ලොකේ සංචාරකයෝ ලංකාවට එන්නේ ළමා ගණිකාවෝ හොයාගෙන

ලොකේ සංචාරකයෝ ලංකාවට එන්නේ ළමා ගණිකාවෝ හොයාගෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ,පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ මහතා මේ බව ප‍්‍රකාශ කලේ වේයන්ගොඩ කටුවස්ගොඩ ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ අද ලංකාව ගොඩක් දේවවල් වලින් ෆස්ට් එකට ඇවිත් තියෙනවා. මොනවගෙන්ද මේ පළවෙනි තැනට ඇවිත් තියෙන්නේ? ඊයේ පෙරේදා ප‍්‍රවෘත්ති වලට පෙන්නුවා ඔයාලා බලන්න ඇති. අපි මොනවගෙන්ද ෆස්ට් එක කියලා. සෙකස් වලින් තමයි පළවෙනි තැන අරන් තියෙන්නේ. ලංකාවේ තරුණ තරුණියෝ ගුගල් එකේ ලිංගිකත්වය ගැන හොයන්න ගිහින් එකේන් ෆස්ට් එක අරන් තියෙනවා. ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න චීනේ. එහෙ වැඩි ජනගහණයක් ඉදලත් එහෙම නැහැ. නමුත් ලංකාවේ ඉන්නේ කෝටි දෙකයි. ඒත් ලංකාව සෙක්ස් වලින් ෆස්ට්.

 තවත් දේවල්වලින් ලංකාව පළවෙනි තැනට ඇවිත් තියෙන්නේ ලෝකේ වැඩිම ඇමති මණ්ඩලය සිටින රටත් ලංකාව වීමයි. එකෙනුත් පළවෙනි තැන. අනෙක් පැත්තෙන් ලොකේ කුඩු වලින් ෆස්ට්. කැසිනෝ වලිනුත් ෆස්ට් වෙන්න යන්නේ. එතනෝල් වලිනුත් ෆස්ට්. නාස්තියෙන් දුෂනයෙන් ෆස්ට්. නැව් එන්නේ නැති වරායෙනුත් ෆස්ට්. ලොකේ ළමා ගණිකාවෝ වැඩිම රට ලංකාව. ලොකේ සංචාරකයෝ ලංකාවට එන්නේ ළමා ගණිකාවෝ හොයාගෙන.


ළමා ගණිකාවක් අවශ්‍ය නම් ලංකාවට එන්න කියල තමා කියන්නේ. මේ ආණ්ඩුව සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න හදන්නේ එහෙම. ඊට පස්සේ කටවුට් වලිනුත් ෆස්ට්. උපන් දිනේටත් කටවුට් දානවා. මැරුණාමත් දානවා. පිළිගන්ඩත් කටවුට් දානවා. එළවන්ඩත් කටවුට් දානවා. දැන් ඡන්දෙටත් කටවුට් දාලා තියෙන්නේ. හිනා වුණු මුහුණු දාගෙන දැන් ඉන්නවා හන්දි ගානේ මේ පාර ජන්දෙට නාම යෝජනා ගන්න. අපේ රටේ හොඳ දේකින් නෙමෙයි ෆස්ට් වෙලා තියෙන්නේ. අන්තර්ජාලේට ගියොත් ෆස්ට් වෙලා තියෙන්නේ නරක දෙයකින්. අද පාර්ලිමේන්තුව අරන් බැලූවත් එහෙමයි. අඩුම කාලයක් වැඩ කරලා ජිවිතාන්තය දක්වා පැන්ෂන් එක ගන්නවා. පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් ඉදල විශ‍්‍රම ගියාම පැන්ෂන් එකක් දෙනවා මැරෙනකම්ම බව ද ඔහු මෙහිදී පවසා සිටියා.

තවදුරටත් අදහස් දැක් වු හදුන්නෙත්කි මහතා පවසා සිටියේ ඕනම රටකට තියෙනවා බ‍්‍රැන්ඞ් එකක්. ලංකාව ප‍්‍රසිද්ධ වුනේ තේ කුඩු වලට. දැන් ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ කුඩු වලට. නිකන් නෙමෙයි. රාජ අනුග‍්‍රහය සහිතව.ලංකාව අද කඩු තිත්පොලක්. කුඩු එන්නෙත් රාජ අනුග‍්‍රහයෙන්. යන්නෙත් රාජ අනුග‍්‍රහයෙන්. කුඩු යන්නේ තානාතිපති බෑග් එකෙන්. එතනෝල් වලිනුත් ෆස්ට්.ආසියාවෙම එතනොල් මධ්‍යස්ථානය ලංකාව. ඒවා මෙහෙයවන නියෝජිතයෝ ඉන්නේ අද දෙමව්පිය්ට තමන්ගේ දරුවා පාසල් යවන්නේ කොහොමද කියලා හැමෝම කල්පනා කරනවා.මොන්ටිසොරි එකට තමන්ගේ දරුවා දා ගන්න ගියාම රු 6000 ක් ඕනා .පාසලට යන්න පොත් ගන්න ඕනා. බෑගයක් ගන්න ගියාම රු 2000 ක් ඕනා.සපත්තු ගන්න ගියොත් තවත් වැඩියි.ළමයි දෙන්නෙක් හිටියොත් තවත් අනාථ වෙනවා.එහෙම තත්වයක් අද තියෙන්නේ. අළුත් අවුරුදු නැහැ. අලූතින් රු 14000ක් විතර හොයාගන්න ඕනා ළමයි ඉස්කෝලේට දාන්න සිදු වී ඇති බව ද ඔහු පවසා සිටියා.

- See more at: http://onlinefirst.lk/?p=4372#sthash.ee9O8caV.dpuf

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ගොසිපාවර්ජනය 2013

ජනවාරි
චතුරිකා රොෂාන්ගේ සම්බන්ධය නවතා ගයාන් හා එකතු වීම
නුවන්ගේ ලියනගේ වුෂු සටන් ශිල්පියෙකු වූ ප්‍රසන්න ජයවීර සමග යුග දිවියට

පෙබරවාරි
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන ඇතුළු මිතුරන් පිරිසක්‌ විසින් පාසිකුඩා වෙරළේදී නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල වෛද්‍යාලංකාරට පහර දීම

මාර්තු
වෙල්ගමගේ මැදිහත්වීමෙන් අමිල අබේසේකර දීපානි නම් ව්‍යාපාරික කාන්තාවකට දන ගැසීම
රන්ජන් රාමනායකට වසර පනහක් පිරීම
පියුමි ශානිකා මවක් වීම
පියුමි පුරසිංහ රෙමි සමග යුග දිවියට
නදීෂා මොහමඩ් සමග පැවැත්වූ සම්බන්ධතාවය නැවතේ
නිරුපිකාවක් වන සකුරා කුමාරි අයි පෑඩ් එකක් සොරකම් කොට පොදු සමාවක් ලැබීම

ජුනි
උපේක්ෂා ගේ පියා මුදල් වංචාවක් හේතුවෙන් පොලිසියට කැඳවීම

ජුලි
ලක්ෂ නවයේ වංචාවකට දමිතාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම
ෂෝන් කිංග්ස්ටන් ලංකාවට පැමිණීම

අගෝස්තු
ටෙලි නළු ප්‍රදීප් ඉන්දික හොර සල්ලි සමග පොලිසියට හසුවීම

සැප්තැම්බර්
භාග්‍යා කතරගම කපුවෙකුගේ පුතෙකු වන පියුශාන් සමග හාද වීම
ක්‍රෙඩිට් කාඩ් පතින් වංචා කිරීමට ගිය ටෙලි නිලි මනීෂා ශ්‍යාමලී ට නඩු පැවරීම
සනත් ගුණතිලක තාවකාලික පැවිද්ද ලැබීම
මිහිර සිරිතිලකගෙන් සමාව ඉල්ලා හිරු මෙගා බයිට් නවතා දැමීම
ශිහාන් පියෙක් වෙයි
කාවිංග - අක්ෂා ප්‍රේමය බිඳ වැටීම
ෂහි විජේන්ද්‍ර මුස්ලිම් ජාතිකයෙකු ලෙස කරලියට ඒම
අමීෂා - අර්ජුන ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටේ
අමිල පෙරේරා බීමතින් ගොස් පොලිසියට හසුවීම

ඔක්තෝබර්
අයෝමි ශානිකා හෙවත් සූදු නංගි දෙවන වර විවාහ වීම
මලීකා සිරිසේන මාධ්‍යය ආයතනය ප්‍රධානියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම
සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු හැලීම
පුස්වෙඩිල්ල නාට්‍යයෙන් සනත් කෝපයට පත්වීම
නිරුවත් දර්ශන වල රඟපෑ බව ගයේෂා පිළිගැනීම
සනත් ගේ තෙවන විවාහයත් අවසන් වීම

නොවැම්බර්
අක්ෂා හා මේනකා එකතුව නුගේගොඩ දී හංසි ට පහර දීම

දෙසැම්බර්
ශේෂාද්‍රි ප්‍රියසාද් සම්පත් ද සිල්වා සමග යුග දිවියට
නදීෂා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් දකුණු පළාත් සභාවට
අමල් පෙරේරා සූදු කැස්බෑවෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබීම
ඉරාන ජාතික පෙම්වතිය සමග මාලකගේ විවාහය තීන්දු වෙයි
ධනන්ජය විවාහ ගිවිස ගැනීම
මහේල පියෙක් වීම
උපේක්ෂා නැවතත් පෙම්වතියක් වීම

ලබන වසරේ අප වෙබ් අඩවියේ වෙනස් කම් රැසක් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා ඔබගේ අදහස් යෝජනා චෝදනා අප වෙත එවන්න මෙතනින්

ලබන්නාවූ නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා
-33000.lk සංස්කාරක මණ්ඩලය

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

හෙට සිට අළුත් වන දේවල් මෙන්න

ජංගම දුරකථනබද්ද 5% කින් ඉහලට
සියලුම ජංගම හා ස්ථාවර දුරකථන ඇමතුම් ගාස්තුව හෙට(01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5කින් වැඩිවනු ඇත. මෙසේ සියයට පහකින් විදුලි සංදේශන නියාමන බද්ද වැඩි වන්නේ 2014 ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනාවකට අනුවය.

සියලුම දුරකථනවලින් ලබාගන්නා ඇමතුම් වෙනුවෙන් නව ගාස්තු වැඩිවීම සිදුවන අතර ඒ අනුව ලබාගන්නා සම්පූර්ණ ඇමතුම් කාලය වෙනුවෙන් සියයට 25ක ගාස්තුවක් අයකර ගැනේ.


දුරකථන ඇමතුම් සඳහා තිබුණු විවිධ බඩු එකතුකොට 2011 වසරේදී එය විදුලි සංදේශන බද්ද නමින් තනි බද්දක් ලෙස ඉදිරිපත් වුන අතර 2011 සිට 2013 වසර වන තෙක් එම බද්ද 20% ක්ව පැවතුනි.

අන්තර්ජාල සම්බන්ධතා සඳහා බද්ද 10% ක් ලෙස පැවතුනි. 2014 වසරේ සිට දුරකථන ඇමතුම් සඳහා වන බද්ද පමණක් 20% සිට 25% දක්වා ඉහල යාමට නියමිතය.

එසේ වැඩිවන ගාස්තු තුලින් මිලියන 400 ක් ඉපයීමට රජය බලාපොරොත්තු වේ. සාමන්‍යය ජංගම දුරකථන සම්බන්ධතාවයක එක් දුරකථන ජාලයක් සිට තවත් දුඅරකතන ජාලයකට විනාඩියක් ඇමතීමේදී රුපියල් දෙකක් අයවූ අතර බදු සමග රුපියල් දෙකයි සත හතළිහක් අයවිය. හෙට සිට බදු වැඩිවීමෙන් අනතුරුව එය දෙකයි සත පනහක් දක්වා ඉහල යනු ඇත


ධීවරයන්ට ආරක්‍ෂිත කබා අනිවාර්ය කෙරේ
ධීවර කටයුතුවලදී මුහුදු යෑමේ දී ආරක්‍ෂිත කබා පැලද ගමන් කිරීමේ නීතිය අනිවාර්ය කර ඇත.

කිරිපිටි ගබඩා තහනම්
හෙට (01) වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදි සියලු ම කිරිපිටි ආනයනකරුවන්, නිෂ්පාදකයින් හා බෙදාහරින්නන් විසින් යම් ගබඩාවක්, ගුදමක් හෝ එවන් කිසිදු ස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් වහාම පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි විය යුතුය. 

ලංගම හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහනක් යටතට
ලංගම හා පෞද්ගලික බස් රථ සියල්ල ඒකාබද්ධ කාලසටහනක් යටතේ හෙට සිට ධාවනය වීමට නියමිතය. මේ වන විට 70%ක් පමණ බස් රථ සේවා ඒකාබද්ධ කර ඇත. ඒකාබද්ධ ගමන් වාර සකසන්නේ ලංගමට 40%ක් හා පෞද්ගලික බස් රථ සඳහා 60%ක් වන පරිදි වේ. 

පෙට්‍රල් 90 ඔක්ටේන් වෙනුවට 92 ඔක්ටේන් පෙට්‍රල්
ලංකා පෙට්‍රල් 90 ඔක්ටේන් වෙනුවට ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලබන ජනවාරි 01 වෙළද පොළට හදුන්වා දීමට නියමිතය. වෙළඳපොලේ ඔක්ටේන් 92 මිලදී ගැනීමට පහසු හෙයින් මෙම තීරණය ගෙන ඇත

ජාතික ගුවන් විදුලියෙන් කර්තෘ භාගය
ජාතික ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන ගීත සඳහා ගායක ගායිකාවන්ට, ගීත රචකයන්ට සහ සංගීතවේදියාට කර්තෘ භාගය ගෙවීම හෙට සිට ක්‍රියාත්මක වේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගුවන් විදුලි සභාපති හඩ්සන් සමරසිංහ මහතාට දී ඇති උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක වේ. 

දිවි නැගුම දෙපාර්තමේන්තුවක් වේ
පවුල් ලක්ෂ 18ක ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් සවිමත් කරමින් ලක්ෂ 50ක ජනතාවට සෙත සලසන දිවි නැගුම දෙපාර්තෙම්න්තුව ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක කෙරෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

බිරිඳගේ කන්‍යා භාවය නැතැයි කී ස්වාමියාට කස පහර 20ක්

සෞදි අරාබියේ පුද්ගලයෙකු විසින් තම අලුත් බිරිඳගේ කන්‍යා භාව නොමැති යැයි පවසමින් ඇයගේ දෙමාපියන් හා පවුලේ වැඩිමල් පුද්ගලයන් ඉදිරියේ බැන වැදී තිබෙනවා

ඒ ඇය තමන් හා විවාහ වීමට පෙර වෙනත් අයෙකු හා විවාහ වී ඇති බව පවසමින්.

පසුව එයට විරුද්ධව එම කාන්තාව විසින් කර ඇත්තේ තමා මීට පෙර විවාහ වී නොමැති බව පවසමින් උසාවි යෑමයි


ස්වාමියාට තම චෝදනාව ඔප්පු කරගැනීමට එහිදී නොහැකි වී තිබෙන අතර අනතුරුව පසුගියදා මක්කා හි දිස්ත්‍රික් අධිකරඅය නියෝග කර ඇත්තේ අසත්‍ය චෝදනා එල්ල කල එම යේමන් ජාතික ස්වාමියාට කස පහර 20ක් ලබා දිය යුතු බවයි.

උපතේ සිට විවාහය දක්වා කාන්තාවන් කන්‍යාවියන් වන බව අරාබි ලෝකයේ විශ්වාසයයි.

මේ අතර බිරිඳක් විසින් ස්වාමියාට හොරෙන් තම මධුසමය වීඩියෝ කළ පුවතක් පසුගිය මාසයේ සෞදි අරාබියෙන් වාර්තා වුණා.

දෙදෙනා හෝටලයෙන් පිටව ගොස් ඇති නමුත් තමන් රහසේ සවි කළ වීඩියෝ කැමරාව රැගෙනයාමට ඇයට අමතක වී තිබෙන අතර පැයක කාලයක් පුරා පටිගතවී තිබූ සිදුවීම් හෝටලයේ සේවකයන් අතට පත්වී තිබෙනවා.

පසුව ඔවුන් එය අන්තරජාලයට මුදා හැර තිබූ අතර ස්වාමියා විසින් කළ පැමිණිල්ලකින් පසු පැයක් ඇතුලත හෝටල් සේවකයන් අත් අඩංගුවට ගෙන තිබුණා.

පසුව බිරිඳගෙන් දික්කසාද වී ඇයට නඩු පවරන බවයි ඔහු පවසා තිබුණේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

අනුරාධපුරයේ "කැමරා දොස්තර" අත්අඩංගුවට

අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිලියේ කැමරාවක් සවි කිරීමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පසුගිය 20 වනදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිළියේ සවිකොට තිබූ කැමරාවක් සොයාගත් අතර එම කැමරා වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවේ වැසිකිළියක සහ ප්‍රධාන කාර්යාලයේ වැසිකිළියක තිබී සොයා ගෙන ඇත. 

බැලු බැල්මට නොපෙනන කුඩා ප්‍රමාණයේ කැමරා දෙකක් එම වැසිකිලි දෙකෙහි සවිකොට තිබී ඇත. රෝහල් කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනියන් ගේ දර්ශන ලබාගැනීමේ අරමුණෙන් එම කැමරා සවිකොට ඇතැයි වාර්තා වේ. 

කැමරාවලට සම්බන්ධ කර ඇති වයර් දිගේ ගොස් බලද්දී එම වයර් අවසාන වී ඇත්තේ රෝහලේම වෛද්‍යවරයෙකුගේ කාමරයකිනි. ඒ අනුව එම වෛද්‍යවරයා විසින් එම කැමරා සවිකොට ඇති බවට පැහැදිලි සාක්ෂි ලැබී තිබියදීත් දින දහයක පමණ කාලයක් තිස්සේ එම වෛද්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වැළකීමට රෝහල් පරිපාලනය කටයුතු කොට තිබුණි.

මෙම වෛද්‍යවරයා පිලිබඳ අප කල සොයා බැලීමකදී හෙලිවුයේ ඔහු මෙයට පෙරත් එවැනි කැමරාවක් අනුරාධපුර රෝහලේ සවිකොට ඇති බවයි. ඔහු නමින් දිනුශාන් ***** වන අතර ඔහු වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවෙනි. 

ඔහුගේ පියා මොරටුව ප්‍රදේශයේ කීර්තිමත් දන්ත වෛද්‍යවරකි. ඔහුට කුඩා කල පටන් මෙවැනි විකෘති ආශාවන් ගෙන් පෙළුණු අයෙකු බව වාර්තා වේ. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ අද උදෑසන වන විටත් සේවයෙහි නිරතව සිටි මෙම වෛද්‍යවරයා සම්බන්ධ චෝදනාව යට ගැසීමට අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් ක්‍රියාකොට තිබුණි.

රෝහල් අධ්‍යක්ෂ විජයදාස අතපත්තු විසින් රෝහලේ ලිපිකරුවෙකුට අද උදෑසන නියෝග කොට තිබුනේ අදාළ සැකකාර වෛද්‍යවරයා කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත කිරීමට ලිපියක් සකස් කරන ලෙසයි. 

මෙම සිදුවීමත් සමග රෝහලේ කාර්ය මණ්ඩලය විරුද්ධ වී ඇත්තේ වෛද්‍යවරුන්ට පමණක් වෙනම නීතියක් ක්‍රියාත්මක  කල නොහැකි බව පවසමිනි. මෙම සිදුවීම රෝහලේ කාර්ය මණ්ඩලයේ අයෙකු විසින් සිදු කලේ නම් තත්වය මෙයට වඩා වෙනස් බව පෙන්වා දෙන රෝහල් කාර්ය මණ්ඩලය එයට එරෙහිව ඊයේ දිනයේ වැඩ වර්ජනයක්ද ආරම්භ කොට තිබුණි.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

කිරිපිටි, දුම්වැටියට වඩා භයානකයි!

කිරිපිටි නිසා සිදුවන සෞඛ්‍යමය හානිය දුම්කොළ- දුම්වැටි නිසා සිදුවන හානියට වඩා සියයට 70කින් පමණ වැඩි යැයි ද අධික කිරිපිටි පාරිබෝජනය බෝ නොවන රෝග රාශියකට හේතුවි ඇතැයි ද පෙනි යන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිෂාන්ත පේ‍්‍රමරත්න මහතා පවසයි.

රජයේ රෝහල් වල ප‍්‍රතිකාර ලබන බෝනොවන රෝග වැළදුණු පිරිස අතරින් දුම්කොළ දුම්වැටි නිසා රෝගි වු පිරිය සියයට 2-3 අතර වන නමුත් කිරිපිටි නිසා එවැනි රෝග වලට ගොදුරු වන පිරිස සියයට 70-75 ක් පමණ වෙතැයි ද වෛද්‍ය පේ‍්‍රමරත්න මහතා ප‍්‍රකාශ කළේය.

ඉදිරියේදි දියවැඩියා රෝගින් සංඛ්‍යාව සියයට 50ක් වෙතැයි පවසා ඇති අනාවැකිය කිරිපිටි භාවිතය තවදුරටත් පැවතුන හොත් තහවුරුවනු ඇතැයි කී ලේකම් වරයා. මේ නිසා කිරිපිටි මාෆියාවෙන් රට ඛේරා ගැනිමට මෙය අවස්තාවක් කර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද පැවසිය.කිරිපිටි සමාගම් ඉල්ලන පරිදි මිල වැඩි කිරිමට ඉඩනොදි ගෙන්විම සිමා කර මෙරට නැවුම් දියර කිරි ප‍්‍රචලිත කිරිමට සහාය දක්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් ප‍්‍රකාශ කළේය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ඉබේ ධාවනය වූ දුම්රියට " අපි දන්නෑ " කියූ රියදුරු හා සහායක සිද්ධිය දවසේ වැඩේ වැරදී කෝච්චිය පස්සෙන් දුවලා මාට්ටු

රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් මාලිගාවත්ත ජලශක්ති ධාවනාගාරයේ සිට රත්මලාන දක්වා ධාවනය වීමේ සිද්ධිය ගැන අවසන් වාර්තාව අනුව ඊට ඍජුවම අදාළ දුම්රිය එන්ජින් රියැදුරා සහ රියැදුරු සහායක වගකිවයුතු බව ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිඛෙනවා.

මරදාන හා කොටුව දුම්රිය ස්ථානවල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිවල පටිගතවී තිබූ දර්ශන අනුව දුම්රිය එන්ජිම ධාවනය වීමෙන් පසුව ඒ පිටුපස ෂන්ටින් එන්ජින් රියැදුරා සහායක හා පනිට්ටුකරු දුවගෙන එන දර්ශන හා අදාළ එන්ජිම ධාවනය වන අයුරු පැහැදිලිව දැකගැනීමට හැකිවූ බවත් ඔවුන් එය නවතාගන්නට බැරිවීමෙන් පසු ඒ ගැන නොදන්නා ගාණට සාක්ෂි ලබාදී ඇති බවත් කමිටුව පවසනවා.එන්ජිම නවතා තිබූ මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා පණ ගැන්වීමෙන් පසුව නිසි ආරක්ෂිත විධිවිධාන නොයොදා රියැදුරු එන්ජිමෙන් බැහැරව යෑම අදාළ එන්ජිම ධාවනය වීමට හේතුව බවද එම කමිටු වාර්තාවෙන් හෙළිදරව් කර තිඛෙනවා.
පසුගිය 5 වැනිදා රාත්‍රි 12.25ට පමණ දුම්රිය එන්ජිම රියැදුරකු නොමැතිව කිලෝමීටර් 15ක දුරක් මුහුදුබඩ දුම්රිය මාර්ගය ඔස්සේ රත්මලාන දක්වා ධාවනය වීමේ සිද්ධිය ෂන්ටින් රියැදුරාගේ බරපතළ අත්වැරැද්දක් නිසා වූ සිදුවීමක් බව මේ අනුව තහවුරුවී තිඛෙනවා.

එන්ජිම නිදැල්ලේ ධාවනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආවරණ පනිට්ටුකරු, ආවරණ ඉන්ධනකරු, තාක්ෂණ ශිල්පී සහායක, අනෙක් ෂන්ටින් එන්ජින් රියැදුරු හා අනෙක් ෂන්ටින් එන්ජින් රියැදුරු සහායක (ආවරණ) යන සේවකයන් මෙම සිද්ධියට වගකිව යුතු බව පරීක්ෂණ අනුව නිගමනය වූ බව පැවසුණා.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා පුද්ගලයන් 46 දෙනකුගෙන් සාක්ෂි ලබාගත් බවද වැරැදිකරුවන්ට ද~ුවම් ලබා දීම නිර්දේශ කර ඇති බවද ඒ වෙනුවෙන් මූලික පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද කමිටුව සඳහන් කරා.

686 එන්ජිම ජලශක්ති ධාවනාගාර අංක 6 මාර්ගයේ ස්ථානගත කිරීමේදී නිසි ක්‍රියා පිළිවෙත අනුගමනය නොකිරීම හා නිසි ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක නොකිරීම, ධාවනාගාර ෆෝමන්වරයාගේ උපදෙස් පරිදි ක 686 එන්ජිම අංක 06 මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා පණ ගැන්වීමේදී රියැදුරු සහායකගේ සහාය නොගැනීම එන්ජිම පණ ගැන්වීමෙන් පසු නිසි ආරක්ෂිත විධිවිධාන යෙදීමෙන් තොරව එන්ජිමෙන් බැස යෑම, එස් 11 වර්ගයේ බලවේග කට්ටල යතුරක් අනවසරයෙන් තමා සන්තකයේ තබා ගැනීම හා එමගින් 686 එන්ජිම පණ ගැන්වීමට කටයුතු කිරීම, පරීක්ෂක මණ්ඩලය නොමග යැවීම සඳහා අසත්‍ය ප්‍රකාශයක් ලබා දිම රාජකාරියේ යෙදී සිටියදී නිසි අවසරයකින් තොරව තම සේවා ස්ථානයෙන් බැහැරව යෑම ආදී වැරැදි මෙහිදී හෙළිවූ බවද කමිටු නිලධාරීන් පැවසුවා.

විශේෂයෙන් මරදාන හා කොටුව දුම්රිය ස්ථානවල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිවල පටිගතවී තිබූ දර්ශන තම පරීක්ෂණ සඳහා ඛෙහෙවින් ඉවහල් වූ බවත් මෙවැනි වැරදි නැවත නොවීම සඳහා පියවර ගණනාවක් නිර්දේශ කරන බවත් කමිටු වාර්තාව සඳහන් කරා.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ජනපති කියනතුරු මොහාන් නොසෙල්වේ!

දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ඩී. ඩබ්ලිව්. ප්‍රතාපසිංහ මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරය මෙහෙයවීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ පුවතක් පිලිබඳ මෙයට පෙර අප විසින් හෙළි කරන ලදී. 

ඔහු එසේ එම ධූරයෙන් ඉවත් වුයේ ජනපතිවරයා විසින් ඔහුට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය දරන ලෙස සිදු කල යෝජනාවක් අනුවය. 

නමුත් ප්‍රතාපසිංහ මහතා හට තවමත් එම ධුරයේ වැඩ බාරගැනීමට නොහැකිව ඇත්තේ මොහාන් සමරනායක විසින් සිය ධූරය අතහැරීමට සූදානමක් නොමැති නිසාවෙනි. 

මේ පිලිබඳ මොහාන් සමරනායක පවසන්නේ ජනාධිපතිවරයා තමා වෙත ඒ පිළිබඳව දැන්වුවහොත් පමණක් ඔහු එම ධූරයෙන් ඉවත් වීමට සූදානම් බවයි. 

රූපවාහිනියේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ සේවක සංගම් විසින් ද මොහාන් සමරනායක වෙත සහයෝගය දක්වමින් පවසා ඇත්තේ ජනපති දන්වන තුරු ධූරයෙන් ඉවත් නොවන ලෙසයි. 

මේ හේතුවෙන් මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ ප්‍රතාපසිංහ ජනපති මෙම ගැටළුවට මැදිහත්වනතුරු බලා සිටී.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

ජනාධිපතිවරයා සමඟ ශේෂාද්‍රි හා සම්පත් තේ පැන් සංග්‍රහයක

පසුගියදා විවාහ වූ ශේෂාද්‍රි හා සම්පත් පෙරේදා අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගී වුණා. සම්පත් යනු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකුගේ පුතෙක් වන අතර ශේශාද්‍රි, සිනමා නිර්මාණවේදී දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියයි. එම අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින් .

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

කුඩ්ඩෙකුගේ චරිතයක් අගමැති රඟ දක්වයි

මේ දිනවල කුඩු කන්ටේනරයකට යටවී සිටින අගමැතිවරයා විසින් කුඩු පාවිච්චි කල විට පුද්ගලයෙකු හැසිරෙන අන්දම පසුගියදා වේදිකාවකදී රඟදක්වා පෙන්වනු ලැබුවා

කුඩු පාවිච්චි කිරීමට පටන් ගත් විට එය නැතුවම බැරිව යන බවත්, අහල සිටිනා පුද්ගායන්ගේ සාක්කු වලට අත දමන බවත් පෙන්නුවේ අගමැතිවරයාද අසල සිටි කෙනෙකු වෙත ඇවිදගන ගොස් ඔහුගේ සාක්කුවට අත දමාය.


"ඒක පාවිච්චි කලාම නැතුවම බැරි වෙනවා. ගන්ඩම අශ්‍යයි, ගත්තට පස්සේ මිනිහෙක් ඉන්නවද කවුරුත් ඉන්නවද නැද්ද පේන්නේ නෑ. මෙහෙම ඉද්දී සාක්කුවට අත දානවා. ඔක්කොම හිටියත් කමක් නෑ මෙහෙම අත දානවා.

දැන් ඒක මට පුරුදු වෙලා එහේ නෙවෙයි. දැන් ඊට පස්සේ කියයි මේක පුරුදු වෙලා අත දාලත් පෙන්නුවා කියලා.
"

එම වීඩියෝව පහතින්.


IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

සියලුම දුරකථන ගාස්තු හෙට සිට 25 දක්වා ඉහළට

සියලුම ජංගම හා ස්ථාවර දුරකථන ඇමතුම් ගාස්තුව හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 25කින් වැඩිවන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.

නව ගාස්තු වැඩිවීම තුළින් රජය රුපියල් මිලියන 400ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.සියලුම දුරකථනවලින් ලබාගන්නා ඇමතුම් (Voice Call) වෙනුවෙන් නව ගාස්තු වැඩිවීම සිදුවන අතර ඒ අනුව ලබාගන්නා සම්පූර්ණ ඇමතුම් කාලය වෙනුවෙන් සියයට 25ක ගාස්තුවක් අයකර ගැනේ.

මෙම නව ගාස්තු වැඩිවීම බලපාන්නේ දුරකථන ඇමතුම් සඳහා පමණක් වන අතර දත්ත (Data) බාගත කිරීම් වෙනුවෙන් දැනට අයකරනු ලබන සියයට 10 ගාස්තුව වෙනසක් නොවන බව ද අනූෂ පැල්පිට මහතා වැඩිදුරටත් පැවසීය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ශ්‍රී ලංකාවේ නිවෙස් වලින් 11.4% ක අන්තර් ජාල පහසුකම්

ශ්‍රී ලංකාවේ නිවෙස් වලින් සියයට 11.4 කට අන්තර් ජාල පහසුකම් තිබෙන බවත් තවත් සියයට 9.2 ක ප්‍රමාණයක් සන්නිවේදන මධ්‍යස්ථාන වැනි පහසුකම් භාවිතා කරමින් අන්තර් ජාලයට පිවිසෙන බවත් නවතම දත්ත මගින් අනාවරණය වේ.

මේ අනුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වලට අනුව වැඩිම අන්තර් ජාල භාවිතාවක් තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර කොළඹ නිවෙස් තුළදී අන්තර් ජාලය භාවිතා කරන ප්‍රමාණය සියයට 26.9 ක්ද නිවෙසින් පිට වෙනත් ස්ථාන වලදී අන්තර් ජාලය භාවිතා කරන ප්‍රමාණය සියයට 15.2 ක්ද වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිවසේ සිට අන්තර් ජාල පහසුකම් භාවිතා කරන ප්‍රමාණය සියයට 16.7 ක් වන අතර නිවසෙන් බාහිරව අන්තර් ජාලයට පිවිසෙන ප්‍රමාණය සියයට 9.2 කි.නිවසේ සිට අන්තර් ජාලයට පිවිසෙන අඩුම ප්‍රමාණය සිටින්නේ මුලතිව් දිස්ත්‍රික්කයේයි. එම ප්‍රමාණය සියයට 2.8 ක් වන අතර එම දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට 18.7 ක් වෙනත් ස්ථාන වලදී අන්තර් ජාල පහසුකම් භාවිතා කරයි.


මෙහිදී, අනාවරණය කර තිබෙන්නේ උතුරු නැගෙනහිර පිහිටුවා තිබෙන සන්නිවේදන මධ්‍යස්ථාන හරහා විශාල පිරිසක් අන්තර් ජාලයට සම්බන්ධ වන බවයි.

වව්නියාවේ ජනතාවගෙන් සියයට 32.1 ක්ද, යාපනයේ ජනතාවගෙන් සියයට 22.3 ක්ද, මෙවැනි මධ්‍යස්ථාන මගින් අන්තර් ජාලයට පිවිසේ. මන්නාරමේ සියයට 20.2 ක්ද, කිලිනොච්චියේ සියයට 18.0 ක්ද, මඩකළපුවේ සියයට 14.5 ක්ද, ත්‍රිකුණාමලයේ සියයට 12.7 ක්ද මෙවැනි සන්නිවේදන මධ්‍යස්ථාන හරහා අන්තර් ජාලයට පිවිසෙන බව අනාවරණය වී ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව

පසුගිය 26වනදා අලුයම 5.30ට පමණ ඇමරිකාවේ Midwest ප්‍රදේශයට උල්කාවක් කඩා වැටී තිබෙනවා.

එය දුටු බවට Iowa හා Minnesota යන ප්‍රදේශ වල වැසියන්ගෙන් ඇමරිකාවේ උල්කාපාත සංගමය වෙත මේ වනවිට ලැබී ඇති වාර්තා ගණන 1,050ක්.

එය lowa ප්‍රදේශයේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.







2013 වසරේ උල්කා වර්ෂාවන් කිහිපයක්ම පෘතුවි වාසීන්ට දැකගැනීමට ලැබීමට නියමිතයි. එයින් පලමු උල්කා වර්ෂාව දර්ශනය වන්නේ ජනවාරි 03 වෙනිදාය. ඒවා පිළිබඳ වැඩීවිස්තර මෙතනින්.

-සම්බන්ධිත පුවත්-
1. ඇමරිකාවේ ඔක්ලහාමා ප්‍රාන්තයට වැටුණු උල්කාව
2. ඊයේ කැලිෆෝනියාවට කඩා වැටුණු උල්කාපාත
3. ස්කොට්ලන්තයට හා අයිස්ලන්තයට කඩා වැටුණු උල්කා
4. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට දුටුවේ මිසයිල දියත් කිරීම් ද?
5. ගුවන් යානයක් කඩා වැටුනැයි උල්කාවකට රැවටුණු පොලිසිය
6. වල්ගාතරුවක් පෘතුවියේ ගැටී ඇති බව පලමුවරට සොයාගනී
7. උල්කාවකට බයවූ Ultra HD රූපවාහිනී වීඩියෝව
8. තඹුත්තේගමට වැටුණු උල්කාව
9. ISON ධූමකේතුව හෙට සිට ලංකාවට දර්ශනය වේ
10. ISON වල්ගාතරුවේ කොටසක් විනාශ වෙයි
11. තඹුත්තේගම ට වැටුණු උල්කාව හා පෙරේදා කැලිෆෝනියාවට වැටුණු උල්කාව
12. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

මම දකුණේ. දකුණ මගේ. මම දකුණට. දකුණ මට - Nadeesha Hemamali

කලාව තුළින් ජනප්‍රිය ප්‍රතිරූප ගොඩනගා ගන්නා බොහෝ අයගේ ඊළඟ පියවර දේශපාලනය වී ඇත. වර්තමානය වන විට මෙම ප්‍රවණතාව වැඩි වී තිබේ. අද බොහෝ නළු නිළියෝ දේශපාලන කරලියට එක්ව සිටිති. මේ අතර තවත් අය දේශපාලනයට එක්වීමට සැරසෙන බවට ආරංචි පැතිර යයි. මෙලෙස දේශපාලනයට එක්වූ නළු නිළි පිරිස අතරට එක්වූ අලුත්ම නම වී ඇත්තේ නදීෂා හේමමාලිගේ නමයි. එළැඹෙන පළාත් සභා මැතිවරණයේ දී දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් තරග බිමට එක්වීමට නදීෂා හේමමාලි සූදානම් වේ. ඒ ගැන විමසමින් අපි ඇයව සංවාදයකට එක් කරගත්තෙමු.

අද කාලයේ බොහෝ අය දේශපාලනයට පැමිණෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් වුවත් ඇයි ඔබ විපක්ෂය තෝරාගත්තේ?

මේ රටේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව වන්නේ පාලන ක්‍රමයේ තිබෙන ප්‍රශ්න. විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ක්‍රමය මූලික කරගෙන තිබෙන පාලන ක්‍රමය යටතේ ජනතා වගකීම් නැති අය පාර්ලිමේන්තුවට ගියාම ජනතාවාදී පාලනයක් කිරීම ඉතා දුෂ්කරයි. ආණ්ඩුවට මේ පාලන ක්‍රමය වෙනස් කරන්න වුවමනාවකුත් නැහැ. මේ ආණ්ඩුවේ ඉහළ පෙළේ ඉන්න උදවිය පෞද්ගලිකව මේ ක්‍රමය යටතේ අයුතු ලෙස ප්‍රතිලාභ ලබනවා. මේ ක්‍රමය වෙනස් කිරීමේ හැකියාව ඇති ප්‍රධානම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය නිසා මම ප්‍රතිපත්තිමය වශයෙන් එජාපය තෝරාගත්තා. 


මට ඉතාම පැහැදිලිව පෙනෙන කාරණාව නම් මේ ආණ්ඩුව දවසින් දවස මිනිසුන්ගෙන් ඈත්වෙනවා කියන එක. එක්සත් ජාතික පක්ෂය 2014දී අනිවාර්යයෙන්ම ආණ්ඩුවක් පිහිටුවනවා. එය පැහැදිලියි.

එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවි කියලා හිතනවද?
අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවි කියා මා විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂය බලයට ආවාම කරන ප්‍රථම දේ තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරල නව ව්‍යවස්ථාවක් යටතේ මැතිවරණ ක්‍රමයකට යාම.

පවතින රජය තුළ ඔබ දකින ප්‍රධානම දුර්වලතා මොනවාද?
මුලින්ම කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව ‍ප්‍රෝඩාවක්. ඉහළ සිට පහළට වමේ සිට දකුණට මේ ආණ්ඩුව පුරාම තියෙන්නේ රැවටිල්ල. මේ තරම් කොමිස් ගහන රටේ ජාතික ධනය පිටරටට උකස් තියන ආණ්ඩුවක් මෑතකදී පහළ වෙලා නැහැ. 
ජනතාවගෙන් 99 බේත් ටික ගන්න නැතුව ඇඳුම් ගන්න නැතුව දුක් විඳින කොට 1 ක් කොමිස් ධනයකින් තෘප්තිමත් වෙනවා. ඒකෙන්ම පෙනෙනවා මේ රටේ ආණ්ඩුව ඉන්නේ මේ රටේ දුක් විඳින ජනතාව එක්ක නමෛයි කියලා. ඒ හින්දයි යුද්ධයෙන් පස්සේ මේ රටේ මිනිසුන්ට කිසිම යහපතක් සිදුවුණේ නැත්තේ.

එක්සත් ජාතික පක්ෂය තුළත් අද පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක් නේද? නායකත්වය පවා විවේචනයට ලක්වනවා.? 

මම පෞද්ගලිකව දන්න කරුණු කාරණා අනුව මෙය කියන්නම්. නායකත්වය හා නායකත්ව මණ්ඩලය විවේචනය කරන පුද්ගලයින් කිහිප දෙනකුට වුවමනා වී තිබෙන්නේ ඊළඟ ප්‍රධාන මැතිවරණයේදී යූ.එන්.පී.ය පරදන්න. එතකොට ඒ අයට "ඕකනේ අපි කිවුවේ රනිල් එක්ක බෑ කියලා "කියන්න පුළුවන්. ඒ අයට ඕන තම පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය දිනවන්න. ලක්ෂ 35කට වඩා යූ.එන්.පී. ඡන්ද දායකයන්ගේ අහිංසක බලා‍පොරොත්තු විනාශ කරල දානවා. 

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා කිවුව වගේ යූ.එන්.පී. නැව ගිල්ලන්න හදන අය දිගින් දිගටම එම කාර්යය කරන්න හදනවා නම් කරන්න තියෙන්නේ එම කුමන්ත්‍රණකාරයෝ ටික මුහුදට දාන එක.

ඊළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජය ගනීවි යැයි ඔබ විශ්වාස කරන බව පෙනෙනවා.
අනිවාර්යයෙන්ම ඔව්. ආණ්ඩුවේ ජනප්‍රියම තැන තිබුණේ 2009 දී යුද්ධයෙන් පසු අවස්ථාව. මො‍ලේ ඇති අය ආණ්ඩුවේ නොසිටි නිසා පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. 2013 අවසන් වන විට සෑම මනුෂ්‍යයකුම පිටරටට ලක්ෂ 4 1/2 ක ණයකාරයකු වී තිබෙනවා. මිනිස්සු දවසින් දවස ආණ්ඩුවෙන් දුරස් වනවා. දැන් ජනතාවට වෙනසක් අවශ්‍යයි. යූ.එන්.පී. ය ප්‍රධාන විපක්ෂ බලවේගය විදියට විපක්ෂයේ අනිත් සියලුම පක්ෂ සමග පෙරමුණක් ගොඩනගාගෙන යනවා. ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරු පවා විශාල රැල්ලක් ඇති කරමින් නියම වේලාවට ජාතික මැතිවරණයේදී මේ ‍පොදු විපක්ෂ බලවේගය සමග එකතු වේවි. ගිනිකන්ද පුපුරන්න ළඟයි. ප්‍රාදේශීය සභා අයවැය ඡන්දවලදී ආණ්ඩුව පරදින එක ඒ පුපුරන්න තියෙන ගිනිකන්දෙ දුම විතරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. අපි එය බලාගෙන ඉමු.

මේ පළාත් සභා මැතිවරණයේදී ඔබට දිනන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම.

ගීතා කුමාරසිංහ අනර්කලී ආකර්ෂා මේ වන විටත් දකුණේ දේශපාලන ලෝකය තුළ සිටින්නේ ඔබට වඩා ඉදිරියෙන්. ඒ අය ඔබට අභියෝගයක් නෙමෙයිද?
මට තියෙන ලොකුම අභියෝගය මම. මගේ මිතුරත් මම. සතුරත් මම.

ඇයි ඔබ දකුණ තෝරාගත්තේ?
මම දකුණේ. දකුණ මගේ. මම දකුණට. දකුණ මට.

දේශපාලනයට එන්නට ඔබට තියෙන එකම සුදුසුකම නිළියක් ලෙස ලැබූ ජනප්‍රියත්වය පමණයි නේද?
නැහැ. මම පුංචිම කාලෙ ඉඳන් මේ සමාජ ආර්ථික ක්‍රමය යටතේ දුක් වින්ද කෙනෙක්. ඊළඟ පරම්පරාවට ඒ කරුමය උරුම නොකරන්න උත්සාහ කරනවා කියන අරමුණ මට තියෙනවා. විඳි දුක් අසාධාරණකම්, මාව දේශපාලනයට යොමු කරන්න හේතුවුණා. රංගන ශිල්පිනියක් වූ පසු මගෙ පෞද්ගලික ධනයෙන් ආගමික හා සමාජයීය වශයෙන් මා කළ දේ බොහෝ තියෙනවා. ඒවා නිහඬ සේවාවන්.

මොනවාද ඒ නිහඬ සේවාවන්?
අනාථ දරුවන් අසරණ වැඩිහිටියන් වෙනුවෙන් වාර්ෂිකව මා බොහෝ දේ කරනවා. වෙහෙර විහාරස්ථාන, පුණ්‍යකර්ම ආදිය වෙනුවෙන් මා බොහෝ දේ කර තිබෙනවා. ඉදිරියේදීත් ඒ වගේමයි.
තනිවම එබඳු සේවාවන් කරනවාට වඩා දේශපාලනයට එක්වී වඩාත් ප්‍රබලව ඒ සේවාව කළ හැකි නිසයි මා දේශපාලනයට එන්නට හිතුවේ.

උපේක්ෂා ස්වර්ණමාලි එක්සත් ජාතික පක්ෂය හරහා දේශපාලනයට ඇවිත් පසුව ආණ්ඩු පක්ෂය හා එක්වූවා. ඔබත් මතු දාක එවැන්නක් කරයිද?
කිසිසේත්ම නැහැ. ඒක මම සහතික වනවා.
දේශපාලනයේදී පුද්ගල ප්‍රතිරූපය වැදගත්. නදීෂා හේමමාලි කියන්නේ නොයෙක් මඩ ප්‍රහාර කටකතාවලට ලක්වූ කෙනෙක්. ඒවා ඔබේ දේශපාලන ප්‍රතිරූපයට මොන විදියේ බලපෑමක් කරයිද? 

වින්සන්ට් චර්චිල් ගේ ඉංග්‍රීසි කියමනක් තියෙනවා "සත්‍යය පහළට බහින්න කලිසම අඳිනකොට බොරුව ලෝකය වටේ ගිහින් අවසන්" කියලා. මා ගැන පැතිරුන බොරු කටකතා මඩ ප්‍රහාර අනිවාර්යයෙන්ම මගෙ ප්‍රතිරූපයට හානියක් කරාවි.
අද මේ රටේ සැබෑ හොරු ගැන වචනයෙන් නොදොඩන මාධ්‍ය තම පැවැත්ම සඳහා වැඩකට නැති ඕපාදූප විකුණනවා. ඒ නිසා මම මේ රටේ මාධ්‍ය හසුරුවන වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා වගකීමෙන් මාධ්‍ය හසුරුවන ලෙසට.

දේශපාලනය කලාව තරම් මටසිළුටු නැහැ. වාද විවාද, බැණ ගැනීම් වගේම ගුටි හුවමාරු පවා ඒ තුළ දකින්නට ලැබෙනවා. ඔබ මේවාට මුහුණ දෙන්නේ කොයි විදියටද?
කලාවත් ඔය කියන තරම් මටසිළුටු නැහැ. දේශපාලනයයි මාධ්‍ය කලාවයි වගේම බෙලි කැපිලි පිටුපසින් ඇවිත් පිහියෙන් ඇණීම් , මඩ ගැසීම් තියෙනවා. ඒකට හේතුව තමයි මේ හැම ක්‍ෂේත්‍රයකම ඉන්නේ පෘථග්ජන අය වීම. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ද්වේෂය, ඔක්කොම වැඩිපුර තියෙන මිනිස්සු, මේ තත්ත්වය තේරුම් අරගෙන ඉදිරියට යද්දී මෙවැනි අයගේ ප්‍රතිචාර වලින් කම්පා නොවී ඉදිරියට යන්න පුළුවන් බව මා දන්නවා.

පසුගිය කාලයේ කලාකරුවෝ රැසක් දේශපාලනයට එකතු වුණා. නමුත් දේශපාලනය තුළ ඔවුන් මහා ලොකු දෙයක් කළ බව නම් පෙනෙන්නට නැහැ. ඔබත් ඒ ගොඩටම වැටෙයිද?
දේශපාලනයට පිවිසෙනවා නම් මුළු කාලයම දේශපාලනය සමග සිටිය යුතුයි. මම නම් දේශපාලනයට එන්නේ සෙසු සෑම දෙයටම, කොටින්ම කියනවා නම් කලාවට පවා දෙවැනි තැන දීලා දේශපාලනයට මුල් තැන දෙන්න. ඒ නිසා ඔබ ඔය කී ගොඩට මා නම් වැටෙන එකක් නැහැ.

ආරියවංශ කුලතිලක 

 

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ඩුබායි හිදී කැමරාව සොරාගත් කැමරා ශිල්පියා මෙන්න

පසුගියදා දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ජනාධිපතිවරයා සමඟ ලංකාවට එමින් සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ කැමරා ශිල්පියෙකු විසින් ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී කැමරාවක් සොරකම් කර තිබු පුවත මාධ්‍යයවල පුවත් මැවූ සිදුවීමක් විය.

එම කැමරා ශිල්පියා මෙරටට පැමිණීමෙන් අනතුරුව ජානාධිපති මාධ්‍යය ඒකකයෙන් ඉවත් කල බව මාධ්‍යයවල පළවුවත් ඔහු කවුරුන්ද යන්න මාධ්‍යයට හෙළි නොවුනි. බොහෝ දෙනා ඒ සම්බන්ධව ජනාධිපතිවරයාගේ නිල ජයාරූප ශිල්පී සුදත් ද සිල්වා සැකකොට ඔහුට දුරකථන ඇමතුම් ලබාදී තිබුණි.

මාධ්‍යයට වසන් වූ මෙම සොරකම කල සැබෑ පුද්ගලයා පිලිබඳ තතු සොයාගැනීමට තිස්තුන්දාහේ අපට සොයාගැනීමට හැකිවිය.


ඇමෙරිකානු ඩොලර් 2325ක් පමණ වටිනා එම වීඩියෝ කැමරාව සොරකම් කර ඇත්තේ ජනාධිපති මාධ්‍යය ඒකකයේ විජයානන්ද හේරත් විසිනි. ඔහු මෙයට පෙර සිට විදේශ සංචාරයන්හි දී කුඩා සොරකම් කිරීමට පුරුදුව සිටි අයෙකි. එහි ආසන්නතම සිදුවීම මාධ්‍යයට වාර්තා වුයේ බෙලරුස් සංචාරයේදීය.

එම සංචාරය නිමවා ජනපති ඇතුළු පිරිස මෙරටට පැමිණෙද්දී විජයානන්ද හේරත් විසින් එම රටේ නැවතුනු හෝටලයේ ඇඳෙහි ඇඳ අතුරනාවද ලංකාවට ගෙනවිත් තිබුණි. මේ සම්බන්ධව එම හෝටලයෙන් ලංකාවේ දූත පිරිසට දන්වා තිබුනත් රාජ්‍යය නායකයෙකු සමග පැමිණි පිරිසක් හෙයින් එම හෝටලයෙන් ඒ පිලිබඳ වැඩි දුර ප්‍රශ්න කිරීමට ගොස් තිබුනේ නැත.

මෙම කුඩා සොරකම් වලින් ආශ්වාදයක් විඳි විජයානන්ද හේරත් විසින් පසුගියදා 11 වනදා කෙන්යාව බලා පිටත්වූ විදේශ සංචාරයේදී ද විශාල සොරකමක් සිදු කළේය. ඒ දෙසැම්බර් මස 12 වනදා ඩුබායි බදු රහිත සාප්පු සංකීර්ණයේ විදුලි උපාංග වෙළඳසලක් තුලය. ලංකාවේ මුදලින් ලක්ෂ තුනකට අධික වටිනාකමක් ඇති එම කැමරාව විජයානන්ද හේරත් ගේ බෑගයට ඔබාගන්නා අයුරු එහි CCTV කැමරාවල සටහන්ව තිබෙන අයුරු ගුවන්තිටුපොල ආරක්ෂක අංශය විසින් සොයාගෙන ජනාධිපති මාධ්‍යය ඒකකයට දැනුම් දී තිබේ.

රාජ්‍යය නායකයෙකුගේ මාධ්‍යය අංශයේ පුද්ගලයෙකු විසින් එම සොරකම සිදුකල නිසා ජනපතිවරයාට ගරුකොට ඔහුව ආරක්ෂක අංශය විසින් නිදහස්කොට ඇත. මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔහුව තනතුරෙන් පහ කිරීම විනා දඬුවම් පැමිණවීමක් සිදුවුයේ නැත.



-සම්බන්ධිත පුවත්-
ජනාධිපති මාධ්‍ය ඒකකයේ අයෙක් කැමරාවක් සොරකම් කර හසුවෙයි

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875