නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂේණුකා සෙනවිරත්න මහත්මිය ජීනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ කාලයේ දී එම නිල නිවස අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ පුද්ගලයෙකු වෙත ලබා දී ඇති බවට ඇයට ඇතැම් පාර්ශව විසින් චෝදනා එල්ල කර ඇත.
මේ පිළිබඳ පැහැදිලි කරන විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම ප්‍රසම්පාදන කම්ටුව විසින් අනුමත කර ඇත්තේ 2009 වසරේ නොවැම්බර් මස 05 වනදා බවයි.
එහෙත් ක්ෂේණුකා සෙනවිරත්න මහත්මිය ජීනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස වැඩ භාරගෙන ඇත්තේ 2009 වසරේ නොවැම්බර් මස 15 වන දා වන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
ඇය ජීනිවා නුවරට ළගාවීමට පෙර අදාළ සමාගමට එම කොන්ත්‍රාත්තුව ලබාදීමේ කටයුතු ප්‍රසම්පාදන කම්ටුව විසින් අවසන් කර ඇති බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියයි.
එමෙන්ම අදාළ කොන්ත්‍රාත්තුව ලබාගත් සමාගමේ හිමිකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සඳහන් වුව ද එවැනි කිසිදු තොරතුරක් තමන් සතුව නොමැති බවට මේ පිළිබඳ ස්විස් ෆෙඩරල් බුද්ධි සේවය විසින් තමා වෙත දන්වා ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියක් සම්බන්ධයෙන් වගකීම් විරහිතව වාර්තා පළකිරීම කණගාටුවට කරුණක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post a Comment