ජාත්‍යන්තර විමර්ශන අවශ්‍ය නෑ - සනත් ජයසූරිය

ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේදී සිදූ බවට එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනක් අවශ්‍ය නොවන බව හිටපු ක්‍රිකට් නායක හා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අගනුවර වන තිරුවානන්තපූරම් හි මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි. 

අද (30) පෙරවරුවේ තිරුවානන්තපූරම් වෙත ගමන් කර ඇති ජයසූරිය නියෝජ්‍ය අමාත්‍යවරයා, තිරුවානන්තපූරම් මාධ්‍ය සංගමය (Thiruvananthapuram Press Club) විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරගාවලියක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි. "වාර්තමානයේදී ක්‍රියාත්මක වෙන අපේ ම නීති පද්ධතියක් අපිට තියෙන නිසා ජාත්‍යන්තර විමර්ශනක් අවශ්‍ය වෙන්නෑ. 

අප ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට සේවාවක් සිදුකර ති‍යෙනවා.රට තුළ සමස්ථ ලෙස සංවර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය සියළු දේ කරනවා. දශත තුනක් පුරා යුද්ධයක් තිබුන නිසා බොහෝ දේවල් හරියට නෑ. ඒ දේ කරන්න ලේසි නෑ," යැයි ඔහු මාධ්‍යවේදීන් ට පවසා සිටි බව ඉන්දීය මාධ්‍යවල වැඩිදුරටත් දැක්වේ. "ඕනෑම කෙනෙකුට පරීක්ෂණයක් ඉල්ලා සිටින්න පුළුවන්. 
පසුගියදා කොළඹ පැවති රාජ්‍ය නායක සමුළුවේදී සිදුවුනු දේ ඔබලා දන්නවා ඇතිනේ," යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ. ඉන්දියාව හා පවත්නා සම්බන්ධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජයසූරිය මහතා පවසා ඇත්තේ දෙරට අතර යම් ගැටළු පැණනැගුනද දෙරට අතර ඉතා යහපත් මිත්‍ර සබඳතාවයක් පවතින බවත්, ඉන්දියාව දීර්ඝකාලීන මිත්‍රයෙකු බවත් ය. 

චීනය විසින් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වලට, විශේෂයෙන් මහාමාර්ග සංවර්ධන කටයුතු සඳහා එක්ව සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ. 

(අයි.ඒ.එන්.එස් පුවත් සේවය ඇසුරෙනි)

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

ශ්‍රී ලංකාවට එරෙහි සම්බාධක - ඩේවිඩ් කැමරන්

ශ්‍රි ලංකාවේ සිදු වූ බව තියන යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක‍ෂණයක් කල යුතු බවට මෙරට පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී අවධාරණය කල බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවට එරෙහි පීඩනය තවත් දැඩි කිරීමේ මෙහෙයුමකට අත ගසා ඇතැයි එරටින් ලැඛෙන වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ ජනතාවගේ ඡන්ද ප්‍රමාණය පෙන්වමින් එරට කොටි හිතවාදීන් විසින් අගමැති කැමරන් වෙත දැනුම් දී ඇත්තේ ලබන මාර්තුවේදී ජිනීවා මානව හිමිකම් සමූලවේදී ශ්‍රී ලංකාවට මතක හිටින පාඩමක් ඉගැන්විය යුතු බවයි. 

ඒ අනුව ලබන මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව ප්‍රමාණවක් යුධ අපරාධ පරීෂණයක් සිදු නොකල බව පවසමින් ශ්‍රී ලංකාවට එරෙහි සම්බාධක පැනීමේ යෝජානාවක් බ්‍රිතාන්‍ය විසින් ගෙන ඒමට බොහෝ ඉඩ ඇතැයි රාජතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඒ හරහා ජාත්‍යන්තර යුධ අපරාධ පරීක‍ෂණයකට යොමු කිරීම බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර බලවතුන් අරමුණ කර සිටින බවද පැවසේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

මහ ඇමති සටනට - අනෝමා ෆොන්සේකා

එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහ ඇමති අපේක‍ෂිකාව ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 

පක්ෂය හෝ තමන් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැති වුවද ජනතාව අතරින් එවැනි තීරණයක් එන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව මේ සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දක්වමින් අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කලාය. 

මැද කොළඹ ප්‍රදේශයේ උපන් කාන්තාවක ලෙස තමන් කෙරෙහි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි ආකර්ක‍ෂණයක් පවතින බවද ඇය වැඩිදුරටත් කීවාය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Super Model Sri Lanka- Cat Walk Show

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

විමල් වීරවංශ හැරයෑම නිසා JVPය කෙළඋණා – ලාල් කාන්ත

විමල් වීරවංශ මහතා තම පක්ෂය හැරයෑම නිසා ජනතාව තුළ ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ තිබු විශ්වාසය අද වන විට කඩා වැටී ඇති බව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩ සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසයි. 

කැස්බෑව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන පක්ෂ කාර්යාලය පිහිටුවීමේ උත්සවයකට එක්වෙමින් ලාල්කාන්ත මහතා මේ බව පවසා ඇත. 

වීරවංශ මහතා ජවිපෙ හැරයෑම නිසා පක්ෂයක් ලෙස ජවිපෙ දුර්වල වූ බවද ඔහු පෙන්වා දී තිබේ. එම රැස්වීමේදී වැඩි දුරටත් අදහස් පල කල ලාල් කාන්ත මහතා "විමල් වීරවංශ අපෙන් ගලවගෙන ගියාට පස්සේ අපේ පක්ෂය දුර්වල වුනා. 

අප පිළිබඳ සමාජය ඇතුලේ තිබ්බ විස්වාසය බිඳ වැටුනා. ඒ විශ්වාසය අපි රැක්කනම් අද මේ ආණ්ඩුවට මේ වගේ ජනතාවට බර පටවමින් යන්න බෑ.එහෙනම් ජනතාව අපි විපක්ෂය හැටියට මේ වෙන කොට භාරගෙන ඉවරයි. 

අපිට දැන් වේදිකාවට නැගල එදා වගේ කියන්න බෑ අපිට චන්දේ දෙන්න අපේ උන් මාරු වෙන්නේ නෑ කියල."යනුවෙන් පැවසීය. තවදුරටත් අදහස් පලකල ඔහු "දයාසිරි ජයසේකර මහත්තයටත් කියන්න දෙයක් තියෙනව.දයසිරි හොඳ මිනිහෙක්. හැබයි දයාසිරි මහත්තයෝ විමල් වීරවංශ පරද්දන ප්‍රොජෙක්ට් එකට ඔයා බහින්න එපා. ඒකට ට්‍රයි කරන්න එපා. විමල් වීරවංශ පරද්දල එච්චර හොඳට කඩේ යන්න නම් දයාසිරිට හම්බ වෙන්නේ නෑ" යැයිද පවසා තිබේ. 

කෙසේ නමුත් විමල් වීරවංශ මහතා පක්ෂය හැර ගිය දින සිට මේ දක්වා ජවිපෙ නායකයින් බොහෝ විට පවසා සිටියේ තනි තනි පුද්ගල හැරයෑම් පක්ෂය දුර්වල වීමට හෝ පසුබෑමට බල නොපාන බවයි. එකල ඒ සඳහා ලයනල් බෝපගේගේ සිට උදාහරණ පෙන්වා දුන් ජවිපෙ නායකත්වය පෙන්වා දුන්නේ විමල් පක්ෂය හැරයෑමෙන් පක්ෂය තවත් පිරිසිදු වූ බවයි. 

කෙසේ නමුත් වසර ගණනාවකට පසු ලාල් කාන්ත මහතාට ඊට වඩා වෙනස් ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට සිදු වී තිබේ. ලාල් කාන්ත මහතා ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ජවිපෙ මහ ඇමති අපේක්ෂකයාද වේ. මීට ටික දිනකට පෙර ඔහු වගකීම පවරන්නේ නම් ජවිපෙ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බවද පවසා තිබිණ පෙර පුවත් ජවිපෙ නායකත්වය බාරගන්න මම සූදානම් – ලාල් කාන්ත - යටියන ප්‍රදීප් කුමාර

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

එල්ටීටීඊ මියගිය ත්‍රස්තයන් සැමරීමේ උළෙලක් ලන්ඩනයේ

බ්‍රිතාන්‍ය තුල ලොව බලගතුම ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ නායකයා ඇතුළු මියගිය ත්‍රස්තයන් සැමරීමේ උළෙලක් ලන්ඩන් නුවරදී පසුගියදා පවත්වා තිබේ.

කොටි ත්‍රස්ත නායක ප්‍රභාකරන්ගේ උපන්දිනයදා ඊනියා මහවිරු දිනය නමින් නම් කල දිනයේ මේ ත්‍රස්තවාදීන් සැමරුම සිදු කර තිබේ.මෙම කොටි ත්‍රස්ත සැමරුම ලන්ඩනයේ එක්සෙල් ශාලාවේදී පවත්වා තිබේ. 

ලන්ඩනය තුල වෙසෙන විසිරුණු දෙමළ ජනතාවගෙන් කොටසක් මේ සඳහා මූලිකත්වය ගෙන තිබිණ.එල්ටීටී ඊ ලාංචනය මෙන්ම ශ්‍රී ලංකාවේ භූමියෙන් 1/3 ක් සහ මුහුදු සීමාවෙන් 2/3ක් ඇතුලත් කර කොටි සංවිධානය විසින් දෙමළ ඊළම නමින් නිර්මාණය කර තිබූ ශ්‍රී ලංකාවේ සිතියමක විශාල අනුරුවක්ද මියගිය ත්‍රස්තවාදී නායකයන්ගේ චායාරූපද මෙහිදී ප්‍රදර්ශනය කර තිබිණ. 

දෙමළ ඊළමක් දිනාගන්නේ කෙසේද යන්න සහ ඒ සඳහා ජාත්‍යන්තර සහය ලබාගන්නා ආකාරය මෙන්ම ඉදිරි ජිනීවා මානව හිමිකම් සමුළුව හරහා ශ්‍රී ලංකා රජය අසූරුතාවයට පත් කරන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්චා වූ බව දෙමළ මාධ්‍ය වාර්ථා කරයි. බ්‍රිතාන්‍ය තුල එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස ලයිතුගත කර ඇති නමුත් එල්ටිටීඊ ක්‍රියාකාරකම් සඳහා මෙලෙස ඉඩ ලැබෙන්නේ කෙසේ දැයි එරට සිටින ශ්‍රී ලාංකිකයෝ විමතිය පල කරති.

එල්ටීටීඊය අරභයා බ්‍රිතාන්‍යයේ දෙබිඩි හැසිරීමක් පෙන්නුවත් මෙලෙසම තහනම් ත්‍රස්ත සංවිධානයක් වන තලේබාන් සංවිධානයට අදාල කිසිඳු ක්‍රියාකාරකමකට ලන්ඩන් වල ඉඩ දෙන්නේද යන්න ඔවුහු ප්‍රශ්න කරති.බ්‍රිතාන්‍ය තුල තහනම් වුවත් එල්ටීටීඊ න්‍යායාචාර්‍යවරයා වූ බාලසිංහම්ගේ බිරිඳ ඇඩෙලාද ජීවත්වන්නේ එරට තුලයි.බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේද ඔහුගේ හැසිරීම තුළින් දෙමළ බෙදුම්වාදය වෙතට ඇති නැමියාව හොඳින් ප්‍රදර්ශනය විය. 

යටියන ප්‍රදීප් කුමාර

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

මම ලංකාවේ ජනාධිපති වෙනවා - සජිත් පේ‍්‍රමදාස

තමන් යන්නේ දිග ගමනක් බවත් ඒ ගමන නවතින්නේ ජනාධිපති පුටුවේ බවත් හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

පේ‍්‍රමදාස මහතා එසේ රන්න, දික්කුඹුර මංසන්ධියේදී ඉකුන් 19 වැනිදා සවස පැවති ජනහමුවක් අමතමිනි. පාසල් ළමයින් ඇතුළු කුඩා දරුවන් පිරිසක් අතරේ ටිකිරි ළමා ගිණුම් පාස්පොත් බෙදාදීම නිමිත්තෙන් මෙම ජනහමුව පැවැත්විණි. 

පේ‍්‍රමදාස මහතා මෙසේද කීය. 'මගේ ගමන හුසේන් බෝල්ට් මීටර් 100 දුවනවා වගේ නෙවෙයි. මම යන්නේ මැරතන් ගමනක්. 

ඒ මැරතන් ගමනට මාත් එක්ක එකතුවෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ තිබෙන්නේ එජාපය සහ ශී‍්‍රලනිපය කියන දේශපාලන පක්‍ෂ දෙක පමණයි. කවුරු හිටියත් නැතත් මේ සෝඩා බෝතලේ කැඩුවා වගේ බිහිවන පක්‍ෂ පවතින්නේ කෙටි කාලයයි. ඒප ක්‍ෂ පස්සේ ගිහින් අමාරුවේ වැටෙන්න එපා. එදා රාජාලියාගේ පක්‍ෂයක් බිහිවුණා. 

අද ඒ පක්‍ෂය නැතිවෙලා ගිහින්. ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තරයේ අවධානයට ලක්වෙන විට මේ රට තුළ ලොකු පෙරැළියක් ඇතිවේ යැයි බොහෝ අය සිතුවා. රටේ ජනතාවට සහන ලැෙබිවි යැයි බලාපොරොත්තු වුණා. නමුත් අද ජනතාව අන්ත දුගී බවට පත්වී එදා වේල පිරිමහගන්න බැරි තත්ත්වයට පත්වී එදා වේල පිරිමහගන්න බැරි නන්නත්තාර වෙලා වෙලා. 

එංලගන්තයේ ඔටුන්න හිමි චාල්සි කුමාරයා ඇවිල්ල රජ මැදුරේ ඉඳන් උපන් දින කේක් කැපුවාම රටේ ජනතාවට කේක් බිඳක්වත් ලැබුණාද? රටේ ජනතාවට හුල්ල හුල්ලා බලා ගෙන ඉන්නයි සිද්ධවෙලා තිබෙන්නේ. බොහෝ දෙනෙක් රටට නව උදාවක් පමග අලූත් බලවේගයක් බලාපොරොත්තු වෙනවා. වෙනවා. ඒ සඳහා ශක්තිය ලබාදෙන්න එජාපය සුදානම්. ඊට ජනතා ශක්තිය අන්‍යවශ්‍යයි. 

රටේ වගකීමත් මහා භාණ්ඩාගාරයේ බලයත් සජිත් පේ‍්‍රමදාසට ලැබුණොත් එදා පටන් රටේ ජනතාවගේ බඩ කට පුරවන කාර්ය ආරම්භ කරනවා. බඩ කට පුරවන කොළ පාට අලියගේ යුගයක් දැන් රටට අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා ජනතාව අප වටා ඒකරාශී වෙන්න ඕනෑ'

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

රංජන් අර්ජුනගේ ඔළුව පැළෙන්න පොල් ගෝනියකින් ගහලාලු

පසුගිය දවසක කවුදො කෙනෙක් අර්ජුන කමලනාත්ගේ ඔළුව පැළෙන්න පොල් ගෝනියකින් ගහලා කියලා අපිට ආරංචි වුණා. ඇඟපත තියෙන අර්ජුනට ඒ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් ඒ වගේම ඇඟපත තියෙන කෙනෙක්ටනේ. ප්‍රහාරකයා තමයි රංජන් රාමනායක. 

කොහොමහරි ප්‍රහාරයේ තරම කොච්චරද කියනවා නම් අර්ජුනගේ නළල පැළිලා මැහුම් දාන්නත් සිද්ධ වුණා. ෂූටින් දවස් තුනකට කැන්සල් වුණා. හැමෝම හිතුවේ රංජන් මේ වැඩේ කළේ හිතාමතාමයි කියලා. අර්ජුනටත් ඒ ගැන කියල නිතර දුරකතන ඇමැතුම් ලැබිලා තිබුණා.

"රජ හොරු" චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර තමයි මේ පොල් ප්‍රහාරය සිද්ධවුණේ. කොහොම වුණත් රංජන්නේ දන්නේ වුණේ මොකක්ද කියලා. තමන්ගේ නිර්දෝෂී බව පෙන්වන්න රංජන් ඒ සීන් එක ආයෙත් ස්ලෝමෝෂන් බලන්න සැලැස්සුවා. ඇත්තටම වෙලා තිබුණේ මේකයි.


රජ හොරු ෆිල්ම් එකේ අර්ජුනට රංජන් පොල් ගෝනියකින් ගහන සීන් එකක් තිබිලා තියෙනවා. මේ සීන් එක ෂූට් කරද්දි ප්‍රහාරය වළක්වන්න කියලා අර්ජුන අතට ගත්ත ලෑල්ලේ තිබුණ ඇණයක් නළලේ වැදිලා තමයි මේ අනතුර සිද්ධ වුණේ.

ස්ලෝමෝෂන්වලට පින් සිද්ධ වෙන්න රංජන් ඔළුව බේරගත්තත් අර්ජුනට නම් ඔළුව බේරගන්න බැරි වුණා. ඔළු පලාගත්තට මේ දෙන්නම දැන් හොඳ යාළුවෝලු.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

නිවැරදි බුදුන් උපත වසර 100ක් ආපස්සට

විකිරණ කාබන් පරීක්ෂාවෙන් සිදුහත් කුමරු උපන් කාලය ගැන සිදු කර ඇති පර්යේෂණය අනුව මේතාක් අනුමාන කළ වර්ෂයට වඩා අවුරුදු 100 කට පමණ පෙර බුද්ධ උත්පත්තිය සිදුව ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

විදෙස් වාර්තා අනුව නේපාලයේ සිදු කළ පුරාවිද්‍යා කැනීම් වලදී මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහිකළ ලූම්බිණි සල්ගස පිහිටි ස්ථානය අනාවරණය කරගෙන තිබෙන අතර බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය රොබට් කොනින්හැම් ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසක් මේ කැනීම් මෙහෙයවා තිබෙනවා.

ඇති  ඔවුන් පවසන්නේ මෙතෙක් ලොව හමු වූ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය මෙය බවයි. ක්‍රිස්තු පූර්ව හයවන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැති වීමෙන් එය සල් ගස ආවරණය කළ සැකිල්ල ලෙස විද්‍යාඥයින් සැක පහළ කළා. 

ලූම්බිණියේ වර්තමානයේ පිහිටි මායාදේවි විහාරයේ තිබී විහාරගෙයක් වැනි ලී ආකෘතිය ඔස්සේ සිදු කළ කැනීම් වලදී මෙය හමුවී තිබුණා. මහාමායා දේවිය සල් ගසක් අසල සිදුහත් කුමරුට උපත ලබාදීම පිළිබඳ කතා පුවත හා සැසඳීමේදී එම ගස වටා බැඳි ලී ආකෘතිය මෙය බවට පුරා විද්‍යාඥයන් අනුමාන කළා.

එම කතා පුවත සමග මෙය බෙහෙවින් සමාන බවත් සල් ගස වටා බඳින ලද වහළක් රහිත බෝධිඝරයක් වැනි ලී ආකෘතියක් ඇති බවත් ඒ වටා
මායාදේවි විහාරය ඉදිකර ඇති බවටත් සැක පළකරන බවත් කියැවුණා.

බුදුරජාණන් වහන්සේ විසූ බවට සැළකෙන්නේ ක්‍රි.පූ. 623 වන යුගයේ වුවද මෙය සොයාගැනීමත් සමග එය තවදුරටත් අතීතයට දිවයන බව කියැවුණා.

මේ ගැන අදහස් දැක්වූ මහාචාර්ය කොනින්හැම් ලුම්බිණියේ සිදුහත් කුමරු ඉපදුණේ යයි සැලකෙන මායාදේවී  විහාර භූමියේ ගසක් ආවරණය කරමින් ඉදි කර තිබූ ලී සහ ගඩොල් වලින් සැදි  විහාර ආකෘතියක් සොයා ගැනීමට තම පර්යේෂණයේදී හැකි වූ බවද විකිරණශීලී කාබන් සමස්ථානික පර්යේෂණයකට අනුව ක්‍රි.පූ. හයවැනි සියවසට අයත් බවට ස්ථිර වශයෙන්ම තහවුරු කර ගැනීමට හැකි වූ බවද කියා සිටියා. 

මේ පිළිබඳව තමන් පුරාවිද්‍යා පර්යේෂණ පත්‍රිකාවක් පළ කළ බවත පෙරේදා බ්‍රිතාන්‍යයේදී මුල් වරට මාධ්‍ය වෙත අනාවරණය කළ බවත් කියා සිටියා.

විද්‍යාත්මක ලෝකය තුළ බුදුන් වහන්සේගේ ජීවත්ව සිටි කාලය ක්‍රි.පූ 3 - 4 සියවස්වලද නැතිනම් 6 වැනි සියවසේද යන්න පිළිබඳව මතවාද තිබුණ නමුත් ස්ථිරව බෞද්ධ විහාරස්ථාන ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ සිට තිඛෙන බව මෙමගින් අනාවරණය වන බව ඔහු කියනවා.

අප පසුගිය කාලය තිස්සේ නේපාලයට අයත් ලුම්බිණියේ මායාදේවී විහාරයේ කැණීම් කළා. මෙම විහාරය ක්‍රි.පූ 229 දී අශෝක අධිරාජ්‍යයා විසින් කරවන ලද්දක්. එහි මීටර දෙකක් යටින් දැනට  පවතින විහාරයට බොහෝ දුරට සමාන ආකෘතියක් අපට හඳුනා ගත හැකි වුණා. 

එය ගල් සහ ලී වලින් කළ එකක්. අපට පැහැදිලි වුණා මෙම ආකෘතිය විහාරයක බව. ඒ වගේම එය යම් වෘක්ෂයක් ආවරණය කරමින් නිර්මාණය කර ඇති බව. අශෝක අධිරාජ්‍යයා නව මායා දේවී විහාරය ඉදි කර තිබෙන්නේ එම විහාරයට උඩින්.

නේපාල පුරාවිද්‍යාඥයන් විසින් සලකනු ලබන්නේ මායා දේවී විහාරය ලුම්බිණි සල් උයනේ දී මහාමායා දේවීය විසින් සිදුහත් කුමරුන් බිහි කළ ස්ථානය ලෙසයි. මෙම නව සොයා ගැනීම් ආශ්‍රිතව වෘක්ෂයක් තිබිම මගින්ද එය ගැන යම් මතයකට අපට එළැඹිය හැකි වුණා.

මෙම විහාරය බෝධි ඝරයක ලක්ෂණ පෙන්නුම් කරන බවත් පියස්සක් නොමැති විවෘත ආකාරයකට තිබූ බවට සලකුණු පවතින බවත් ඔහු කිව්වා.

මෙම පර්යේෂණය යුනෙස්කෝ සංවිධානයේ සහ ජපාන රජයේ ආධාර මත ක්‍රියාත්මක කරනු ලබන එකක් බවත් සෑම විටෙකම බැතිමතුන්ගෙන් පිරී ඇති මෙම සිද්ධස්ථානයේ කැණීම් සිදු කිරීම මහත් අභියෝගයක් වූ බවත් ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධ මායාදේවි විහාරයේ කැණීම් කළ කොටසේ ඡායාරූප පහතින්. පර්යේෂණය ගැන නැෂනල් ජියොග්‍රැෆික් වීඩියෝව ඊටත් පහතින්






පර්යේෂණය ගැන නැෂනල් ජියොග්‍රැෆික් වීඩියෝව පහතින්

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

අති සංවේදී උපත් පාලන කොපුවක් මෙන්න

ග්රෆීඒන් (Graphene) ඉතා විශ්මිත ගුණාංග වලින් සමන්විත ද්‍රව්‍යයක් සේ සැලකේ. මෙම ද්‍රව්‍යය යොදා උපත් පාලන කොපු නිෂ්පාදනය කල හැකි දැයි පර්යේෂණ කිරීම සඳහා බිල් ගේට්ස් සහ බිලින්ඩා ගේට්ස් විසින් ඩොලර් ලක්ෂයක් බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටේර් හි පිහිටි ජාතික ග්රෆීඒන් පර්යේෂණ මධ්‍යස්ථානය වෙත ලබාදී තිබේ.

ග්රෆීඒන් ඉතා ශක්තිමත් සහ සංවේදී ද්‍රව්‍යයක් සේ හඳුනාගෙන ඇත.මෙම ද්‍රව්‍යය සොයාගත් මැන්චෙස්ටේර් විශ්ව විද්‍යාලයේ ශ්‍රීමත් ආන්ද්රේ ගෙඉම් සහ ශ්‍රීමත් කොස්තයා නොවෙසොලොවේ වෙත 2010 වසරේ නොබෙල් ත්‍යාගය හිමිවිය.


මෙම ද්‍රව්‍යය සහ රබර් මිශ්‍ර කොට නිෂ්පාදනය කෙරෙන උපත් පලාන කොපු ලිංගික හැසිරීම වඩාත් ප්‍රිය ජනක කරන හෙයින් කෙරෙන ඒ තුලින් වඩාත් යහපත් ලිංගික සෞඛයයක් ඇති කර ගැනීමට පිටිවහලක් ලැබෙන බවයිඒ පිළිබඳව පර්යේෂණ පවත්වන ආචාර්ය අරවින්ද් විජයරාගවන් කියා සිටියේ.

දැනට තිබෙන තත්වයන් යටතේ ග්රෆීඒන් මිල අධිකයි. ඒ නිසා පහසු මිලට කොන්ඩම් සහ නිෂ්පාදනය කරන්න අමාරුයි.එත් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙනවා නම් මිල පහත වැටෙන්න පුළුවන් යැයි ආචාර්ය අරවින්ද් විජයරාගවන් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997

කොළඹ බල්ලන් අනුරාධපුරයට යවයි

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වෙනුවෙන් කොළඹ අලංකරණය කිරීමේ වැඩ සටහනට සමගාමීව කොළඹ නගරයේ නිදැල්සිටියදී අල්ලාගත් සුනඛයින් 219 දෙනෙකු අනුරාධපුරයට රැගෙන ගොස් නිදහස් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. 

එම සුනඛයන්ගෙන් 138 දෙනෙක් බොරැල්ල මැගසින් පාරේ පිහිටි සුනඛ ඝාතකාගාරයේ රදවා ඇති අතර සෙසු සුනඛයින් 81 දෙනා දෙමටගොඩ පිහිටි මස් මඩුවේ රදවා ඇත. 

එම සුනඛයන්ව ඔවුන් සිටි ස්ථානවලට රැගෙන ගොස් නිදහස් කරන්නැයි බලකරමින් දෙමටගොඩ මස්මඩුව අසලට 22 වෙනිදා රැස්වූ සත්ත්ව අවිහිංසා සංවිධාන කිහිපයකම සාමාජිකාවන් පැය 03 ක් පුරාවට විරෝධතාවක් ද දක්වා තිබිණි. 

ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ බිරිද අයිරාංගනී ද සිල්වා මහත්මිය ඊට නායකත්වය දී තිබීම විශේෂිතය. සත්ත්ව මිත‍්‍ර සංවිධානය, සත්ත්ව සුභ සාධන කාර්යාංශය, සත්ත්ව ආරක්‍ෂණ සංවිධානය යන සංවිධාන එම උද්ඝෝෂණයට සම්බන්ධ වී සිට ඇති අතර ඔවුන්ගේ එකම හඩ වී ඇත්තේ සිරකරගෙන සිටින සියළුම සුනඛයන් නිදහස්කරන ලෙසය. 

නිදහස් කළ යුත්ත්තේද ඔවුන් අල්ලාගත් ස්ථානවලට මිස අළුත් පරිසරයකට නොවන බවද එහිදී ඔවුහු අවධාරණය කර තිබේ. පරිසරය තුළණය කිරීම කළ යුත්තේ ස්වාභාව ධර්මයෙන් මිස මේ ආකාරයට සතුන් අල්ලාගෙන ගොස් කැළෑවකට අතහැරීම නොවන බවද උද්ඝෝෂකයන් පවසා ඇත.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

මට රසට උයන්න පුළුවන් Sheryl Romen Decker

ජනප්‍රිය නිළි ෂෙරිල් රොමේන් ඩෙකර්ව පහුගිය දවස්වල අපිට වැඩිය දකින්න ලැබුනේ නැනේ.ඒ අතරේදී ආරංචියකුත් ආවා ෂෙරිල් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා.

ඒ කතාවේ ඇත්ත නැත්ත නම් මීට ටික දවසකට කලින් හිරු ගොසිප් තුලින් අපි ඔබට හෙළි කලා.කොහොමවුනත් ෂෙරිල් මේ දවස්වල රඟපෑමට වඩා බිස්නස් වලටයි හිත යොමු කරලා තියෙන්නේ.කාලයක් තිස්සේ ඇගේ හිතේ තිබුණු ලොකු ආසාවක් තමයි saloon එකක් දාන එක.

මේ දවස් වල ශේරිල්ගේ saloon එක හදනවලු.හැබැයි ලබන අවුරුද්ද වෙද්දී ආපහු රඟපෑමට එනවා කියලයි ඇය කියන්නේ.මේ වෙද්දීත් ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා කරලලු තියෙන්නේ.මේ දේවල් කතා කරන අතරේදී මීට කලින් කාටවත්ම කියපු නැති කතාවකුත් ෂෙරිල් අපිත් එක්ක කිව්වා.

ප්‍රශ්නය -:
ෂෙරිල් ජනප්‍රිය වුනාට පස්සේ ගණන් උස්සනවද ?
ෂෙරිල් -:
මෙහෙමයි අපිට හරි ස්ටෑන්ඩ් එකක් අපි හදාගත්තානම් ඒකියන්නේ අපි නියමිත කරන ගානට වඩා වැඩ කරනවානම් ඒගොල්ලන්ගේ පැත්තෙනුත් අපිට සාධාරණයක් වෙන්න ඕනේ.
මේ දේ කව්රුත් කතා කරන්නේ නැ.මම කොහොමත් ඩිමාන්ඩ් කරනවා.මොකද මං දන්නවා මට වටිනා කමක් තියෙනවා කියලා.ඒක නිසා තමයි මං ඩිමාන්ඩ් කරන්නේ.ඒකියන්නේ මං ගණන් පස්සෙම දුවන්නේ නැ.ඒ නාට්‍යට හෝ film එකට මගෙන් වෙන්න ඕන සාධාරණත්වය මං ඉටු කරනකොට ඒගොල්ලන්ගේ පැත්තෙනුත් සාධාරණයක් වෙනවනම් එතකොට අපි දෙගොල්ලොම සතුටින්නේ.ඔය දේවල් නිසා තමයි පහුගිය කාලේ සමහර නිෂ්පාදකයෝ එක්ක ගැටුම් ඇතිවුනේ.

ප්‍රශ්නය -:
රුවන් හෙට්ටිආරච්චි රැවටුණු තරම් සින්දුව කිව්වේ ෂෙරිල්ටද?
ෂෙරිල් -:
නැ නැ ..ඒක මං වෙනුවෙන් මොකටද කියන්නේ?රුවන්ට එක්තරා company එකකින් තමයි ආරාධනා කලේ ඔය සින්දුව කියන්න.මුලින් එයා කැමති වුනෙත් නැ ඒකට.කවුරුහරි සින්දුවක් එව්වොත් අනිවාර්යයෙන්ම රුවන් ඒකෙ වචන බලනවා.සිංදුවකින් දෙන්නෙක් වෙන්කරනවා කියන්නේ නම් මාර පිස්සුවක්.ඒක බොරුවක්.රුවනුයි මමයි marry කරපු අලුතනේ ඔය සින්දුව කලේ.ඒ නිසා තමයි ඔහොම කියන්නේ.රුවන් මොඩත් නැ.මම මොඩත් නැ.ඩිවෝස් වෙන්න ඕන නම් අපි කසාද නොබැඳ ඉන්නවනේ.ඕවා ඉතින් ඔය නිකම්මු කියන කතා.

ප්‍රශ්නය -:
රුවන්ගේ සිංදුවල දැන් ඔයාමද ඉන්නේ?

ෂෙරිල් -:
සීත මාරුතේ සින්දුවේනේ මං මුලින්ම හිටියේ.ඊට පස්සේ රුවන් මට ආලෙන් වෙලී සින්දුවට කතා කලාට මං බැ බැ කියා කියා හිටියේ.එයා ආස ඇතිනේ එයාගේ සින්දුවක මං ඉන්නවට.එයාගේ හිත රිද්දන්න බැනේ මං එයාට ආදරෙනේ.ඒනිසා අන්තිමට මං ඒකට ගියා.හැබැයි එයාගේ සින්දුවලට මාවම ගන්න ඕනේ කියලා එකක් නැ.හැබැයි මං රුවන්ට කියලා තියෙන්නේ දෙයකට කාවහරි ගන්නවනම් හොඳට බලලා ගන්න කියලා. හැබැයි රැවටුණු තරම් වීඩියෝ එක ගැනනම් මං දන්නෙ නැ. මොකද ඒක කලේ වෙන කට්ටියක්නේ. මං සින්දුවක විෂුවල් එකකට ගියත් හොඳට බලලා යන්නේ.

ප්‍රශ්නය -:
ඔය දෙන්නා පෙම්වතුන් වුනෙත් සින්දුවක් නිසා නේද?

ෂෙරිල් -:
ඔව්. රුවන්ගේ නොදැක ඉන්න බැ සින්දුව නිසා තමයි අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තේ. එක දවසක් මං shooting ඉවරවෙලා ගෙදර එද්දී අම්මා tv එක බල බල හිටියා. මං හිටියේ call එකක. එවෙලාවේ tv එකේ ඔය සින්දුව ගියා. අම්මයි මමයි කතාවුනා සින්දුව ලස්සනයි නේද කියලා. ඒවෙලාවේ මට හිතුනා රුවන්ට කතා කරන්න ඕනේ කියලා. අම්මටත් පුදුමයි. මොකද මං එහෙම කාටවත් call කරන්නේ නැ. මං මගේ පාඩුවේ ඉන්න ටිකක් අමුතු කෙනෙක්. ඒකනේ හැමෝම මට කියන්නේ හරි ලොකු සීන් එයාගේ කියලා. මගේ මුනටත් එහෙම කියලා තියෙනවා. මොනා කරන්නද. ඒක මගේ හැටි. කොහොම හරි මං රුවන්ගේ number එක හොයාගෙන එයාට කතා කරලා wish කළා. ඒක වෙලා සති දෙකකට විතර පස්සේ තමයි රුවන් මට සීත මාරුතේ විෂුවල් එකට කතා කලේ. මං මුලින් බැ කිව්වා. දෙවෙනි පාරට කතා කරපු දවසේ දවල් එකේ ඉඳන් රැ අට වෙනකම් අපි කතා කලා. එදා තමයි අපේ love story එක පටන් ගත්තේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා එතකොට මට පෙම්වතෙක් හිටියා. එයා හිටියේ ලංකාවේ නෙමේ. අපි chat කරනවා call කරනවා විතරයි. ඉතින් මං රුවනට කිව්වා ඒ ගැන. රුවන් ගත් කටටම කිව්වේ ඕක හරියන්නෑ ෂෙරිල් කියලා. මං පුදුම උනා. මොකද අපේ අම්මත් කිව්වේ ඔය කතාවමයි. මොකද එයා එහෙ මං මෙහෙ. මට හරියට ආදරේ කරන කෙනෙක්. මං ගාව ඉන්න කෙනෙක්නේ වෙන්න ඕනේ. දුර ඉන්න කෙනෙක් වෙන්න බැනේ. අම්මා උනත් කිව්වේ එකයි. අපි කාව උනත් අඳුරගන්නේ කතා බහ කරලා, ආශ්‍රය කරලනේ. අඩුතරමින් මං එයාව දැකලවත් නැ. fb එකේ chat කරලා තමයි එයාව හම්බවුනේ. දන්නැද්ද අපි ඔක්කොම කෙල්ලොනේ. ඔය වගේ දේවල් වෙනවනේ. හැබැයි මං අම්මට හැමදේම කියනවා. අම්මා එච්චර කැ මතිවුනේ නැ. නිකන් එයා එක්ක කතා කලා විතරයි. එහෙම ගොඩාක් ආදරයක් හිතුනේ නැ. කොහොමත් මං දන්නවා එක වෙන්නේ නැ කියලා. රුවනට තමයි ආදරේ ඇතිවුනේ. ඉතින් ඊට පස්සේ මං කිව්වා අම්මගෙන් ඇවිත් අහන්න කියලා. මෙයා ආවා. අපේ අම්මා ගත්ත කටටම කිව්වේ ෂෙරිල් ව බාරගන්න පුළුවන් නම් ඔයා බාරගන්න. මෙයා හරිම වසයි කියලා. රුවන් කැමති වුනා. මං ගැනු ළමයෙක්නේ. මං ආස නැ කාගෙන්වත් කතා අහන්න. ඒනිසා මං කැමතිවුනේ නැ එයත් එක්ක වැඩිය එලියට යන්න. මං කෙලින්ම කිව්වා රුවන් අපි marry කරමු. අපි දෙන්නම එකම ක්ෂේත්‍රයේ නිසා ඒක අපි දෙන්නටම හොඳයි කියලා.

ප්‍රශ්නය -:
ෂෙරිල්, රුවන් විතරක් වෙන්න බැ ඔයාගෙන් යාලුවෙන්න ඇහුවේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන්?

ෂෙරිල් -:
ඔව් ඉතින්. බොරු කියන්න බැනේ. ගොඩක් ලැබුනා. මං ගොඩක් ආගමත් එක්ක ඉන්න කෙනෙක්. මම හැමදේම පටන් ගන්නේ, හැමදේම කියන්නේ, මට මේදේවල් දීලා තියෙන්නෙත් දෙවියන් වහන්සේ. ඉතින් මට තේරෙනවා දෙයක් මට හරි යන්නේ නැත්තන්. ඒකනේ මං කිව්වේ ඇර රට ඉන්න කෙනා මට හරියන්නෑ. අපේ අම්මත් කිව්වනේ. අම්මා කෙනෙක් කියනවා කියන්නේ හරිම තමා.

ප්‍රශ්නය -:
ෂෙරිල් ආරංචි අපිට ඔයා රසට උයනවා කියලා?

ෂෙරිල් -:
ඔව් මට උයන්න පුළුවන්. මට වයස 16 දි තමයි මං උයන්න ඉගෙන ගත්තේ. මං උයලා දෙන ඕන දෙයක් කන්න රුවන් කැමතියි. මං උයන්න හරි ආසයි. හැබැයි මං පොල් ගාන්න නම් ආස නැ. කම්මැලි වෙනකොට මං රුවන්ට කියනවා, අනේ බබා පොල් ටිකක් ගාලා දෙන්න කියලා. අනේ එයා කරනවා. රුවන් මට මාර විදිහට ආදරෙයි. මමත් එහෙමයි. අපි දෙන්නා ආදරෙන් ජොලියේ ඉන්නවා.












IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

අයවැය බදු වලින් භාණ්ඩ රැසක මිල ඉහළ ගිය හැටි

මෙවර අයවැය ප්‍රකාශය අනුව ඊයේ(22) සිට අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රැසක මිල ඉහළ දමා තිබෙනවා. අයවැය ප්‍රකාශයේදී කළේ සෙස් බද්ධ හා අනෙකුත් බදු වල ඉහළයාම ගැන සඳහනක් මිස භාණ්ඩ එකින් එක නම් කර ඒවා ඉහළ යන බවට සඳහනක් නොවූ නිසා මෙම භාණ්ඩ මිල ඉහළයාම ගැන පාරිභෝගිකයින්ට එකවර තේරුනේ නැත.

නව බදු අනුව සීනි, පරිප්පු, හාල්මැස්සන්, ලූනු ඇතුළු සිය ගණනක් ආනයනික පාරිභෝගික භාණ්ඩ වර්ග රැසක මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. විපක්ෂය කියන්නේ චොගම් වියදම් පියවන්න ජනතාව පිටින් මේ බදු බර යවා ඇති බවකි.

මෙවර අයවැයෙන් වැඩි කළ ආනයනික භාණ්ඩ මත අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ සිට ක්‍රියාත්මක වූ අතර එම බදු සංශෝධන අනුව ආනයනික බදු වැඩි කර තිබෙනවා. වැඩිවන මිල ගණන්  කිහිපයක් කිලෝ ග්‍රෑමයකට රුපියල් වලින් පහත පරිදිය.

(කිලෝ ග්‍රෑමයකට  රුපියල්)
සීනි                    30
පරිප්පු                22
හාල් මැස්සන්        26
ටින් මාලු             102
උම්බලකඩ           302
අනෙකුත් කරවල    102
ෆාම් තෙල්            110
යෝගට්               625
වෙඩරු               880
මාජරින්               175
කොත්තමල්ලි     202
දොඩම්                35
මිදි                    130
මිරිස්  කුඩු            150
කහ කුඩු               510

මීට අමතරව මුං ඇට, කඩල, රට කජු, ලුණු , බටර් ,අබ, සුදුරු, මහදුරු, කහ, පාන් පිටි, චීස්, මී කිරි,එළවළු වර්ග මෙන් ම ඇපල් හා ජමනාරන් හැර පළතුරු වර්ග ගණනාවක් හා පළතුරු යුෂ සඳහාද ආනයනික චොකලට්, රසකැවිලි, සොසේජස් හා සැකසු ආහාර, විනාකිරී, සෝස්, සුප්, අයිස්ක්‍රීම්, කෝපි, ගම්මිරිස් , වැනිලා, වැනි ආහාර ද්‍රව්‍ය සඳහා ද සෙස් බදු ඉහළ දමා තිබේ.

සබන් හා සේදුම් දියර වර්ග, මුදුරු දගර ,ඉටිපන්දම්, බැටරි, සනීපාරක්ෂක තුවා, ගෝස් ආදියේ ද සෙස් බදු මෙවර අයවැයෙන් වැඩි කර තිබෙන අතර ආනයනික පෝට්ලන්ඩ් සිමෙන්ති, තීන්ත හා වාර්නිෂ්, වානේ නිෂ්පාදන, ඇළුමිනියම් බට හා පොලු, ඉබි, අගුල්  සරනේරු , ගෘහ භාණ්ඩ, රබර් නිෂ්පාදන හා නිෂ්පාදන යන්ත්‍ර සඳහා ද මෙම බදු වැඩිවිම් අදාළය.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6135997