ජනාධිපතිවරණය නිරීක්ෂණ කටයුතු සඳහා විදේශ නිරීක්ෂකයින් මේ වන විට පැමිණෙමින් සිටින බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් යු.අමරදාස මහතා සඳහන් කළේ අද දිනයේ එක් විදේශ නිරීක්ෂකයෙකු දිවයිනට පැමිණි බවයි.
මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දකුණු ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂණ කණ්ඩායම්වල සාමාජිකයින් 60කට ආසන්න සංඛ්‍යාවක් පැමිණීමට නියමිතය.
ඉදිරි දින කිහිපය තුළ ඔවුන් දිවයිනට පැමිණෙනු ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට් හෙට දිනයේ තැපෑලට බාරදීමට නියමිත අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ලබන 23 සහ 24 යන දිනවල පැවැත්විමට නියමිතය.

Post a Comment