අනුරාධපුර - කුරුණැගල මාර්ගයේ තලාව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනුරාධපුර සිට තලාව බලා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.
අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයින් 06 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් දෙදෙනෙකු තලාව රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරු සහ ත්‍රී රෝද රථයේ රියදුරු ද වන බව සඳහන්ය.
අනතුර සම්බන්ධයෙන් තලාව පොලිසිය වැඩිදුර විමරශන සිදුකරයි.
Post a Comment