant at his house. She was presently staying in house belonging to a relative in Seeppukulama, Anuradhapura.

She explained what had happened to her in these words. "Jayalath sir who taught us requested me to come and look after his child. I acceded to his request as I had finished my exam and my father was not alive. My mother earns a livelihood by selling vegetables. He promised to pay me Rs.500/=. I went to work for 9 days. He brought another young girl to work at his home. Then I stopped going to work there because the new girl had begun to look after the baby. His wife was very stern. People come to their devale every day for consultations and black magic etc. When I tried to leave them his wife threatened me to practice black magic on me too. After some time, I found that the soles of my feet had developed sores and was numb.

Her mother, K.A. Dayawathi (56) explained what has happened to her daughter in this manner:

I have eight children to look after. My husband died after falling into a lake. I cannot do any hard labour work because the LTTE shot me and my arm was damaged. I borrow something from the villagers for the survival of my children and also sell a few vegetables. It was after the exam was over that the teacher came and took my daughter to work for him. However, she refused to go to work there. They threatened to bring down the wrath of the gods on us in retaliation for this. They have a Devale and practise black magic also. Three days after that my daughter fell ill. We pleaded with the teacher to heal my daughter's wounds. Then he requested us to bring her to their Devale. He said that she was devil possessed and that he would have to try and coax the devil out of her. After that my son and several others helped to lift her into a room. Then I found out that the soles of her feet had been burnt by them. Thereafter I took my daughter to the Horowpathana Hospital for treatment and she was later transferred to the Anuradhapura Hospital as the burns on her feet were severe. This incident took place on December 21 last year. The Horowpathana police came and got a statement from us. They promised to file action against them. We do not know what happened after that. Some reporters came from the newspapers saying that they are going to publish this incident but they did not do so.

The Police inspector of the Horowpatana police L.A.D. Ratnaweera said that action had been filed against the suspect teacher after he turned himself over to the deputy IGP of the Central Province. The Inspector said that they were investigating reports that this teacher had been running a devale and treating the patients in the area using black magic.

This family is in a very deplorable condition that they are unable to eke out their living and for her medical treatment. She is being looked after her brother. Her mother requests the general public to assist them by donating a wheel chair. Those who are willing to help this family could get more information by calling Tel. No:- 0723354318. (News and Pix by Kanchana Kumara Ariyadasa)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013