නිවේදනයක් නිකුත් කරන එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ 2014.10.27 දින පෙ.ව. 11.30 ට රද්දොළුගම පඤ්ඤානන්ද ප‍්‍රාථමික විදුහලේදී ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමකට විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට පැමිණෙන ලෙසට දැනුම්දී ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිපි ශීර්ෂය ද යොදාගනිමින් මහඇමතිවරයා විසින් එසේ යවන ලද ලිපිවල දැක්වෙන්නේ පාසල් වේලාවේදී පැමිණෙන නියෝජිතයින් සඳහා අවශ්‍ය නම් රාජකාරි නිවාඩු අනුමත කිරීමට ද හැකියාව ඇති බව යනුවෙන් යැයි ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙයි.
මෙය වූ කලී පාසල් පද්ධතිය දේශපාලනීකරණයේ කිරීමේ ව්‍යාපෘතියක් බැවින් මීට දැඩි විරෝධය පළ කරන අතරම මීට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එම නිවේදනය මගින් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
බස්නාහිර මහඇමති ප‍්‍රසන්න රණතුංග පාසල්වල දේශපාලන කටයුතු සිදු කිරීම දැඩි පිළිකුලෙන් හෙළාදකිමු!
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ලිපි ශීර්ෂය යටතේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික යන තනතුර ද සඳහන් කරමින් මීගමුව අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ශී‍්‍ර ලංකා නිදහස් ගුරු සංවිධානය සවිබල ගැන්වීමේ වැඩසටහනට ලිඛිතව ආරාධනයක් කොට ඇත.
එම වැඩසටහන 2014.10.27 දින පෙ.ව. 11.30 ට රද්දොළුගම පඤ්ඤානන්ද ප‍්‍රාථමික විදුහලේ ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත්, පාසල් වේලාවේදී පැමිණෙන නියෝජිතයින් සඳහා අවශ්‍ය නම් රාජකාරි නිවාඩු අනුමත කිරීමට කටයුතු කළ හැකි බවත් අදාළ ලිපියේ සඳහන් කර ඇත.
ප‍්‍රධාන අමාත්‍යවරයා සිය අමාත්‍ය බලතල උපයෝගී කොට ගෙන දේශපාලන පක්ෂයක රැස්වීමකට පැමිණෙන ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රාජකාරි නිවාඩු අනුමත කරන බව සඳහන් කිරීමෙන් පැහැදිලි වන්නේ බස්නාහිර පළාත් අධ්‍යාපනයේ දේශපාලනීකරණයේ උච්චතම අවස්ථාවකි.
මෙම තත්ත්වය ලංකා ගුරු සංගමය දැඩි පිළිකුලෙන් හෙළාදකින අතර, අධ්‍යාපන පද්ධතිය මේ ආකාරයට දේශපාලනීකරණය කිරීම තුළ සිදුවන විනාශය බරපතළ බව පෙන්වා දෙමු. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ලිපි ශීර්ෂය සහිතව මේ ආකාරයෙන් රාජකාරි නිවාඩු දීමට කිසිදු නීත්‍යානුකූල ප‍්‍රතිපාදනයක් රාජ්‍ය සේවාව තුළ නැත. බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් ගුරුවරුන්ගේ සේවාස්ථ සැසි පවා පාසල් කාලවේලාවේදී පැවැත්විය නොහැකි බවට චක‍්‍රලේඛ නිකුත් කර ඇති පසුබිමක මෙවැනි දේශපාලන රැස්වීම්වලට රාජකාරි නිවාඩු ලබාදීමෙන් පෙනී යන්නේ රාජකාරි වේලාව තුළ සේවාස්ථා සැසි නොපැවත්වීමේ කි‍්‍රයාදාමය ගුරුවරු පීඩාවට පත්කිරීම සඳහාම කළ දෙයක් බවයි.
පාසල් තුළ සිදු කරන මෙවැනි දේශපාලන ව්‍යාපෘති අධ්‍යාපනයට බරපත්ල විනාශයක් ඇති කෙරෙන බැවින් වහාම මෙම වැඩපිළිවෙළ නරත කළ යුතු බව අප නැවතත් අවධාරණය කරන අතර, මේ තත්ත්වයට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට සියලූ වෘත්තීය සමිති ඒකාබද්ධ කර ඉදිරියේදී කි‍්‍රයාමාර්ගයකට යොමු වන බව වැඩිදුරටත් දන්වා සිටිමු.
ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්
Post a Comment